Thursday, February 1, 2018

බුදුන් උපන්නේ ලංකාවේ කියනා මීවනපලානේ සිරිධම්මාලංකාර ධර්මය විකෘති කරන අයුරු

ධර්මයේ නොමැති සං දේශනාවක් පතුරවමින් කිසිදාක ධර්මය ප්‍රායෝගිකව වඩා නොමැති නාමික බෞද්ධයන් රවටා ධර්මය විකෘති කරන මීවනපලානේ සිරිධම්මාලංකාර නම් චිවරදාරි NGO කාරයා ධර්ම කරුණු විකෘති කරන අයුරු ඒ ඒ ධර්ම කරුණ සහිත සුත්‍ර දේශනා වලට අනුව විග්‍රහ කරමින් ලිපි පෙළක් trekmentor.com වෙබ් අඩවියේ පල කර තිබෙනවා. මීවනපලානේ කියන විකෘති ධර්මයත් එය ධර්මය සඳහන් වෙන නිවැරදි ආකාරයත් පහත ලින්ක් වලින් කියවන්න.




(1). මීවනපලානේ පචෝරිස් හිමි සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට මුසාවක් විස්තර කරන ආකාරය දැක්වෙනවා.
පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහාවග්ගයේ මහාසතිපට්ඨාන සූත්‍රයේ (496 පිටුව) ධ්‍යාන පිළිබඳව සදහන්ව ඇති ආකාරය:
කතමො ච භික්ඛවෙ සම්මාසමාධි? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්කන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ සම්මාසමාධි.
( 1 ) ලිපිය කියවීමට click කරන්න ---> මීවනපලානේ පචෝරිස් හිමි සතර සතිපට්ඨාන දේශනාවේ ධ්‍යාන ලැබීමක් ගැන සඳහන්ව නැති බවට මුසාවක් දෙසීම




(2). පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මුසාවක් පවසන ආකාරය ඉහත වීඩියෝවේ විනාඩි 1යි තත්පර 11න් පමණ ඉදිරියට ආසන්නයේ දැක්වෙනවා. බුදුරජානන් වහන්සේ දේශනා කළ පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා දැක්වෙනවා. සංඥා අඩංගු වන්නේ නාම ධර්මයන්ට. බුදුරජානන් වහන්සේ පටිච්චසමුප්පාදය බෙදා දක්වා ඇති ආකාරය සඳහන් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ නිදාන වග්ගයේ අභිසමයසංයුත්තයේ බුද්ධ වග්ගයේ ඇති විභඞ්‌ග සූත්‍රයේ නාම ධර්මයන් මෙලෙස විස්තර වී තිබෙනවා:
පාළි:
කතමඤ්ච භික්ඛවෙ නාමරූපං? වෙදනා සඤ්ඤා චෙතනා ඵස්සො මනසිකාරො, ඉදං වුච්චති නාමං. චත්තාරො ච මහාභූතා, චතුන්නං ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං, ඉදං වුච්චති භික්ඛවෙ, නාමරූපං.
සිංහල පරිවර්තනය:
මහණෙනි, නාමරූප කවරේ ද? වේදනා ය, සංඥා ය, චේතනා ය, ස්පර්ශ ය, මනස්කාර ය යන මෙය නාම ය යි කියනු ලැබේ. සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මෙය රූප ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමය ද රූපය ද යන මේ නාමරූප ය යි කියනු ලැබේ.
(2) ලිපිය කියවීමට click කරන්න---> පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි මුසාවක් දෙසීම




(3). මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි මීවනපලානේ පචෝරිස් හිමි පවසන ආකාරය ඉහත වීඩියෝවේ විනාඩි 5යි තත්පර 5න් පමණ ඉදිරියට ආසන්නයේ දැක්වෙනවා. එහිමියන් ඒ පවසන්නේ මුසාවක්.
පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ ගහපතිවග්ගයේ ඇති ජීවක සූත්‍රයෙන් කොටසක්:
ජීවකය, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වාස කෙරෙයි. හේ මෙත් සහගිය සිතින් එක් දිගක් පැහැස විහරණ කෙරෙයි. එසෙයින් මැ දෙවැනි දිග ද එසෙයින් මැ තෙවනි දිග ද එසෙයින් මැ හතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාද වූ මෙත් සහගිය සිතින් පැහැසැගෙන විහාර කෙරෙයි. තුලුන් කරා ගැහැවියෙක් හෝ ගැහැවිදරුවෙක් හෝ එළඹ සෙට බතින් නිමන්ත්‍රණ කෙරෙයි. ජීවකය, ඒ මහණ කැමැත්තේ මැ අධිවාසනා කෙරෙයි. හෙ එ රැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන එ ගැහැවියාගේ හෝ ගැහැවි දරුවාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැනවූ අස්නෙහි හිඳියි. එ ගැහැවියා හෝ ගැහැවිදරුවා හෝ තුලුන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් වළඳවයි. උහුට මෙවන් සිතෙක් නො වෙයි: ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවා නම් මැනැවැ.’ ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ මතුයෙහි මෙවන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් මනා මැ නු’ යි. මෙ බඳු සිතෙකුදු නො වෙයි. හේ ඒ පිණඩපාතය ග්‍රථිත නො වී මූර්ඡිත නො වී නො ගිජු වී ආදීනව දක්නාසුලු වැ නිස්සරණ ප්‍රඥා ඇති වැ වළඳ කෙරෙයි. ජීවකය, එ කිමැ’යි හඟිහි එ මහණ එ සමයෙහි ආත්මව්‍යාබාධය පිණිස හෝ සිතන්නේවේ ද? පරව්‍යාබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? (මෙසේ ) උභයව්‍යබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ. ජීවකය, මහණ එ සමයෙහි අනවද්‍ය වූ මැ අහර වළඳන්නේ නො? වහන්ස, එසේ යැ. වහන්ස, බ්‍රහ්ම තෙම මෛත්‍රීවිහාර ඇතියෙකැ’යි තෙල මා විසින් අසනලදි. වහන්ස, ඒ ශ්‍රැතය නම් මාවිසින් භාග්‍යවතුන් වහන්සේ සාක්ෂ්‍යවශයෙන් දක්නාලදහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි මෛත්‍රීවිහරණ ඇතිසේක. ජීවකය, යම් රාගයෙකින් යම් ද්වෙෂයකින් යම් මෝහයෙකින් ව්‍යාපාද ඇතියෙක් වේ ද එ රාගය එ ද්වෙෂය එ මෝහය තථාගතයන්හට පුහුන් වේ, උසුන්මුල් වේ, මුදුන්සුන් තලක් සෙයින් අවස්තුක කරන ලද වේ. කළ අභාව ඇති වේ. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියනලද නම් තාගේ තෙල බස් අනුදනිමි’යි. වහන්ස, තෙල සඳහා මැ මා විසින් කියනලදැ’යි.
read more ››

Saturday, January 13, 2018

මරණය පාලනය කිරීම හා දිර්ඝායුෂ ලබන භාවනා


මරණය කියන්නේ කොයි කවුරු උනත් අසරණ වෙන අවස්තාව. මරණය ගැන කතාකරනකොට ගොඩක් අයට හිතෙන්න පුළුවන් මැරෙන්න තව කල් තියෙනවනේ අපි මොකටද මේ ගැන කල්පනා කරන්නේ කියලා. හැබැයි අද කාලේ ඕනතරම් පොඩි ළමයි පවා මරණයට පත්වෙනවා. නොහිතන හේතු වලට නොහිතන කාල වලදී අනපේක්ෂිත මරණ සිද්ද වෙනවා. ඒ නිසා පොඩි ළමයින්ගේ ඉදලා තරුණ මහලු හැමෝම මරණයට සුදානම් වීම හොද දෙයක්. අනපේක්ෂිත මරණ කොහොම උනත් සාමාන්‍ය විදියට මරණයට පත්වෙන අයත් මරණය ඉදිරියේ අන්ත අසරණ වෙන බවක් තමා මේ කාලේ දකින්න ලැබෙන්නේ. ඒ වගේම ඉතා කෙටි ආයුෂයකින් මරණයට ලගා වෙන අය වැඩි වෙලා ඉන්නවා. හැබැයි මේ මරණයට සාර්ථකව මුහුණ දීමටත් මරණය තමන්ට අවශ්‍ය විදියට පාලනය කිරීමටත් පුළුවන් භාවනා උපක්‍රම කීපයක් තියෙනවා. මේවා මරණ මොහොතේදී මරණයට නොසැලී මුහුණ දීමටත් මරණින් මතු භවය තීරණය කිරීමටත් මරණය කල් දැමීමටත් භාවිතා කරන්න පුළුවන්.

මරණයට සුදානම් විය යුත්තේ ඇයි?
මුලින්ම දැනගත යුතු කාරණේ තමයි ඇයි මරණයට සුදානම් විය යුත්තේ? කියන දේ. මරණයේදී කායිකව සිදුවෙන්නේ මොළය හා හදවතට ඇති රුධිර සංසරණය නැවතිලා මොළය හා හදවත අක්‍රිය වීම. මරණාසන්න තත්ව වලට පත් වූ පුද්ගලයින්ගේ අත්දැකීම් වලිනුත් වෙනත් වෛද්‍ය පරීක්ෂණ වලිනුත් තහවුරු කරගෙන තියෙනවා බහුතරයක් දෙනා මරණයට පත්වෙනකොට අධික වේදනාවක් සහිත හිසේ කැක්කුමක් ඇතිවෙනවා. මේ කැක්කුම සාමාන්‍ය හිසේ අමාරුවක් වගේ 100 000 ගුණයක තරම් වේදනාවක් සහිත කැක්කුමක්. ඒ වගේම අධික වේදනාවක් සහිත හදවතේ හා පපුවේ කැක්කුමක් ඇතිවෙනවා. අධික වේදනාවක් සහිත ඇග පුරා වේදනාවක් ඇතිවෙනවා. මෙහෙම වෙන්නේ රුධිර සැපයුම නවතින නිසා. අපි ජිවත්වන තත්පරයක් පාසා හදවත ශරීරය පුරා සියලු සෛල වලට රුධිරය පොම්ප කරනවා. අපි නිදාගෙන ඉන්න වෙලාවටත් හැම ත්ත්පරෙකම ශරීරයේ හැම සෛලයක්ම ක්‍රියාකරනවා.  හැම තත්පරෙකම අපේ සෛල වලට රුධිරයෙන් ගෙනියන ඔක්සිජන් අවශ්‍යයි. මේ සැපයුම නතර වුන ගමන් සෛල වලට අවශ්‍ය ඔක්සිජන් නැති වීම නිසා   සෛල අක්‍රිය වෙලා මිය යන්න ගන්නවා. මේ නිසා මාංශ පේශි වල අධික වේදනාවක් ඇතිවෙනවා. මේ තරම්   වේදනාවක් අපි කවදාවත් සාමාන්‍ය ජීවිතයේදී අත්විදින්නේ නැති නිසා මේක අපිට හිතාගන්නවත් බැරි තරම් වේදනාවක්. රුදිර සැපයුම නවතුනාම මොලයේ සෛලත් අක්‍රිය වෙලා මියයන්න ගන්නවා. ඒ නිසා ඔලුව තද කරලා පොඩිකරනවා වගේ අධික වේදනාවක් ඇතිවෙනවා. මොළයේ එක එක ප්‍රදේශ මිය යනකොට ඒ ඒ ප්‍රදේශ පාලනය කරපු ශරීරයේ කොටස් අක්‍රිය වෙලා ඒ ප්‍රදේශ වලට අංශභාගය ඇතිවෙනවා. එතකොට අතපය හොලවන්න බැරුව එකතැන හිරවෙලා වගේ අසරණකමක් හිතට දැනෙනවා. විනාඩියක් විතර හුස්ම නොගෙන ඉදල බලන්න පපුවට ඇතිවෙන වේදනාව. මරණ අවස්ථාවේදී හුස්ම ගැනීම අක්‍රිය උනාම ඒ වගේ සියදහස් ගුණයක වේදනාවක් ඇතිවෙනවා. ඒ වගේම රුධිර සැපයුම නැවතිලා ස්නායු සෛල වලට ඔක්සිජන් නැතිවෙලා ගියාම ස්නායු අක්‍රිය වෙලා පිච්චෙනවා වගේ දැනීමක් ඇතිවෙනවා. මුළු ශරීරයේම මතුපිට හා ඇතුලත සියලු ස්නායු අක්‍රිය උනාම පණපිටින් පුච්චනවා වගේ වේදනාවක් දැනෙන්නේ. මෙන්න මේ වගේ හිතාගන්නවත් බැරි වේදනාවක් තමයි මරණ වේදනාව කියන්නේ.

සාමාන්‍ය ජීවිතයේදී දතක් පුරවනකොට ඉන්න බැරි අපි, කකුලක නිදිකුම්බා කට්ටක් ඇනුනාම ඉන්න බැරි අපි කායිකවත් දුර්වල වෙලා මානසිකවත් දුර්වල වෙලා ඉන්න කාලෙකදී මේ තරම් වේදනාවක් දරාගන්නේ කොහොමද?

අනිත් කාරණේ තමයි මරණ මොහොතේ ඇතිවෙන දුක. අපි ස්කොලෙන් අයින් වෙනකොට, රැකියා ස්ථානයකින් අයින් වෙනකොට, රටින් පිටවෙලා යනකොට, ප්‍රේම සම්බන්ධතාවක් නැවතුනාම ප්‍රිය විප්‍රයෝග දුක කොච්චර දැනෙනවද? මාස කියක් තිස්සේ ඒ දුක් විදවනවද? මැරෙන මොහොතේ සියල්ල දාලා යන්න වෙනවා කියන හැගීම ආවම දරාගන්න බැරි දුකක් ඇතිවෙනවා.

හිතයි ශරීරයයි පාලනය කරගන්න බැරි කාලේදී මේ වගේ අධික වේදනාවක් හා අධික දුකක් ඇති උනාම ඒ අවස්ථාවට මුහුණ දෙන්නනම් අනිවාර්යෙන් පුළුවන් කාලේදී මරණය ගැන අවබෝධය ඇතිකරගැනීම   වේදනාව දරාගැනීම, දුක දරාගැනීම හා සිහිය පැවැත්වීම කියන දේවල් හොදට පුරුදු කරලා තියෙන්න ඕනි. සාමාන්‍ය ජීවිතයේදී අත්වෙන වේදනා හා දුක් වලදී සිත පාලනය කරගන්න පුරුදුවෙලා තිබ්බේ නැතොත් මරණ අවස්ථාවේදී පලවෙනි පාරට හිත පාලනය කරගන්න කොහොමටවත් පුළුවන් වෙන්නේ නෑ. කොච්චර පිංකම් කරලා තිබ්බත් මරණ මොහොතේ එන අධික වේදනාව අධික දුක දරාගෙන ඒ පිංකම් ගැන සිහිය පිහිටවන්න එකපාරට පුළුවන් වෙන්නේ නෑ. වාසනාව තිබුනොත් කිසි වේදනාවක් නැතුව සතුටින් මරණයට පත්වෙන්න ලැබෙන්න පුළුවන්. එහෙම සිදුවෙන අවස්ථාත් නැත්තේ නෑ. කිසිම වේදනාවක් නොදනී සතුටින් සිනාමුසු මුහුණින් මරණයට පත්වෙන අයත් ඉන්නවා. හැබැයි ඒ ඉතාම කලාතුරකින්.
හිත පාලනය කරන්න පුරුදු  වෙලා තිබ්බොත් හිත තමන්ගේ පාලනයෙන් මිදිලා හිතට අවශ්‍ය දේ අරමුණු වෙන්න නොදී වේදනාව හා දුක යටපත් කරගෙන තමන්ට අවශ්‍ය දේ ගැන සිහිය පිහිටවලා තමන් කරපු පිංකම් ගැන සිහිය පිහිටවන්න පුළුවන්. ඒ දේවල් පුරුදු වෙලා තියෙනවනම් පින වාසනාව නැති උනත් බයවෙන්න දෙයක් නෑ.

මරණානුස්සතිය
මේ තත්වය පහසුවෙන් දරාගන්නනම් කළයුතු පලවෙනි දේ තමයි මරණානුස්සතිය වැඩිම. ගොඩ දෙනෙක් ජිවත් වෙන්නේ එයාලා අමරණිය විදියට. ගොඩ දෙනෙක් මරණය බලාපොරොත්තු වෙන්නේ නෑ. මරණයට කවදාහරි මුහුණදෙන්න වෙනවා කියල අවබෝධයක් නෑ. මේ නිසා එකපාරට මරණ අවස්ථාවට ආවම සාමාන්‍ය ජීවිතයේදී පවත්වපු සිතුවිලි වලට සම්පුර්ණයෙන් වෙනස් තත්වයක් හිතේ තියෙන්නේ. එතකොට ඒ ගැස්සිලා වික්ෂිප්ත වෙලා තියෙන හිත තමන්ට ඕනි විදියට පවත්වන්න බෑ. මේ නිසා මරණය පාලනය කිරීමට හෝ   මරණයට සුදානම් වෙන්න ඉස්සෙල්ලම කරන්න ඕනි දේ තමයි තමන්ගේ මරණය ඕනෑම මොහොතක ඕනෑම විදියකින් වෙන්න පුළුවන් බව හා කවදාහරි මරණයට පත්වෙන බව අවබෝධ කරගැනීම.  මේක කරන්න තියෙන හොදම විදිය තමයි නිතර නිතර මරණානුස්සති භාවනාව වැඩිම. මරණානුස්සතිය වඩන ආකාරය --->




සමහරු මරණානුස්සති හා අසුභ භාවනා වගේ භාවනා වැරදියට පුරුදු කරලා මානසික රෝගීන් වෙනවා. එහෙම වෙන්නේ එයාලා මේක තේරුම් ගන්න විදිය හා පුරුදු කරන විදිය අනුව. මේ භාවනාව ඍනාත්මක විදියට ඔලුවට දාගන්න එපා. මේ භාවනාවේදී කල්පනා කරන දේවල් අන්තගාමි විදියට හිතලා රිනාත්මක විදියට හිතල දවස පුරාම බයෙන් සැකෙන් ජිවත් වෙන්නෙපා. ඒ වගේම තමයි "මම කොයි වෙලේ මැරෙයිද දන් නෑ" කියල හිතලා එදිනෙදා වැඩ කරන්නේ නැතුව රස්සා වලට යන්නේ නැතුව , ගෙදර අයට කන්න බොන්න දෙන්නේ නැතුව අන්තගාමි වෙන්න එපා. මේ දේවල් කල්පනා කරන්න ඕනි ජිවිතයේ අස්ථිර බව ගැන අවබෝධයක් ඇතිවෙන විදියටයි. මේ දේවල් තමන්ට වෙයි කියල බයවෙන්න යන්නෙපා. මේවා වෙනවා වගේ සිතින් මවාගන්න යන්නත් එපා. මේ වගේ ඕනෑම විදියකින් ඕනෑම වෙලාවක ජීවිතය නිම වෙන්න පුළුවන් කියල අවබෝධය ඇතිකරගන්න. අවබෝධය ඇතුව සාමාන්‍ය ජීවිතය ජිවත් වෙන්න.

වේදනාව දරාගනන්න හුරුවීම
අනිත් වැදගත් දේ තමයි විවිද ශාරීරික හා මානසික වේදනාවන් උනාම කෑගහගෙන දගලන්නේ නැතුව ඒවා දරාගන්න පුරුදු වීම. මේක මීටත් වඩා ගැඹුරට කරන්න පුළුවන් ශාරීරික වේදනාවක් එන වෙලාවකදී ඒවා මගින් විදර්ශනා කරන්න පුරුදු වීමෙන්. දතේ කැක්කුමක් එනවනම් හිතන්න
 "මේ වේදනාව හේතුන් නිසා හටගත් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි.
දතයි, වේදනාව ඇතිකරන හේතුවයි ( දතේ ස්නායු තෙරපීම) කාය විඥානයයි එකතු වී දතේ ස්ඵර්ශය ඇතිවීමෙන් ඇතිවෙන මේ වේදනාව ස්ඵර්ශය වෙනස් වීමෙන් වෙන හෙයින් අනිත්‍යයි, මේ වේදනාව අනාත්මයි" වගේ විදියට වේදනාව ගැන විදර්ශනා සහිතව මෙනෙහි කරන්න පුරුදුවෙනවානම් ගොඩක් හොදයි.
හැබැයි මේ දේ වැරදියට තේරුම් අරගෙන දතේ අමාරුවට බෙහෙත් ගන්න නොයා, කරදරයක් උනාමත් ප්‍රතිකාර කරන්න නොයා භාවනා කර කර ඉන්න එහෙම එපා! වේදනාව හිතින් සමබරව දරාගෙන ඒ සඳහා කල යුතු දේවල් කරන්න.
මේ විදියට විදර්ශනා කිරීම පුරුදු උනොත් මරණ අවස්ථාවේදී  වේදනාවක් ආවොත් ඒ වෙදනාවට හිත යටපත් වෙන්න නොදී හිත පාලනය කරගෙන ඉන්න පුළුවන්.

සතිය
මරණ අවස්ථාවේදී හිත පාලනය කරගන්නනම් පුරුදු කරලා තියෙන්න අවශ්‍ය වැදගත්ම දේ තමයි සතිය හෙවත් සිහිය. සිහිය කිවුවම සතර සතිපට්ටානයේ කායානුපස්සනාව හා චිත්තානුපස්සනාව තමයි මෙතැනදී අවශ්‍ය වෙන්නේ. කායානුපස්සනාවේදී  මුලිකව කරන්නේ ශරීරයේ සියලු ඉරියව් සිහියෙන්ම පැවැත්වීම. විවිද  දේ කල්පනා කරමින් හීන මවමින් ඉන්නේ නැතුව සියලු ක්‍රියා සිහියෙන්ම සිදුකිරීම තමයි කායානුපස්ස්නාවේදී කරන්නේ. චිත්තානුපස්සනාවේදී කරන්නේ සිතට එන සියලු සිතුවිලි ගැන සිහියෙන් ඉදීම හා සිතන සියලු දේ සිහියෙන් සිතීම. සරලව මේ විදියට කිවුවත් කායානුපස්සනාව හා චිත්තානුපස්සනාව මීට වඩා ගොඩක් ගැඹුරුයි. ඉරියාපථ සතිපට්ටානය පිලිබඳ ලිපිය කියවන්න ( මෙතන ක්ලික් කරන්න )
මේ විදියට සතිය පුරුදු කරලා තියෙන කෙනෙකුට මරණ අවස්ථාවේදී ලේසියෙන්ම හිත පාලනය කරගන්න පුළුවන්.


මරණ මොහොත සිහි නුවණින් යුක්තව සුඛ සහගතව සිදුවීමට  මෛත්‍රී භාවනාව වඩන්න
මෛත්‍රී භාවනාව කියන්නේ පරලොවදී වගේම මෙලොවදීම ප්‍රතිපල අත්දැකිය හැකි මහානුභාව සම්පන්න භාවනාවක්. මෙත්තානිසංස සුත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෛත්‍රෙ වඩන කෙනෙකුට අත්වෙන ප්‍රධාන ආනිසංස ගැන. ඒවා අතරින් එක් ආනිසංසයක් තමයි මරණ මොහොත සිහිනුවණින් යුක්ත වීම. ඒ නිසා හැමදාම මෛත්‍රී භාවනා වැඩීමෙන් බය නැතුව සිහි මුලා වෙන්නේ නැතුව මරණයට මුහුණ දෙන්න පුළුවන්. මෛත්‍රී භාවනාව සහිත ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න )


මරණින් මතු දෙව්ලොව උපදින්න දෙවතානුපස්සනාව වඩන්න


මරණින් මතු දෙව්ලොව උපදින්න කැමති යමෙක් ඉන්නවනම් දෙවතානුපස්සනා භාවනාව නිතර වැඩිය යුතුයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දේවතානුපස්සනාව නිතර පුරුදු   කිරීමෙන් මරණ මොහොතේදී සිත දෙව්ලොව පිහිටනවා. දේවතානුපස්සනා භාවනාව කියවීමට ( මෙතන ක්ලික් කරන්න )


පිංකම් කරන අවස්ථා වලදී   "මරණ අවස්තාව සුඛ සහගත සිහියෙන් යුක්ත වේවා" කියල ප්‍රර්ථනා කිරීමෙනුත් පිංකම් වල බලයෙන් සුඛ සහගතව මරණයට පත් වෙන්න පසුබිම සකස් වෙනවා. ඒ නිසා පිංකම් කරනකොට ඒ විදියට ප්‍රර්ථනා කිරීමත් හොදයි.




මරණය කල් දැමීම
බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හරින්න පෙර ආනන්ද තෙරුන් වහන්සේ අමතලා බුදුරජාණන් වහන්සේ නමකට අවශ්‍යනම් කල්පයක් වැඩ හිදින්න පුළුවන් බව දේශනා කරපු බව හැමෝම අහලා කියවල  ඇති. මේ කාලේ ගොඩක් ස්වාමින් වහන්සේලා පවා ඒ ප්‍රකාශය අර්ථ දක්වන්නේ මෙතැනදී කල්පයක් කියල තියෙන්නේ ආයුෂ කල්පයක් කියන එක මිසක්  කල්පයක කාලයක් නෙවෙයි කියල. මේක තමා රැඩිකල් බෞද්ධයන්ගේ ප්‍රඥාව හා ශ්‍රද්ධාව මොට කමේ ප්‍රතිපලය. බුදුරජාණන් වහන්සේ භාෂාව නොදන්නා කෙනෙක් නෙවෙයි. ආයුෂ කල්පයනම් ආයුෂ කල්පය කියල පැහැදිලිව දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ නමකට වැඩ හිදින්න පුළුවන් බව දේශනා කලේ ආයුෂ කල්පයක් ( අවුරදු 120ක්) නෙවෙයි සත්‍ය කල්පයක කාලයක්. මොඩර්න් බෞද්ධයන්ට වෙලා තියෙන ප්‍රශ්නේ මේක පිළිගන්න බැරි වෙලා තියෙන එක. මොකද එයාලා බුදුරජාණන් වහන්සේව මනින්නේ තමන්ගේ මට්ටමින්, සාමාන්‍ය මිනිස්සුන්ගේ මට්ටමින්. එයාලා හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ අපි වගේ සාමාන්‍ය පුද්ගලයෙක් කියලා.
බුදුරජාණන් වහන්සේ එක පුද්ගලයෙක් වගේ පෙනුනට මිනිසුන් ලක්ෂ කෝටි ගානක එකතුවක්. ආත්ම කෝටි ගණනක් තිස්සේ එක්රැස් කරලා ගබඩා කරගත්ත දක්ෂතා අනන්ත ප්‍රමාණයක එකතුවක්. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේට වඩා ගුණයෙන් වැඩි බලයෙන් වැඩි කෙනෙක් නැත්තේ. සියලු දෙවියන්ගේ ඉර්ධි බලය එකට එකතු කරලා ගත්තොත් ඊටත් වඩා ඉර්ධි බලයක් බුදුරජාණන් වහන්සේ සතුව පවතිනවා. ඒකට හේතුව අර දෙවියන් සියලු දෙනාට වඩා වාර ගණනක් බුදුරජානන් වහන්සේ ධ්‍යාන වඩලා ඉර්ධි ලබාගෙන තියෙනවා. ආත්ම ගණනක් තිස්සේ පාරමිතා පුරලා ඉර්ධිමය ශක්ති දරාගැනීමේ ධාරිතාව වැඩිකරගෙන තියෙනවා.
සියලු ඍෂි වරුන්ගේ සමාධින් එකතු කලත් ඊටත් වඩා සමාධියක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒකට හේතුව සියලු ඍෂි වරුන්ට වඩා වාර ගණනක් බුදුරජාණන් වහන්සේ ධ්‍යාන වඩා තියෙනවා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්නේ මේ තත්වයට පත්වෙන්න.
බුදුරජාණන් වහන්සේ එක ශරීරයක් උනත් එක සිතක් උනත් ඒ එක බුදුරජාණන් වහන්සේ තුල දෙවිවරු සාරාසංඛ්‍ය ලක්ෂයක් ඉන්නවා, ඍෂිවරු සාරාසංඛ්‍ය ලක්ෂයක් ඉන්නවා සක්විති රජවරු සාරාසංඛ්‍ය ලක්ෂයක් ඉන්නවා සක්‍ර දෙවිවරු සාරාසංඛ්‍ය ලක්ෂයක් ඉන්නවා. එච්චර ශක්තියක් බුදුරජාණන් වහන්සේ තුල ගබඩා වෙලයි තියෙන්නේ. ඒ නිසා බුදුකෙනෙකු කීයටවත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට සමාන වෙන්නේ නෑ. ඒ නිසා කවදාවත් බුදුරජාණන් වහන්සේ නමක් තමන්ගේ මට්ටමෙන් මනින්න එපා. සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට කරන්න හිතන්නවත්  බැරි දේවල් බුදුන් වහන්සේ නමකට ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා චන්ද චිත්ත විරිය විමංසා කියන සතර ඉර්ධිපාද දියුණු කරගෙන ඇති කෙනෙකුට කල්පයක් හෝ ඊට වැඩි කාලයක් ජිවත් වෙන්න පුළුවන් කියලා. මරණය කල් දාන්න පුළුවන් එක් ක්‍රමයක් තමයි ඒ විදියට සතර ඉර්ධිපාද දියුණු කිරීම. ධර්මාවබෝධය පිණිසත් සිත සමාධිගත කරගැනීම පිණිසත්
චන්ද - බලවත් කැමැත්තක් ඇතිකරගැනීම
චිත්ත - නොසැලෙන අධිෂ්ඨානයක් අත්කරගැනීම
විරිය - නොපසුබට උත්සාහයක් ඇතිකරගැනීම
විමංසා - බලවත් නුවනින් මෙනෙහි කිරීමක් ඇතිකරගැනීම

කියන හතරයි සතර ඉර්ධිපාද කියන්නේ. මේ සතර ඉර්ධිපාද වඩමින් ධ්‍යාන දියුණු කරගෙන සමාපත්තීන් හා අභිඥාවන් ලබාගත් කෙනෙකුට මරණය පාලනය කරගන්න පුළුවන් වෙනවා.

අභිඥා මගින් මරණය කල් දමන ක්‍රමවේදයක් තියෙනවා. මරණය සිද්ද වෙන්නේ මොකක්හරි හේතුවක් ඉදිරිපත් වෙලා. ගොඩක් වෙලාවට ලෙඩක් හැදිලා තමයි මරණයට පත්වෙන්නේ. එහෙමත් නැත්තම් මොළයට හානි වීමක්, හෘදයට හානි වීමක්, ශරීරය අභ්‍යන්තරයේ ලේ ගැලීමක් වගේ දෙයක් සිද්ද වෙනවා. ඒ මුකුත්ම උනේ නැතොත් හෘදයේ හෝ මොලයේ සෛල වැඩ කරන්න බැරි තත්වයටම වියපත් වෙලා ඒවා අක්‍රිය වෙලා මරණයට පත්වෙනවා.
අභිඥා ලැබූ කෙනෙක්ට මේ විදියට තමන්ට මරණයට පත් කරන්න ඉදිරිපත් වෙන හේතු මගාරින්න පුළුවන්. උදාහරණයක් විදියට බුදුරජානන් වහන්සේට ලෝහිත පක්කන්ධිකා (ලේ අතීසාරය)  කියන රෝගය වැළදුනා. මේ රෝගය නිසා තමයි බුද්ධ ශරීරය දුර්වල වෙලා පරිනිර්වාණය සිදුවෙන ස්වභාවයට පත් උනේ කියල මම හිතන්නේ. බුදුරජාණන් වහන්සේට අවශ්‍යනම් අභිඥා බලයෙන් මේ රෝගය වැළදීම වලක්වන්න තිබුනා. රෝගය වලක්වනවද නැද්ද කියන තීරණය ගන්න කලින් ආනන්ද තෙරුන්ට බුදු කෙනෙකුගේ ආයුෂ ගැන දේශනා කළා කියල මම හිතනවා. එහෙම වලක්වා ගත්තානම් අවුරුදු 80කින් බුදුන් පිරිණිවන් පෑම සිද්ද වෙන්නේ නෑ ඊට වඩා කාලයක් වැඩ හිදිනවා.

මුගලන් මහරහතන් වහන්සේ පිරිණිවන් පාන්න හේතු උනේ පෙර කර්මයක් නිසා හොරුන් රැලක් මුගලන් මහරහතන් වහන්සේට පහර දීම. මේ හොරුන් රැල කිහිප වතාවකදීම මුගලන් රහතන් වහන්සේ වැඩ සිටි කුටියට කඩා වැදුනත් මුගලන් මහරහතන වහන්සේ ඉර්ධි බලයෙන් ඔවුන්ව මගහැරිය බව දේශනා වල සඳහන් වෙනවා. එක් අවස්තාවක ශරීරය සියුම් අංශු ගොඩක් බවට පරිවර්තනය කරලා වැඩ සිටි කුටියේ යතුරු   සිදුරෙන් ඉවත් උන බව සඳහන් වෙනවා. මේ විදියට අවශ්‍යනම් සොරුන් එන හැම පාරකම මගහරිමින් මරණය වලක්වන්න මුගලන් මහා රහතන් වහන්සේට හැකියාව තිබුනා. නමුත් අටලෝ දහමට අනුව මරණයට පත්වෙන්න තීරණය කරපු නිසා තමයි සොරුන් පැමිණි තුන්වන අවස්ථාවේ මගහරින්නේ නැතුව හිටියේ.
මේ වගේ කවුරුහරි ධ්‍යාන අභිඥා දියුණු කරගත්තොත් ශරීරය මරණයට පත්වෙන හේතු මගහරිමින් තමන්ට අවශ්‍ය කාලයක් ජිවත් වෙන්න පුළුවන්.

සතර ඉර්ධිපාද වැඩු කෙනෙකුට ජිවත් විය හැකි කාලය ආයුෂ් කල්පයක් නොව සත්‍ය කල්පයක් බවට හොදම උදාහරණයක් තමයි මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ශරීරය පිලිබඳ කතා පුවත. බෞද්ධ හැමෝම දන්නා කතාවක් තමයි අදටත් කුක්කුට සමපාත පර්වත තුනට මැදිවෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය ආරක්ෂිතව පවතින බවත් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ බුදු වුන පසු මෛත්‍රී බුදුන් කාශ්‍යප මහා රහතන් වහන්සේගේ දේහය බුද්ධ හස්තයට ගෙන බුද්ධ හස්තය මතදී දේහය දවන බවත් කියවෙන කතා ප්‍රවෘතිය. මෛත්‍රී බුදුන් බුදු වනකම් රහතන් වහන්සේගේ දේහය පවතිනවා කියන්නේ මේ කල්පය අවසාන වනකම් කාලයක් පවතිනවා කියන එක. රහතන් වහන්සේ නමකට ඒ තරම් අධිෂ්ඨාන ශක්තියක් තියෙනවනම් බුදුරජාණන් වහන්සේගේ ආයුෂ වැළදීමේ හැකියාව අවුරුදු 120කට සිමා වේවිද?


මෑත කාලයේ හිටපු ස්වාමින් වහන්සේලා අතරින්  බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමියන් භාවනා උපකාර කරගෙන තමන් වහන්සේට යෙදෙන්න තිබුණු මාරක අපලයක් මගහරවාගෙන ආයුෂ දිගු කරගත්ත බව උන්වහන්සේ සමග කල සාකාච්චා වලදී කියල තියෙනවා.

""ඉතින්, මම බාරගත් වැඩ කොටස දැන් ඉටුකර හමාරයි. ආයෙත් දිව්‍ය ලෝකෙ යන්න මට වුවමනාවක් නෑ. මනුෂ්‍ය ලෝකෙ ලංකාවෙම උපදින්නයි මට වුවමනා. මගෙන් ඉටුවිය යුතු වැඩ කටයුතු අවසන් නිසා දැන් ජීවත් වුණා ඇතිය කියා මට හිතෙනවා. තව පොත් ටිකක් ලියන්න නම් වුවමනාව තියෙනවා. ඒත් ලෝක ස්වභාවය අනුව ශරීරයට ලෙඩ දුක් වැළඳෙනවා. ඒවා චිත්ත බලයෙන් වළක්වන්න පුළුවන්‍. ඒකට භාවනා කරන්න ඕනෑ. ඒ භාවනා ක්‍රම වැළකුණාම වයස් ගත නිසා ලෙඩ හැදෙනවා. භාවනාවට මාර පාක්ෂිත බාධා පැමිණෙනවා ඉන්දියාවේ හිමාලයේ "ගෞරි බාබා" නමැති යෝගියෙක් ඉන්නවා. වයස අවුරුදු දෙදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්නේ. ආහාරයට ගන්නේ කොළ හා පළතුරු පමණයි. තායිලන්ත කඳුකරයේත් අවුරුදු හාර දහසකට වඩා වයස බෞද්ධ යෝගියෙක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගමේ යෝග භාවනා කළ කෙනෙක්. පසුව ගෞතම බුදු හාමුදුරුවන් දැක බෞද්ධ වෙලා. එයත් සමථ භාවනාව දියුණු කළ කෙනෙක්‍. විස්තර පින්තූර සමග තායිලන්ත සඟරාවලත් පළවෙනවා. ඒ තත්ත්වයට එන්න සමථය දියුණු කර සිතෙන් ශරීරය පාලනය කරන්න, ඉන්ද්‍රියයන් ආණ්ඩු කරන්න තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනෑ. ජීවත්වීමේ ආශාව තියෙන අය එහෙම කරනවා. ඒ අයට හුඟක් කල් ජීවත්වෙන්න පුළුවන්.
මටත් මැරෙන්න නියමිතව තිබුණේ 1983. භාවනා ක්‍රමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මගේ දණහිසේ අමාරුවක් හැදිලා මාස ගණනක් ගතවුණා සනීප වෙන්න. බුදුහාමුදුරුවන්ටත් කල්පයක් කල් ඉන්න තිබුණා කියන්නේ ඒකයි. කල්පයක් කල් වැඩ ඉන්න කියා ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළේ වසවර්ති මාරයා නිසා. ආනන්ද හාමුදුරුවන්ට එළැඹ සිටි සිහියෙන් ඉන්න වසවර්ති මාරයා ඉඩ දුන්නේ නෑ. ආනන්ද හාමුදුරුවෝ එළැඹ සිටි සිහියෙන් සිටියා නම් ඒක සිදුවෙන්නේ නෑ. මාරයා බාධා කළා. වේලාව මගහැරුණා. බුදු හාමුදුරුවොත් ඒ ගැන ක්‍රියාකළේ නෑ. බුදුවන වෙලාවේ වසවත් මරු ආරාධනා කළ විට "සාසනය පිහිටුවනතුරු" කියා මාරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළානෙ. දැන් ඉතින් සාසනය පිහිටුවා අවසන් නිසා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා. ඉතින් අපට මාරයා කරදර කරන එක පුදුමයක්ද? මාරයාගේ ගෝලයොත් ඒ වගේමයි. මමත් පහුගිය කාලෙ යෝග භාවනා දියුණු කළා. පූර්වාත්ම හා පරසිත් දන්නා තත්ත්වයට ආවා. පිරිවෙන ගෝලයින්ට බාරදීලා භාවනාව තවදුරටත් දියුණු කරගන්න වෙනම කුටියකට වී භාවනා කරන්න පටන් ගත්තා. හරියටම වෙලාවටම පොළොන් තෙලිස්සෙක් ඇවිත් මගේ කකුල හැපුවා. ඒ සතාව එතැනට ගෙනත් දැම්මේ මාර දිව්‍ය පුත්‍රයෙක්. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස තුනක් ඇඳේ දුක් වින්දා. මාස තුනක් එහෙම ඉන්නකොට භාවනාව මග හැරුණා. විපස්සනාව නම් එහෙම වෙන්නෙ නෑ. මම සංඛාර උපේක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටියේ. ඊට එහා ගියා නම් සෝවාන් වෙනවා. මට එයින් එහාට යන්න බැරිවුණේ මගේ ප්‍රාර්ථනයක්, අධිෂ්ඨානයක් තියෙන නිසයි. මාරයා විපස්සනාවට විරුද්ධ නෑ. සමථය වඩන විට තමයි කරදර කරන්නේ. මම පූර්වාත්ම දුටු හැකියාවෙන් පහුගිය භවයන්හි විස්තර බැලුවා. මම ගෞතම බුදුහාමුදුරුවන් දැක්කා. උන් වහන්සේ පිටදුන් ජයසිරි මහා බෝධීන් වහන්සේට අධිගෘහිත වෘක්ෂ දේවතාවෙක් වෙලයි මම හිටියේ. බුදුහාමුදුරුවන්ට ආවතේව කළා. ඊට අවුරුදු දෙසීයකට පසු අසන්ධිමිත්‍රා ඒ බෝධිය කැපූ වෙලාවේ මමත් මැරුණා. මැරී අශෝක රජුගේ අග්‍රාමාත්‍යයාගේ පුත්‍රයා වී උපන්නා. ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම දූත වැඩවලට සහයෝගය දෙමින් කටයුතු කළා. ඒ කාලේ සිටම මම බුදු බව පතමිනුයි හිටියේ යැයිද ආනන්ද මෛත්‍රිය මහ නාහිමියෝ සිය අතීත ජන්ම කතාව අවසන් කළහ.
(බළංගොඩ හාමුදුරුවෝ ග්‍රන්ථයෙන් උපුටා ගැනුණි.)""



ඒ වගේම උන්වහන්සේ හිමාලයේ යෝගීන් අතර යෝග වඩන කාලයේදී අවුරුදු සිය ගණනක් ජිවත් උන යෝගීන් මුණගැසුණු බවත් ඉන්දියාවේ යෝගින්ටවත් ලේසියෙන් දකින්න නොලැබෙන  අවුරුදු පන්දහසක් පමණ ආයුෂ ඇති මහාවතාර් බාබාජි නම් මහා ඍෂි වරයා දකින්න ලැබුන බවත් සාකච්චා වලදී බළන්ගොඩ හිමියන් කියලා තියෙනවා.

මහාවතාර් බාබාජි



මහාවතාර් බාබාජි ගැන මට මුලින්ම දැනගන්න ලැබුනේ ස්කොලේ යන කාලේ කියවපු රිවිරිසි පත්තරේ ලිපියකින්. ඒ ලිපියේ තිබුන හැටියට දිර්ඝායුෂ යෝග වඩන්න ජිවිත කාලය පුරා යෝග හා භාවනා වැඩු තරුණ යෝගියෙක් මහාවතාර් බාබාජි හොයාගෙන හිමාලයට ගිහින් එතුමන් මුණගැහිලා තියෙනවා. තමන්ට දිර්ඝායුෂ විදින යෝගය උගන්වන්න කියල මහාවතාර් බබාජි තුමන්ගෙන් මේ යෝගියා ඉල්ලලා තියෙනවා. එතකොට මහාවතාර් බාබාජි ඍෂි තුමා තමන්ගේ ශිෂ්‍යයන් එක්ක මේ යෝගියාව උස කන්දක් මුදුනට ගෙනිහින් යෝගියාව කන්දෙන් පහලට තල්ලු කරලා. මේ ගැන පුදුම උන ශිෂ්‍යයන් බාබාජි තුමන්ගෙන් ප්‍රශ්න කරනවා ඇයි එහෙම කලේ කියලා. එතකොට බාබාජි තුමන් පිළිතුරු දීලා තියෙනවා දැන් ඔහුගේ මාරක අපලය ගෙවලා ඉවරයි නැවත මරණය ඔහු වෙත එන්නේ නෑ දැන් ඔහු අමරණිය යෝගය වඩන්න සුදුසුයි ගිහින් ඔහුව අරගෙන එන්න කියලා.
මම හිතන්නේ මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කාලයක් තිස්සේ පැවතගෙන ආපු ජනප්‍රවාදයක්.  මම හිතන හැටියට මෙතැනදී බාබාජි තුමන් කරලා තියෙන්නේ අර යෝගියාව මරණයට පත්වෙන්න තිබුන කර්මය ගෙවන්න සැලැස්වීම. ඒත් ඒ වෙනකොට එයාගේ ආයුෂ ගෙවල ඉවර නැති නිසා වද වේදනා විදියට කර්මය විදින්න ලැබුනා මිසක් මරණයට පත් උනේ නෑ. ඒ කර්මය තිබෙන තාක් එයාට අමරණිය තත්වයට පත්වෙන්න බෑ. මරණයට පත්වෙන්න තිබුන කර්මයත් විපාක දීලා ඉවර උන නිසා එයාට දිර්ඝායුෂ යෝග වැඩීමේ සුදුසුකම ලැබුනා කියල මම හිතන්නේ. (මේ දේ වැරදියට තේරුම් අරන් තම තමන්ගේ කර්මත් ගෙවලා ඉවර කරන්න කියල හිතාගෙන දුක් වේදනා විදින්න එහෙම කල්පනා කරන්නෙපා!!! සාමාන්‍ය මිනිස්සුන්ට කර්මය ගෙවන ක්‍රම නිර්ණය කරන්න බෑ. ඒ සදහා චතුර්ථ ධ්‍යානය, අභිඥා, කුණ්ඩලිනි ශක්ති තියෙන තත්වයට පත්වෙන්න ඕනි. )

දිර්ඝායුෂ ලබන භාවනාව

මේ වගේ ඍෂිවරු දීර්ඝ කාලයක් ජිවත් වීමට ප්‍රගුණ කරන භාවනා අතරින් ප්‍රධානම භාවනාවක් මේ ලිපියෙන් හෙළිදරව් කරන්න මම තීරණය කළා. මේ භාවනාව මට දැනගන්න ලැබුනේ සක්‍ර දෙවියන්ගෙන්. සක්‍ර දෙවියන් දේවත්වයට පත් වීමට පෙර ආත්මයේදී ඍෂි වරයෙක් විදියට හිමාලයේ දීර්ඝ කාලයක් යෝගාවචාරිව ජිවත් වෙලා තියෙනවා. මේ භාවනාව වඩමින් ඉතා දීර්ඝ කාලයක් ආයුෂ විදලා භාවනාව අත්හැර මරණයට පත්වෙලා තමයි දේව ආත්මයට පැමිණිලා තියෙන්නේ.
මේ භාවනාව ටිකක් ආනාපානසතිය වගේ භාවනාවක්. මුලින්ම කරන්න ඕනි හුස්ම දිහා සිහියෙන් බලාගෙන හිදීම. ඒ මගින් හිත ගොඩක් සමාධිමත් කරගන්න උත්සහ කරන්න ඕනි. මීළගට ටිකෙන් ටික හුස්ම ගන්නා වාර ගණන අඩු කරගෙන යන්න ඕනි. ඒ වගේම හුස්ම ගන්න යන කාලය දීර්ඝ කරන්න ඕනි. ඒ විදියට කරගෙන ගිහින් හුස්ම ගැනීම සම්පුර්ණයෙන්ම නතර කරන්න ඕනි. මේක තමයි භාවනාවේදී කරන්නේ. වැඩි විස්තර නැතුව කෙටියෙන් කිවුවත් කරගෙන යනකොට තමන්ට තේරෙන්න ගන්නවා. හැබැයි මේ විදියට හුස්ම නවත්වන මට්ටමට එන්න මාස ගණනක් ගතවෙනවා. එක එක පියවර මාස ගණනක් ප්‍රගුණ කරනකොට තමයි හුස්ම පාලනය කිරීමේ හැකියාව ලැබෙන්නේ.

හුස්ම නොගෙන ඉන්න පුලුවන්ද කියල එකපාරට හිතාගන්න බැරි උනාට  සිතේ සමාධියත් එක්ක ක්‍රමයෙන් හුස්ම නතර කරන්න මේ  භාවනාවෙන් පුළුවන්. හැබැයි මේ භාවනාව එකපාරට දියුණු  කරන්න පුළුවන් භාවනාවක් නෙවෙයි. කාර්ය බහුල ජිවිත ගත කරන අයටත් සුදුසු භාවනාවක් නෙවෙයි. නිදහස් යෝගී ජිවිත ගත කරන අයට තමා මේ භාවනාව කරන්න සුදුසු  වෙන්නේ. භාවනාවට ආධුනික අය හා කාලයක් තිස්සේ භාවනා කලත් තාමත් සමාධිමත් තත්වයකට එළබෙන්න බැරි උන අය මේ භාවනාව වැඩිම සුදුසු නෑ. භාවනා කිරීමේ හොද පළපුරුද්දක් තිබෙන අය විතරක් මේ භාවනාව කරන්න.
අනිත් වැදගත් කාරණය තමයි මේ භාවනාව අනවශ්‍ය විදියට කරගහගෙන ලෙඩක් අනතුරක් උනාම බෙහෙත් ගන්න  යන්නෙත්  නැතුව මේක කර කර  ඉදිමින් ජිවත් වෙන්නෙපා. අන්තගාමි විදියට මේක පුරුදු වෙන්න ගිහින් හුස්ම හිර කරගෙන තියෙන ආයුෂ ටිකත් නැති කරගන්නෙපා. ඒ නිසා තමයි භාවනා හා සමාධින් ගැන පළපුරුදු අය විතරක් මේක කල යුත්තේ. අනිත් අය ඉස්සෙල්ලාම සාමාන්‍ය භාවනාවකින් හිත සමාධිගත කරගැනීමට හෝ ශක්ති අවධි කරගැනීමට උත්සාහ කරන්න. ඒවා සාර්ථක උනාට පස්සේ මේ භාවනාව උත්සහ කරන්න.
සාමාන්‍ය භාවනා වලදී හුස්ම වැටීම හා හෘදයේ ක්‍රියාකාරිත්වය නතර වෙන්නේ චතුර්ථධ්‍යානයේදී. මේ  භාවනාවේදී කෙලින්ම හුස්ම හා හෘදය නවත්වනවා. ඒ නිසා සිතත් චතුර්ථධ්‍යාන මට්ටමට පත්වෙනවා.  Stethoscope එකක් ( වෙද නලාවක්) හොයාගන්න පුළුවන් නම් ඒකෙන්  තමන්ගේම හදවත ගැහෙන විදිය අහගෙන ඉදිමින් හුස්ම ගැනීම නතර කරලා බලන්න ටිකෙන් ටික හදවත ගැහෙන එක අඩුවේගෙන යනවා ඇහෙනවා. මේ දේ තමයි  මේ භාවනාවේදී සිද්දවෙන්නේ. හුස්ම ටිකෙන් ටික නවත්තනකොට හෘදය ක්‍රියාකිරීම ටික ටික නවතිනවා. භාවනාව දියුණු වෙනකොට හදවත පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ භාවනාව අනිච්චායුග ක්‍රියාවලි පාලනය කරන රහස්  යතුරක් වගේ දෙයක්. අපේ ශරීරයේ ස්නායු ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ඉච්චානුග හා අනිච්චානුග විදියට. ඉච්චානුග කියන්නේ අත් කකුල් ඇස් වගේ  අපිට පාලනය කරන්න  පුළුවන් දේවල්. අනිච්චානුග කියන්නේ හදවත ආමාශය වගේ අපිට පාලනය කරන්න බැරි දේවල්. හුස්ම කියන්නේ අපිට අපේ ශරීරයේ අනිච්චානුග කොටසට ගොඩවෙන්න පුළුවන්  පාලමක් වගේ දෙයක්. හුස්ම සාමාන්‍යයෙන් වැඩ කරන්නේ අනිච්චානුග විදියට. හුස්ම ගැනීම අපි හිතලා කරන දෙයක් නෙවෙයි. හැබැයි අපිට අවශ්‍යනම් හිතලා හුස්ම පාලනය කරන්නත් පුළුවන්. ඒ නිසා හුස්ම ඉච්චානුග විදියටත් අනිච්චානුග විදියටත් දෙවිදියටම වැඩ කරනවා. ඒ  නිසා හුස්ම කියන්නේ ශරීරයේ ඉච්චානුග හා අනිච්චානුග  ක්‍රියාවලි යාකරන පාලමක් වගේ කියන්න පුළුවන්. හුස්ම පාලනය කිරීම හරියට කරගත්තාම ඒ හරහා හෘද ක්‍රියාකාරිත්වය වගේ ශරීරයේ අනිත් අනිච්චානුග දේවලුත් පාලනය  කිරීමේ හැකියාව ලබාගන්න පුළුවන්.

අපේ ශරීරයේ සෛල හැම තත්පරයකම ශක්තිය භාවිතා කරමින් ක්‍රියාත්මක වෙනවා. මේ සියලු ක්‍රියා වලට අවශ්‍ය ශක්තිය ගන්නේ අපි ගන්නා ආහාර වලින් හා හුස්ම ගන්නා ඔක්සිජන් වායුවෙන්.  මේ භාවනාවේදී සිද්ද වෙන්නේ හුස්ම ගැනීම හා හෘදය නතර කරලා  ආහාර වලින් හා ඔක්සිජන් මගින් සෛල වලට ශක්තිය ලබාගැනීම නතර කිරීම. ඒ වෙනුවට ශරීරයේ ශක්ති අවශ්‍යතා සම්පුර්ණ කරගන්නේ විශ්ව ශක්තිය ලබාගැනීම මගින්. සෛල වල ක්‍රියාකාරිත්වය නතර වෙන නිසා සෛල වයස්ගත වීම නතර වෙනවා. ශරීරයේ හැම  සෛලයක්ම වයස්ගත වීම නතර වෙනවා කියන්නේ ශරීරය වයස්ගත වීම නතර වෙනවා. ඒ නිසා තමයි මේ භාවනාව කරන කෙනෙක් වයසට යාම හෝ මරණයට පත්වීම වළකින්නේ.

ප්‍රාණයාම

මේ දේම ප්‍රාණයාම  මගින් සිද්දකරන්න පුළුවන් කියල මම හිතනවා. ඉන්දියාවේ යෝගීන් හෘදය නැවත්වීම හා ආහාර නොගෙන මාස ගණන් ජිවත් වීම යුරෝපයේත් ඉතාම ප්‍රසිද්ද කරුණක්. ඒ යෝගීන් ඒවා කරන්නේ මේ විදියට හුස්ම නැවැත්වීමෙන්. ප්‍රාණයාම කිරීමේදීත් සිද්ද කරන්නේ හුස්ම රිද්මයානුකුලව පාලනය කිරීම. ක්‍රමයෙන් ඒ සදහා ගත කරන කාලය වැඩිකිරීමෙන් ටිකෙන් ටික  හුස්ම ගැනීම අඩු කරලා හුස්ම නවත්වන මට්ටමටම යන්න පුළුවන්. ඉන්දියානු යෝගීන් ගොඩදෙනෙක් භාවිතා කරන්නේ මේ ප්‍රාණයාම ක්‍රමය.

ස්වාධිශ්ඨාන චක්‍රය අවදි කිරීම

ලිංගාශ්‍රිත ප්‍රදේශයට ඇතුලතින් පිහිටා තිබෙන ස්වාධිශ්ඨාන චක්‍රය සක්‍රිය කරගැනිමෙනුත් මරණය හා ආයුෂ පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. ලිංගික හෝර්මෝන වලින් ආයුෂ අඩුවීමක් වෙනවා. ස්වාධිශ්ඨාන චක්‍රය අවදී කරගැනීමෙන් ලිංගාශ්‍රිත ස්නායු පාලනය කිරීමේ හැකියාව ලැබෙන නිසා හෝර්මෝන බලපෑම් පාලනය කරගෙන ආයුෂ පාලනය කරන්න පුළුවන් වෙනවා. ස්වාධිශ්ඨාන චක්‍රය අවදි කරගැනීමට කුණ්ඩලිනි ශක්ති අවදි කරන භාවනා ලිපියේ සඳහන් කල භාවනාව භාවිත කරන්න පුළුවන්. එම  භාවනාව සහිත ලිපිය   කියවීමට ( මෙතන ක්ලික් කරන්න )

මහා මෘතුන්ජය මන්ත්‍රය 
ඉන්දියානු ඍෂිවරුන් යෝගීවරුන් ඉතා පුජනිය මන්ත්‍රයක් ලෙස සලකන මහා මෘතුන්ජය මන්ත්‍රය දීර්ඝ කාලයක් සජ්ඣායනා කිරීම මත ශරීරයේ තියෙන විෂම ස්ථාන සහ අක්‍රීය ස්ථානවල ක්‍රියාකාරීත්වය යහපත් අතට හැරෙනවා සහ ඒ අනුව ආයුෂ ප්‍රමාණයේ යම් වර්ධනයක් වෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා . මහා මෘතුන්ජය මන්ත්‍රය පිලිබඳ ලිපියක් ( මෙතනින් කියවන්න)

පුළුවන් අවස්ථා වලදී මරණයට පත්වෙන්න යන මිනිසුන්ගේ ජිවිත බේරලා, ගවයන්ට අභය දානය දීලා, මැරෙන්න යන සත්තුන්ගේ ජිවිත බේරලා, වතුරට වැටුන සත්තු මකුළුදැල් වල අහු උන සත්තුන්ගේ ජිවිත බේරලා,  ප්‍රාණඝාත සිල් පදය රැකලා ඒ පිංකම් සිහි කරගෙන සත්‍ය ක්‍රියා කරන්න " මම දිර්ඝායුෂ සහිත වෙම්වා" හෝ "මට අවශ්‍ය කාලයක් නොමැරී ජිවත් වීමට හැකි වේවා" කියලා. එතකොට අවශ්‍ය තරම් පින සම්පුර්ණ උනොත් තමන් ප්‍රර්ථනා කරපු දේ ඉෂ්ට වෙන්න පුළුවන්. මේ ආත්මයේදී නොලැබුනත් ලබන ආත්ම වලදී හෝ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවි. හැබැයි ඔය ප්‍රර්ථනා කරනකොට කල්පනා කරලා කරන්න. අපි දැන් ඉන්නේ කලි යුගයේ. මිනිස්සුන්ගේ ආයුෂ ටික ටික අඩුවේගෙන යනවා. අපේ ප්‍රාර්ථනයක් නිසා අපි දිර්ඝායුෂ්ක උනොත් අන්තිම කාලේදී තමන්ගේ කවුරුත් නැතුව පාලුවෙන් විදව විදව තමා ජිවත් වෙන්න වෙන්නේ. ඒ වගේම ආයුෂ දීර්ඝ වුනොත් මහලු වෙලා ලෙඩ ශරීරය අමාරුවෙන් කරගහගෙන අමාරුවෙන් හරියට ඇවිදගන්න බැරුව ඇස් කන් වැඩකරන්නේත් නැතුව ගොඩක් කල් ජිවත් වෙන්න ගිහින් ජීවිතය එපාවෙන්නත් පුළුවන්. ඉංග්‍රීසි කියමනක් තියෙනවා "Be careful what you wish for" කියල. ප්‍රර්ථනා කරන්න කලින් ප්‍රාර්ථනාව ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ධ්‍යාන වඩන යෝගීන් භික්ෂුන් වගේ අයටනම් සාමාන්‍ය අයට වඩා ආයුෂ දීර්ඝ උනාට ප්‍රශ්නයක් නෑ නෑදෑ අවශ්‍යතා යාලුවන්ගේ අවශ්‍යතා නැති නිසා හා තමන් වගේ දිර්ඝායුෂ සහිත අය ආශ්‍රය කරන්න ලෝකේ අනිත් පැත්තට උනත් යන්න පුළුවන් නිසා. ඒත් සාමාන්‍ය ජිවිත ගත කරන අයට අසාමාන්‍ය ලෙස දිඝායුෂ විදීම කියන්නේ සැප සහගත දෙයක් නෙවෙයි තවත් එක් විදවිමක් විතරයි. තමන්ගේ ආච්චි සියා දිහා බලලා ඒ විදවීම තේරුම් අරන් කල්පනා කරලා ප්‍රර්ථනා කිරීම් කරන්න.

(මෙම ලිපි අනවසරයෙන් උපුටාගැනීමෙන් හා පළකිරීමෙන් වලකින්න.)


read more ››

Tuesday, January 2, 2018

බුදුන් උපන්නේ ලංකාවේ නොවන බවට සාක්ෂි (2)


ජම්බුද්වීප මිත්‍යාවේ ඇත්ත හෙළිකරමින්  බුදුන් ඉපදුනේ ඉන්දියාවේ බවට සාක්ෂි රාශියක් සහිතව ඔප්පු කරමින් මම ලිපියක් පල කළා. ඒ පළමු ලිපිය කියවන්න (මෙතන ක්ලික් කරන්න )

මේ වෙනකොට විශාල පිරිසක් ජම්බුද්වීප මිත්‍යාවේ ඇත්ත තේරුම් අරන් තියෙනවා. බුදුන් ඉපදුනේ ලංකාවේ කියල බොරු ඉතිහාස පතුරවන අය ඉදිරිපත් කරන සාක්ෂි වල තියෙන සාවද්‍ය බව ගැන ගොඩ දෙනෙක් කතා බහ කරන්න පටන් අරන් තියෙනවා. ඒ අතරින් ජම්බුද්වීප මිත්‍යාව පිළිබඳව ලංකාවේ ප්‍රසිද්ද භාවනා හා ධර්ම ග්‍රන්ථ රචකයෙකු වෙන නිලන්ත හෙට්ටිගේ මහතා වීඩියෝ කිහිපයක්  නිර්මාණය කරලා තියෙනවා. ඒ වීඩියෝ වල ඉදිරිපත් කරලා තියෙන කරුණු ලිපියක් විදියට ඉදිරිපත් කරන්නයි මේ පොස්ට් එක ලියන්න හිතුවේ.  නිලන්ත හෙට්ටිගේ මහතාත් අධිමානසික විද්‍යාව පිලිබඳ පොත්පත් හා ලිපි පල කරන නිසා මේ බ්ලොග් අඩවිය එතුමාගේ කියලා වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. අපගේ භාවනා නිලන්ත හෙට්ටිගේ මහතා හෝ වෙනත් කිසිම භාවනා උපදේශකයෙකුගේ භාවනා වලට සමාන නෑ.  අපගේ ලිපි සඳහා ඔවුන් කිසිවෙකුගේ ලිපි උපුටාගෙනත් නෑ.



නිලන්ත හෙට්ටිගේ මහතා ඉදිරිපත් කර ඇති බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි කරුණු

* බුදුන් උපන් ලුම්බිණිය කියල  ලංකාවේ පෙන්නන තැන තහවුරු කරන්න පෙන්වන සල් ගස ලංකාවේ ශාකයක් නෙවෙයි මධ්‍යම ඇමෙරිකාවට අවේනික ශාකයක්. 18 ,19 සියවස් වල දේශාටකයන් උද්‍යාන ශාකයක් ලෙස ප්‍රචලිත කරපු ශාකයක්. ඇමෙරිකාවේ කැනොන් බෝල් ලෙසත්  ඉන්දියාවේ නාගලිංගම් ලෙසත් හඳුන්වනවා.

* බුදුන් ඉපදුනේ ලංකාවෙනම් සිංහල භාෂාවෙන් බන නොකීවේ ඇයි? සිංහල හෝ බ්‍රාහ්මි භාෂා වලින් බන කියල නෑ. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ භාෂා විශාල ගණනක් අතුරින් මාගධී භාෂාව තෝරාගත්තේ  සමාජයේ සියලු දෙනා දන්නා භාෂාවක් නිසා කියල දේශනාවේ සඳහන් වෙනවා. පාලි හෙවත් මාගධී භාෂාව ලංකාවේ ජනතාව සාමාන්‍ය කතාබහ කරන භාෂාවක් ලෙස භාවිතා උනා කියල කිසිම ඉතිහාස සාක්ෂියක් ඇත්තේ නෑ. 

* බුදුන් සිටියේ ලංකාවෙනම් උතුරු ආසියානු ,නැගෙනහිර ආසියානු, නැගෙනහිර යුරෝපිය, අරාබි රටවලට ධර්මය පැතිරුනේ කොහොමද? විදේශ රටවල් වලට නැව් මාර්ග වලින් පහසුවෙන් සංචරණය කිරීමට  පුළුවන් උනේ සුදුජාතිකයන් රටවල්  ආක්‍රමණය කරන කාල වලදී. ඊට කලින්   මුහුදෙන් සංචාරය කිරීම ඉතාම දුෂ්කරයි. අර රටවල් සියල්ලටම ධර්මය ප්‍රචලිත කරන්න පුළුවන් උනේ ඉන්දියාවේ සිට ගොඩබිමෙන් ධර්මය ප්‍රචාරණය උන  නිසා.


* කිසිම ඉතිහාසඥයෙකු  2017 වෙනකම් බුදුන් ලංකාවේ ඉපදුන බවට පිළිඅරන් හෝ මතයක් ඉදිරිපත් කරලා නෑ. කිසිම විද්වත් භික්ෂුන් වහන්සේ නමක් බුදුන් ඉපදුනේ ලංකාවේ කියා පිළිඅරන් නෑ.

* ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ ජම්බුද්වීපය සතර මහා  දිවයින් වලින් එකක් කියලා. ඒ කියන්නේ මහාද්වීපයක් කියලා. ලංකාවේ මුහුදට යටවූ කොටස සමග බැලුවත් විශාලත්වය අනුව ලංකාව තියෙන්නේ 32 වන ස්ථානයේ. කුඩා මහාද්වීපයක් වෙන ඔස්ට්‍රේලියාවත් ලංකාව වගේ 7 ගුණයකට වඩා විශාලයි. මෙමගින් හොදින් පැහැදිලි වෙනවා ජම්බුද්විප් නම් මහාද්වීපය kiyanne කුඩා දිවයිනක් වෙන ලංකාව නොවෙන බව.

* ගංගා යමුනා ආදී සතර මහා ගංගාවන් ගැන බුද්ධ දේශනා  වල සඳහන් වෙනවා. ඉන්දියාවේ ඒ ගංගා තාමත් ඒ නම් වලින්මයි හඳුන්වන්නේ. ඒ ගංගාවන් පිළිබඳව සමකාලින හින්දු ග්‍රන්ථ වලත් ඒ නම් වලින්ම සඳහන් වෙනවා. ඒවායේ විශාලත්වය, ආරම්භය , මුහුදට එක් වන තැන් ආදීය ගැන ඇති ත්‍රිපිටක  තොරතුරු සියල්ල ඉන්දියාවේ ගංගා යමුනා නදින් වල පිහිටීම් වලට සම්පුර්ණයෙන්ම සමානයි.


බ්‍රහ්මදත්ත රජ මාලිගය
* බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ   මාලිගාව තාම ඉතාම හොඳ නටඹුන් තත්වයෙන් පවතිනවා. බ්‍රහ්මදත්ත පරම්පරාව තාමත් ඉන්දියාවේ සිටිනවා.

*** බුදුන් වහන්සේගේ සමකාලින ශාස්තෘ  වරයෙක් උන නිගන්ටනාථ අදහන අනුගාමිකයන් තවමත් ඉන්දියාවේ ඉන්නවා. සැවැත් නුවර ආශ්‍රිතව තවමත් නිගන්ටයන් ඉන්නවා. බුදුන් සිටියේ ලංකාවෙනම් නිගන්ටයන් සිටිය යුත්තේ ලංකාවෙයි. බුදුරජාණන් වහන්සේගේ සමකාලින ආගම් වන ෂට් ශාස්තෘ වරුන්ගේ ඉගැන්වීම් වලින් එකක් තමා නිගන්ට ධර්මය. නිගන්ට ධර්මය වගේම අනෙක් ශාස්තෘ වරුන්ගේ අනුගාමිකයන් තාම ඉන්දියාවේ සිටිනවා. ඒ අනෙක් ශාස්තෘ වරුන්ගේ අනුගාමිකයන් කිසිවෙක් ලංකාවේ නැතිව බුදුදහම අදහන්නන් පමණක් ලංකාවේ සිටීමෙන්ම ඔප්පු වෙනවා බුදුදහම ලංකාවට ඉන්දියාවේ සිට පැමිණුන ධර්මයක් බව. අනෙක් ශාස්තෘවරුන්ගේ අනුගාමිකයන් ලංකාවට ආවේ නෑ. ඒ නිසයි ලංකාවේ ඒ ඇදහීම් නැත්තේ. මිහිඳු හිමියන් ධර්මය රැගෙන පැමිණුන නිසයි ලංකාවේ බුදුදහම විතරක් පවතින්නේ. ජම්බුද්වීපය ලංකාවනම් නිගන්ට අදහන අයත් ඈත අතීතයේ ඉදන් ලංකාවේ සිටිය යුතුයි.

*ලුම්බිණිය වටා ඉදිකර ඇති බෞද්ධ සිද්ධස්ථානය කාල නිර්ණය කලවිට ලංකාවේ හෝ වෙනත් කිසිම රටක එතරම් පැරණි කාලයට අයත් බෞද්ධ සිද්ධස්ථානයක් නැති   බව අනාවරණය කරගෙන තියෙනව.

* ලංකාවේ බුදුන් ඉපදුන බවට සාක්ෂි  විදියට ඉදිරිපත් කරන කාරණයක් තමයි සර්වඥ ධාතුන් සියල්ල ලංකාවේ තිබෙන බව පෙන්වීම. මේ ධාතුන් වහන්සේලා ඉන්දියාවේ සිට ලංකාවට ගෙන ආ විස්තර පැහැදිලිව ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වෙනවා. ඒවා නොදන්නා   අය  තමයි මේ තර්ක ගේන්නේ.
ඈත කාලයේ රජවරු සිටි කාලයේදී වැඩමවූ ධාතුන් වලට අමතරව ලංකාවේ රජය කල ඉල්ලීමකට අනුව කනින්හම්ගේ දියණියකගේ මාර්ගයෙන් තවත් ධාතුන් වැඩමවා තියෙනවා.
කපිලවස්තුවෙන් හමුවූ ධාතුන්  වහන්සේලා තැන්පත් කල මංජුසා වල සැරියුත් මුගලන් රහතන් වහන්සේලාගේ නම් පැහැදිලිව ලියලා තියෙනවා.


* මේ වනවිට ඉන්දියාවේ බුද්ධාගම ප්‍රචලිත නැති වීමත් මොවුන් පෙන්වනවා බුදුන් ඉපදුනේ ලංකාවේ බව කියන්න. අශෝක අධිරාජයාගෙන් පසු රජවරු රජවරු බුදුදහමට සැලකුවේ නෑ. අශෝක රජුගේ කාලයෙන් අවුරුදු 100කට  පමණ පසු සිටි රජ කෙනෙකුට කුශිනාත         සෙන්පතියෙක් සිටියා. මේ සෙන්පතියා මෞර්ය රජුව මරා රජකමට  පත් උනා. මොහුගෙන් තමා ශුංග රාජ පරම්පරාව අරබෙන්නේ. මොහු අණ කළා සියලුම බෞද්ධ භික්ෂුන් මරණයට පත් කර හිස් ගෙන එන ලෙසට. ඒ අනුව විහාරස්ථාන 84000ක් විනාශ කළා.  සියලු භික්ෂුන් මරා දැම්මා. ඉන්   පසු ඉතිරි වූ විශාල ලස්සන වෙහෙර විහාර හින්දු පුසාරින්ට පවරා දුන්නා. එමනිසා ඉන්දියාව ක්‍රමයෙන් හින්දු ආගමික රටක් බවට පත් උනා. පසුව මහායාන බෞද්ධ ආගම ක්‍රමයෙන් ඉන්දියාවේ ප්‍රචලිත වෙන්න පටන්ගත්තත් 11 වන සියවසේදී ක්‍රි.ව.1193 පමණ කාලයේදී ඉන්දියාවට උන තුර්කි ආක්‍රමණ වලදී නැවතත් බෞද්ධ සිද්ධස්ථාන හා භික්ෂුන් විනාස කළා. නාලන්දා, වික්‍රමශිලා ආදී බෞද්ධ ස්ථාන ගිනි තබා විනාස කළා. ඒ නිසා ඉන්දියාවේ බෞද්ධ උරුමය විනාශ උනා. මේ නිසා තමයි අද  ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන සුලබ නැත්තේ. මේ ආක්‍රමණ පිළිබඳව ඉන්දියාවේ ඉතිහාස ග්‍රන්ථ වල   සඳහන් වෙනවා.


* කිසිම ඉතිහාස ග්‍රන්තයක බුදුන් ලංකාවේ ඉපදුන බව නෑ. ඉන්දියාවේ බෞද්ධ ඉතිහාස ග්‍රන්ථ විනාස උනත් අතීත සංචාරකයන්ගේ ලිඛිත සටහන් වල බෞද්ධ ඉතිහාස සිද්ධස්ථාන පිළිබඳව වාර්තා කරලා තියෙනවා.

* බුදුන් ඉපදුනේ ලංකාවෙනම් එය  මහාවංශයේ සඳහන් නොවෙන්නේ ඇයි? මහාවංශය බොරුවක්නම් බුදුන්ගේ ශාක්‍ය පෙළපත් රාජාවලියේ නැත්තේ ඇයි?

* ත්‍රිපිටකයේ සඳහන් වෙනවා ලංකා යන දීපය යකුන්ට අධිපති දීපයක් බව. ඒ අනුව මේ කියල තියෙන්නේ ශ්‍රීලංකාව පිළිබඳව කියල තහවුරු වෙනවා. ලංකාව කියල යකුන්ට අයිති දීපයක් ගැන සඳහන් වෙනවනම් ජම්බුද්විප් කියන්නේ ලංකාව වෙන්න විදියක් නෑ.

* ජම්බු කියන නම ඉන්දියාවෙන් කොටසකට තවමත් භාවිතා වෙනවා.  ජංබූ හා කාශ්මීර් කියලා ප්‍රදේශ දෙකක් ඉන්දියාවේ තියෙනවා. ඉන්දියාව ජම්බුද්වීපය කියල හඳුවපු අවස්ථා  හින්දු ආගමික ග්‍රන්ථ වලත් ජෛන ආගමික ග්‍රන්ථ වලත් දකින්න තියෙනවා.

*** සුත්‍ර පිටකයට අනුව ජම්බුද්විපයට අසලම රට කාම්භෝජය කියලයි සඳහන් වෙන්නේ. ඒ අනුව ජම්බුද්වීපය යනු ලංකාව නොවන බවට පැහැදිලියි. දින ගණන් ගමන් කල යුතු වාලුකා කාන්තාර ජම්බුද්වීපයේ ඇති බව සුත්‍ර  පිටක දේශනා වල සඳහන් වෙනවා. ලංකාවේ ඒ වගේ කාන්තාර ප්‍රදේශ කොහෙවත් නෑ.

* දැනට හොයාගෙන තියෙන පැරණිම ස්ථුපය ඉන්දියාවේ සාංචි ස්තුපයයි. ලංකාවේ ඇති ස්තුප ඊට වඩා පැරණි නෑ. ඉන්දියාවේ ඇති වෙහෙර විහාර නටඹුන් වල කාලය ලංකාවේ විහාර නටඹුන් වලට වඩා පැරණියි. බුදුන් සිටියේ ලංකාවෙනම් වඩාත් පැරණි වෙහෙර විහාර තිබිය යුත්තේ ලංකාවෙයි.

* පලවෙනි ධර්ම සංඝායනාව අජාසත් රජතුමා කරවුයේ. දෙවෙනි සංඝායනාව කාලාශෝක රජතුමා කරවුයේ. තුන්වෙනි ධර්ම සංඝායනාව ධර්මාශෝක රජතුමා කරවුයේ. මේ සියලු දෙනාම ඉන්දියානු රජවරු. ඒ වගේම මේ සියල්ල කලේ ඉන්දියාවේදී. බුදුන් ඉපදුනේ ලංකාවෙනම් ඇයි මේ සංඝායනා ඉන්දියාවේදී කලේ?

නිලන්ත හෙට්ටිගේ මහතාගේ වීඩියෝ වලට යොමු වීමට (මෙතන ක්ලික් කරන්න )

බුදුදහම විනාස කරන ජම්බුද්වීප මිත්‍යාව දැන් බිඳ වැටෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසාම මේ   විකෘති පතුරවන අය තමන්ගේ බඩ වියත රැකගැනීම සඳහා මේ විකෘතිය ස්ථාපිත කරන්න හදනවා බොරු මවාපෑම් කරලා. එයාලා සාකච්චා කරන වෙලාවලදී හා ෆේස්බුක් පිටු හරහා මතයක් පතුරවනවා බුදුන් ලංකාවේ ඉපදුන බවට පුරාවිද්‍යා සාක්ෂි තියෙනවා කියලා. හැබැයි ඒවා මොනවද ඇහුවම පෙන්වන්න කිසිම දෙයක් නෑ. කිසි සාක්ෂියක් නැති උනත් තියෙනවා කියල බොරු මතයක් පතුරවනවා. බොරුවට වචනෙන් මවා පාලා ඇත්ත යටගහන්න උත්සහ කරනවා. එයාල අලුත් කතා හදලා අලුත් භාෂා හදලා වචන අර්ථ විකෘති   කරලා කොහොමහරි බොරු ටිකක් ගැටගහගන්න හදනවා විතරයි. මේ දේවල් වලින් හොදට   තේරෙනවා මේ අය කරන්නේ ධර්මය විකෘති කරලා බුදුදහම විනාස කිරීමේ කුමන්ත්‍රණයක්. ගැටලුව තියෙන්නේ ලංකාවේ අසරණ බෞද්ධයෝ මේවා එකපාරට පිළිගෙන ඔවුනුත් ධර්මය විනාශ කරන්න සහභාගී වීම. ඇත්ත දන්න ඔබ සියලු දෙනා මේ විකෘති දකින හැම වරකම මේවට විරුද්ද වෙන්න.

බුදුන් ලංකාවේ උපන්නා කියන අය සත්‍ය යට කරන්න කරන උපක්‍රමය තමයි බුදුන් ඉන්දියාවේ උපන්නා කියන අයට නිග්‍රහ අවලාද කිරීම. “දඹදිව වන්දනා කාරයා” “දේශද්‍රෝහියා” “සුද්දන්ගේ වහලා” “බුදුන් ඉන්දියාවට පටවන දෙමළා” “හෙළයන්ට ද්‍රෝහී උන පරයා” වගේ දේවල් කියල නිග්‍රහ කරලා එයාල මවල පෙන්නන්න හදනවා තමන් තමයි නියම හෙළයා කියලා, බුදුන් ඉන්දියාවේ ඉපදුනා කියන්නේ සුද්දා හදපු ඉතිහාසයක් පිළිගන්න රටට ආදරේ නැති මෝඩ මිනිස්සු කියල මවල පෙන්නලා මතයක් ගොඩනගලා තමන්ගේ විකෘතියට බලයක් ලබාගන්න මේ පිරිස දගලනවා. 
බුදුන් ලංකාවේ ඉපදුනා කියල පිළිගන්න මිනිස්සු තමයි ඇත්තටම විචාර බුද්ධියක් නැති මෝඩ මිනිස්සු. ඉතිහාසය ගැන දැනුමක් නැති ධර්මය ගැන දැනුමක් නැති ධර්මය ප්‍රයෝගිකව වඩා නැති අය ජාතිවාදී බොරු ඉතිහාසයක් ඇහුනාම එකපාරට ෆෝම් වෙලා ඒ බොරුව හිස්මුදුනින් පිලි අරන් ඇත්ත ඉතිහාසයට ගරහනවා. “සැඟවුණු ඉතිහාසය මතු කරනවා” “සුද්දෝ යට කරපු හෙළ අයිතිය මතු කරනවා” “රටට ආදරේ නියම හෙළයෝ”  වගේ වර්ණනා ටිකක් තමන්ට ආරෝපණය කරගන්න තියෙන ළදරු මානසිකත්වය නිසා තමයි ගොඩ දෙනෙක් මේ විකෘති ඉතිහාසය පිළිගන්නේ.
read more ››

Friday, December 29, 2017

ආධුනිකයන් භාවනා ආරම්භ කළ යුතු අයුරු

   


සාමාන්‍ය සමථ හෝ විදර්ශනා භාවනා වඩන අය අනුගමනය කල යුතු පිළිවෙල 

1 ) පළමු පියවර
පළමුවෙන්ම සතියක් භාවනා නොකර යෝගාසන පුරුදු වෙන්න.  විශේෂයෙන්ම පද්මාසනය පුරුදු කරන්න. ආරම්භයේදී විනාඩි 30ක් විතරක් ආසන පුරුදු කරන්න. මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනි දේ තමයි මුළු විනාඩි 30 තිස්සෙම කිසිම චලනයක් සිදු කරන්නේ නැතුව නිශ්චලව ඉන්න පුරුදු වීම. ධ්‍යාන ලබගන්නනම් කය නිශ්චලව තබාගෙන  ඉන්න පුරුදුවිම  අත්‍යවශ්‍ය වෙනවා. පද්මාසනයෙන් වාඩිවෙලා එකදිගට පැය භාගයක්  නිශ්චලව ඉන්න.  තමන්ගේ  ඉරියව්ව ගැන සිහිය   පිහිටවාගෙන ඉදීම විත‍රයි මේ පියවරේදී කරන්නේ. වෙනත් කිසිම භාවනා  අරමුණක් මෙනෙහි කරන්න යන්නෙපා. හිත විසිරෙන්න දෙන්නත් එපා. වෙන වෙන දේවල් කල්පනා කරන්නේ නැතුව තමන්ගේ ශරීරයට සිහිය පිහිටවාගෙන ඉන්න. ශරීරය විශ්ලේෂණය කරන්න යන්නත් එපා. නිකන්ම ශරීරය තිබෙන ඉරියව්ව ගැන සිහිය  පිහිටවාගෙන ඉන්න.

**මෙහෙම කරනකොට අත් කකුල් හරිගස්සන්න  හිතෙන්න පුළුවන්, ගැඹුරින් හුස්ම ගන්න හිතෙන්න පුළුවන්, ඇස් අරින්න හිතෙන්න පුළුවන්, ඇඟ එහාට මෙහාට කරන්න හිතෙන්න පුළුවන්. ඒ කිසි දෙයක් කරන්නේ නැතුව නිශ්චලව ඉන්න. ටික වෙලාවකින් කෙලින් කරන් ඉදපු කොන්ද ඉබේම නැවිලා තමන් පිටිපස්සට ගිහින් වගේ දැනෙන්න  පුළුවන්. ඒ  වෙලාවටත් නිශ්චලව ඉන්න. හැබැයි පිටිපස්සට ගිහින් වැටෙන්න වගේ යනවනම් විතරක් හෙමිට කොන්ද කෙලින් කරගන්න.

පලවෙනි දවස් තුන විනාඩි 30ක් මේ විදියට ආසන පුරුදු කරන්න. ඊලග දවස් දෙක විනාඩි  45ක් කරන්න. අන්තිම දවස් දෙක පැයක් ආසන පුරුදු කරන්න.


මේ විදියට කරනකොට ආසන පුරුදු කිරීමෙන්ම හිත එක්තැන් වෙලා හිතට සැනසීමක් සැහැල්ලුවක් නිවීමක්  දැනෙන්න ගන්නවා.

පද්මාසනය තබාගන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. කකුල් එකිනෙක හරහා දාගෙන යටිපතුල් උඩට හිටින විදියට පුරුදු කිරීම තමා හොදම ක්‍රමය.



ඒ ක්‍රමය අමාරුනම් මේ දෙවැනි ක්‍රමය පුරුදුකරන්න.



අර්ධ පද්මාසන හා සුඛාසන කියන ආසන දෙකත් භාවනා කිරීමට සුදුසුයි. හැබැයි වැඩියෙන්ම හොද පද්මාසනය පුරුදු කිරීම. පද්මාසන ආකාර දෙකෙනුත් පළමු ක්‍රමය තමා වඩාත්ම හොද ක්‍රමය.

--
අර්ධ පද්මාසනය

--
සුඛාසනය

2 ) දෙවන පියවර

සමථ භාවනාවක් වැඩීමට කලින් ජපමාල භාවනාව පුරුදු කරලා තිබීම ඉක්මනින් භාවනාව සාර්ථක කරගන්න  උපකාර වෙනවා.  හිත විතරක් භාවිතා කරන සමථ භාවනා වලින් හිත පලවෙනි පාරට එක්තැන් කරගැනීමට වඩා අත මෙහෙයවමින් හිත එක්තැන් කරන ජපමාල භාවනාව මගින් හිත එක්තැන් කරගන්න ලේසි    කමක් තියෙනවා. ඒ නිසා සතියක්  ආසන පුරුදු කිරීමෙන් පස්සේ  සති තුනක් හෝ   හතරක් ජපමාල භාවනාව කරන්න. සති තුනකින් පස්සේ තුන් වන පියවරට යන්න. ජපමාල   භාවනාව ලිපිය කියවන්න (මෙතන ක්ලික් කරන්න )

මේ භාවනාව මගින් හිත ගොඩක් හොදට එකඟ වෙනවානම්  සති තුනකින් පස්සේ තුන් වන පියවරට නොයා එකදිගට මාස තුනක් විතර මේ භාවනාවම වඩන්න.


3 ) තුන් වන පියවර
තමන් කැමති සමථ භාවනාවක් තෝරාගෙන එකදිගට මාස තුනක් ඒ භාවනාව වඩන්න. භාවනාවකින්   හිත  සැලකිය යුතු මට්ටමකට එකඟ වෙන්න මාස තුනක් විතර යනවා. ඒ නිසා පොඩි කාලෙකින් භාවනාව අතැරලා දාන්න   එපා. හිතෙන හිතෙන විදියට භාවනා මාරු කරන්න යන්නත් එපා. අඩුම ගානේ මාසයක්වත්   එකදිගට  එක භාවනාවක් පුරුදු කරලා බලන්නේ නැතුව  වෙනත් භාවනාවකට මාරු වෙන්නෙපා.



කුණ්ඩලිනි භාවනා වඩන අය අනුගමනය කල යුතු පිළිවෙල


1 ) පියවර - සමථ භාවනා සඳහා දී ඇති පළමු පියවර විදියටම කරන්න

2 ) පියවර
භාවනාවට කලින් සති 2ක්  ප්‍රාණයාම කරන්න. ප්‍රාණයාම කරන ආකාරය ලිපිය කියවන්න ( මෙතන ක්ලික් කරන්න )

ප්‍රාණයාම මගින් හිත ගොඩක් හොදින් එක්තැන් වෙනවනම් තුන්වෙනි පියවරට එන්නේ නැතුව එකදිගට මාස දෙකක් විතර ප්‍රාණයාම පුරුදු කරන්න.

3 ) පියවර - සමථ භාවනාව සඳහා දී තියෙන දෙවන පියවර - ජපමාල භාවනාව සති 3ක් 4ක් කරන්න.

4 ) කුණ්ඩලිනි හෝ තෙවැනි ඇස භාවනා වලින් තමන් කැමති එකක් තෝරාගෙන එකදිගට මාස තුනක් කරන්න.

කුණ්ඩලිනි භාවනාව ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න )
තෙවැනි ඇස භාවනාව ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න )


* මේ පියවර අනුගමනය කරන ගමන් පලවෙනි පියවරේ ඉදන්ම පන්සිල් රකින්න පුරුදු වෙනවනම් හිත එක්තැන් කරගන්න ඒක උදවුවක් වෙනවා. ඔක්කොම බැරිනම් තමන්ට රකින්න පුළුවන් සිල් පද ටිකවත් ආරක්ෂා කරන්න.

* ඒ වගේම භාවනා නොකරන වෙලා වලදී සිහිය පුරුදු කිරීම හිත ඉක්මනින් එක්තැන් කරගන්න උපකාර වෙනවා. තමන් කරන හැම දෙයක්ම සිහියෙන් කරන්න. කල්පනා කර කර හීන මව මව වැඩ කරන්නෙපා. කරන කියන හැම දෙයක්ම සිහියෙන් කරන්න.

* පලවෙනි පියවරේ සිට සියලුම දේවල් එකදිගට හැමදාම කිරීම අත්‍යවශ්‍යයි. කඩින් කඩ  භාවනා කලොත් හැමදාම එකම මට්ටමේ ඉන්නවා මිසක් දියුණු වෙන්න ලැබෙන්නේ නෑ. කඩින් කඩ භාවනා කලොත් හැමදාම මුල ඉදන් හිත එක්තැන් කිරීම පටන්ගන්නයි වෙන්නේ. හැමදාම එකදිගට පටන්ගත්තොත් අද ඉවර කරපු තැනින් හෙට පටන්ගන්න පුළුවන්. අදට වඩා වෙලාවක් හෙට සමාධිය පවත්වන්න පුළුවන්.

මේ නිසා භාවනාවට කලින් මුලින්ම හැමදාම භාවනා කරන්න පුළුවන් වෙලාවක්  තෝරාගන්න.  හැමදාම එකම තැනක  ඉදන් භාවනා කරන්නත් පුලුවන්නම් ගොඩක් හොදයි. භාවනා කරන්න එක වෙලාවක් හා එක තැනක් වෙන් කරගන්න.

කුණ්ඩලිනි භාවනා කරන්න කලින් මුලික උපදෙස් ලිපිය අනිවාර්යෙන් කියවන්න. ලිපියේ සඳහන් උපදෙස් වලට අනුව විතරක් භාවනා කරන්න. ලිපිය කියවන්න ( මෙතන ක්ලික් කරන්න )
read more ››

Tuesday, December 26, 2017

සෞභාග්‍ය ඇතිකරන අධිමානසික අභ්‍යාසයක්


අද මම පැහැදිලි කරන්න බලොරොත්තු වෙන්නේ සිතේ ශක්තිමත් බව වැඩිකරන සිත ප්‍රබෝදයට පත් කරන කෙටි භාවනාවක්. මේ භාවනාව මම නිර්මාණය කරලා දියුණු කරපු භාවනාවක්. බ්ලොග් අඩවියේ Views 200 000 පසු කිරීම වෙනුවෙනුත් අද දිනට (2017 - 12 - 27 දිනට) යෙදී තියෙන මගේ උපන්දිනය වෙනුවෙනුත් මම දියුණු කරපු මේ භාවනා ක්‍රමය පලකරන්න තීරණය කළා.
මේක භාවනාවකටත් වඩා මානසික අභ්‍යාසයක් කියල කියන්න පුළුවන්. හැමදාම උදේ ඉර එලිය පායාගෙන එන වෙලාවේ හෝ හවස 7 වගේ වෙලාවන් මේ අභ්‍යාසය වරක් දෙවරක් කරන්න.


දිග හුස්මක් අරන් පිටකරන්න. ඒත් එක්ක ඇතිවෙන සැහැල්ලුව අත්විදින්න.  තුන් පාරක් මේ විදියට හුස්ම පිටකරන්න

මීලගට මේ දේවල් හිතන්න. හිතන ගමන් ඒවා සිදුවෙන බව සිතින් දකින්න. වචන වල අර්ථ හොදින් සිහිකරමින් අභ්‍යාසය කරන්න.
   මගේ කය සැහැල්ලු වෙනවා
   හිත සැහැල්ලු  වෙනවා
   මම සැහැල්ලුයි සැහැල්ලුයි සැහැල්ලුයි
   මගේ හිත පිරිසිදුයි පාරිශුද්ධයි ප්‍රභාශ්වරයි මගේ හිත පිරිසිදුයි පාරිශුද්ධයි ප්‍රභාශ්වරයි මගේ හිත පිරිසිදුයි       පාරිශුද්ධයි ප්‍රභාශ්වරයි 


නැවතත් දිග හුස්මක් ගන්න. හුස්ම ගන්නා විට හිසේ සිට පාදාන්තය දක්වා මුළු ශරීරයම විශ්ව ශක්තියෙන් නැහැවී යන බව සිතින් දකින්න. ශරීරය පදාර්තමය ස්වභාවයෙන් මිදී ශක්තිමය ස්වභාවයට පත්වෙන බව සිතින් දකින්න. මේ විදියට  කීප වරක් හුස්ම ගන්න. මුළු ශරීරයම ශක්තියෙන් තැනි ඇති බව ආලෝකයෙන්  තැනි ඇති බව සිතින් දකින්න. කුණ්ඩලිනි  චක්‍ර හතම සක්‍රිය වන බවත් චක්‍ර වලින් ස්වර්ණාලෝක ශක්ති කිරණ පිටවෙමින්  දිලිසේනබවත් සිතෙන් දකින්න. ඒත් සමග ශක්තිමය ස්වභාවයට පත් වී ඇති ශරීරය ආලෝකමත්ව දිලිසෙන බවත් ශරීරයෙන් සියලු දිශා වලට ස්වර්ණමය ආලෝක රැස් පිටවෙන බවත්  සිතින් දකින්න. මුළු වටපිටාවම ආලෝකමත් කරමින් චක්‍ර වලිනුත් ශරීරයෙනුත් ස්වර්ණමය රැස්   පිටවන බව සිතින් දකින්න. ඒ ශක්ති කිරණ මුළු විශ්වය පුරා පැතිරී  යන බව සිතින් දකින්න.




මීලගට මේ විදියට හිතන්න. හිතන ගමන් මේවා සිදුවෙන බව සිතින් දකින්න.
විශ්වය ශක්තිමයයි. මමත් ශක්තිමයයි.  ශක්තිමය මා විශ්ව ශක්තිය සමග මුහු වෙනවා.  විශ්වයට සම්බන්ධ වෙනවා. විශ්වය සමග   ඒකාත්මික වෙනවා. මම විශ්වයට විවෘත වෙනවා. විශ්වයේ සියලු යහපත් ශක්තින් මා වෙත එනවා. දිව්‍යමය සුභ  ශක්තින් මා වෙත ආකර්ෂණය වෙනවා. සියලුම යහපත් සුභවාදී දිව්‍යමය ශක්තින් වලින් මාව නැහැවෙනවා. මා වෙත සෞභාග්‍ය සතුට වාසනා ශක්තින් ඇදී එනවා. ඒ ශක්ති  වලින් මාව නැහැවෙනවා. මගේ ශරීරය පුරා ඒ ශක්තින් ගබඩා වෙනවා.  සියලුම අයහපත්  ශක්තින් ඉවත් වී විසි වී යනවා. සියලුම දිව්‍යමය සුභ ශක්තින් මා තුලට කිඳා බහිනවා.
ඒවා මගින් මගේ ජීවිතය සාර්ථක  වෙනවා. මගේ ජීවිතය සෞභාග්‍යමත් වෙනවා. සැප සම්පතින් පිරි යනවා. මා තුල ගබඩා වන ශක්තිය  යහපත් සිතුවිලි ලෙස යහපත් වචන ලෙස යහපත් ක්‍රියා ලෙස නැවත විශ්වයට ප්‍රදානය කරනවා.
මම ආලෝකමත්.
මම ප්‍රභාශ්වරයි.
මගේ සිත ශක්තිමත්
මම සතුටින්
මම ප්‍රීතිමත් වෙනවා,  ප්‍රබෝදමත් වෙනවා,  සුවපත් වෙනවා,  සැපවත් වෙනවා
මගේ සිත පිරිසිදුයි පාරිශුද්ධයි ප්‍රභාශ්වරයි


මීලගට විනාඩි තුනක් පමණ කිසිවක් නොහිතා නිශ්චලව හිත දිහා බලා ඉදලා භාවනාව නතර කරන්න.

මේ අභ්‍යාසය කීප වරක් කලාම හිත හොදින් ප්‍රබෝදමත් වෙනවා. ශක්තිමත් වෙනවා. හිතේ තියෙන අදුරු ගති නැතිවෙලා ගිහින් ධනාත්මක බවක් ඇතිවෙනවා. Stress  වෙලාවක  හිත Refresh කරගන්නත් මේ භාවනාව උපකාර කරගන්න පුළුවන්. මේක ධ්‍යාන ලබාගන්නා භාවනාවක් නෙවෙයි. ඒ  නිසා විනාඩි 5 - 10 කට වඩා මේක කරන්න එපා. මේ අභ්‍යාසය ජිවිතයේ සාර්ථකත්වයට අවශ්‍ය මානසික ශක්තිය ලබාගන්න දිනපතා උදේ හෝ හවස පොඩි වෙලාවක් පුරුදු කරන්න.


මේ අභ්‍යාසය කරනකොට වාඩි වී ඉන්නේ නැතුව සිටගෙන ඉදිමින් අත්   උරහිස් මට්ටමට පහලින් දෙපසට විහිදුවාගෙන හිස තරමක් ඉහලට ඔසවාගෙන ඉන්නවානම් ගොඩක් හොදයි. ඒ ඉරියව්වෙන් ඉන්නකොට විශ්ව ශක්තිය වටපිටාවේ සිට තමන් තුලට එනවා කියල හොදින් සන්වෙදනය වෙනවා.





 


(මෙම ලිපි අනවසරයෙන් උපුටාගැනීමෙන් වලකින්න.)

read more ››

Sunday, December 24, 2017

200 000 Views!!!

       
               බ්ලොග් එකේ total views 200 000 මට්ටමට ඇවිත් තියෙන බව පාටක හැමෝටම සතුටින් දැනුම් දෙන්න කැමතියි. බ්ලොග් එකක් විදියට මේ අඩවිය ආරම්භ කලේ සම්ප්‍රදායික බ්ලොග් එකක් කරනවට වඩා භාවනා යෝග ආදී අධිමානසික හැකියා ලබාදෙන ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින්. මේ වනකම් කාලයක් තිස්සේ භාවනා ක්‍රම වලට මුලිකත්වය දීලා ලිපි පළකරපු නිසා ඉදිරියට භාවනා හා යෝග පිළිබඳව ලිපි පලකරනවාට අමතරව අධිමානසික හැකියා භාවිතයේදී ලැබුණු අත්දැකීම් ගැනත් දෙවිවරුන් හා යෝගීන් ගැන තොරතුරුත් පලකරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මේ කාලයේ මිත්‍යා මත වලින් වැහිලා තියෙන රාවණා සම්බන්ධ සත්‍ය තොරතුරු කතා මාලාවක් විදියට ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

                            මගේ මේ බ්ලොග් අඩවිය එක්ක එකතු වුන හා ෆේස්බුක් හරහා උදවු කරපු අයටත් විශේෂයෙන්ම භාවනා හා යෝග ක්‍රම කරලා බලපු හා කරමින් අත්හදා බලන හමොටම ස්තුතියි. මේ දේවල් පල කිරීමේ හරය වෙන්නේ මේ දේවල් පරික්ෂා නොකර බැහැර කරන්නෙත් නැතුව අන්ධ භක්තියෙන් පිළිගන්නෙත් නැතුව කරලා බලල අත්හදා බලලා ප්‍රතිපල ලබාගැනීම තුලයි. බුද්ධ ධර්මය යෝග භාවනා වගේ දේවල් රැකෙන්නේ ඒවා කරපින්නාගෙන පම්පෝරි ගැසීමෙන් නෙවෙයි ප්‍රායෝගිකව පුහුණු කිරීමෙන්. ඉතින් සියලු ආකාර වලින් උදවු කරපු අයට ස්තුති කරන ගමන් මේ වෙනකන් මේ දේවල් අත්හදා නොබලපු අයට මේවා කරලා බලන්න කියලත් මතක් කරනවා. කරලා බලලා අනිත් අයටත් මේ දේවල් ගැන දැනුවත් කරන්න උදවු කරන්න කියලත් මතක් කරන්න කැමති.



read more ››

Thursday, November 30, 2017

ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන ලබාගන්නා ආකාරය


ආනාපානසති භාවනාව ගැන බොහෝ ලිපි හා පොත් පත් තිබුනත් ගොඩ දෙනෙක් සරින් සැරේ මේ ගැන ලිපියකින් පැහැදිලි කරන්න කියල ඉල්ලලා තියෙන නිසා ආනාපානසති භාවනාව ගැන මේ ලිපියෙන් පැහැදිලි කරන්න බලපොරෝත්තු වෙනවා. බුදුදහමේ මුලික අංගයක් වන ආනාපානසති භාවනාව බුදුරජාණන් වහන්සේ නමක් පමණක් ලෝකයට හෙළි කරන භාවනාවක්.සතර සතිපට්ටානයට අයත් කායානුපස්සනා භාවනා වලින් මුල්ම භාවනාව ආනාපානසති භාවනාව. ආනාපානසති භාවනාව සමාධිය දියුණු කරගන්න වගේම සත්‍යාවබෝධය උදාකරගන්නත් උපකාර කරගන්න පුළුවන් භාවනාවක්. ආනාපානසතිය දියුණු කරන්න එතරම් ලේසි භාවනාවක් නෙවෙයි. සසර පුරුද්දක් තියෙන අයට ඉක්මනින් හිත එකඟ උනත් ආධුනිකයන්ට ආනාපානසතියෙන් හිත එක්තැන් කරන්න ටිකක් අපහසුයි. ඒ නිසාම වීර්යය සහිතව එකදිගට උත්සහ කලොත් ඉතා ගැඹුරු සමාධියක් ලබාගන්න ආනාපානසති භාවනාව උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අමතරව ආනාපානසති භාවනාව වඩන කමටහන් කීපයක්ම මේ වනකොට බිහිවෙලා තියෙනවා. ඒවා මගිනුත් ධ්‍යාන ලබාගැනීම සිදුකරගන්න පුළුවන්.

ආන = ආශ්වාසය. ආපාන = ප්‍රශ්වාසය. ආනාපාන සති කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහිය පිහිටවීම.

ආනාපානසතිය වැඩීමට මිනිස් සම්බන්ධතා, ශබ්ද, ආදී බාධා රහිත වෙලාවක් තෝරාගන්න. පලිබෝද රහිත ප්‍රදේශයකට ගිහින් ආනාපානසතිය වඩන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ගිහි ජිවත ගත කරන  අයට එහෙම යන්න පුළුවන් කමක් නැති නිසා දවසේ බාධා අඩුම වෙලාව භාවනාව    සඳහා වෙන් කරගන්න.  ආනාපානසතිය වැඩිය යුත්තේ භාවනා ආසනයකින් හිඳගෙන පමණයි.  වෙනත් ඉරියව් වලින් ආනාපානසති භාවනාව වඩන්න හොඳ නෑ. බද්ධ පර්යංකයෙන් වාඩි වී හිස කඳ ගෙල ඍජුව තියාගෙන භාවනා කරන්න. ශරීරය තරමක්   සැහැල්ලුවෙන් තියාගන්න.

භාවනාව කරන්න ඕනි මෙහෙමයි,
ඇස් පියාගෙන හුස්ම දෙස අවදානයෙන් බලා හිදින්න. සිහියෙන් හුස්ම ගන්න. සිහියෙන් හුස්ම පිටකරන්න. හුස්ම ගැන අවදානය යොදනකොට ඉබේම උවමනාවෙන් හුස්ම පාලනය කරන්න පෙලබෙන්න පුළුවන්. උවමනාවෙන් හුස්ම පාලනය කිරීම සිදුකරන්නෙපා. ස්වාභිවික රිද්මයෙන් ආන ආපාන සිද්දවෙන්න දීලා එයට අනුව සිහියෙන් හුස්ම ගැනීමත් පිටකිරීමත් කරන්න.  හුස්ම ඇතුල්වීම ගැන "එනවා එනවා" කියල සිතුවිලි පහල කිරීමක් කරන්නේ නෑ. හැබැයි භාවනාව ආරම්භයේදී හුස්මට සිහිය පිහිටවීම එකපාරට අපහසුනම් මුල් කාලයේදී හුස්ම එනවිට " එනවා එනවා" "ආශ්වාස වෙනවා" "ආන" ආදී තමන් කැමති විදියටත් හුස්ම පිටවන විට "යනවා" ප්‍රශ්වාස වෙනවා" ආපාන" විදියටත් සිතින් හිතමින් භාවනා කලාට කමක් නෑ.

හිත තරමක් එක්තැන් වෙනකම් සති 3ක් 4ක් පමණ හුස්ම පැමිණීම පිටවීම ගැන පමණක් සිහිය පිහිටවන්න. සිත එක්තැන් වෙනකොට හුස්මේ වෙනස්කම් දැනෙන්න ගන්නවා. එතකොට දිග හුස්මක් ගන්නා විට දිග හුස්මක් බව දැනගන්න. කෙටි හුස්මක් එනවිට කෙටි හුස්මක් බව දැනගන්න. දිගු ප්‍රශ්වාසයක් වෙනකොට දිග ප්‍රශ්වාසයක් බව දැනගන්න. කෙටිව ප්‍රශ්වාස වෙනකොට කෙටි ප්‍රශ්වාසයක් බව දැනගන්න. මෙතනදීත් "දිගයි දිගයි"   ආදී විදියට සිතින් සිතීමක් කරන්නේ නෑ. දිග හෝ කෙටි බව දැනගෙන ආශ්වාස ප්‍රශ්වාස කිරීමයි කරන්නේ.

මේ විදියට භාවනා කරන කොට හුස්ම ක්‍රමයෙන් සැහැල්ලු වෙනවා. එතකොට හුස්ම සැහැල්ලු වීම ගැන සිහිය ඇතිවෙනවා. එතකොට හුස්මේ සැහැල්ලු බව දැනගෙන එකදිගට භාවනාව කරන යන්න. "මගේ සමාධිය දියුණු වෙලා" කියල හිතල සැහැල්ලුව අත්විදින්න යන්නෙපා. සැහැල්ලුව දැකලා සැහැල්ලු බව දැනගෙන එකදිගට ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහිය පිහිටවන්න.

හුස්ම සැහැල්ලු වෙනකොට ඒ කියන්නේ හුස්ම සංසිදෙනකොට ක්‍රමයෙන් සිතේ ප්‍රීතිය ඇතිවෙනවා. එතකොට ප්‍රීතිය දැනගෙන සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න. සිතේ ඇතිවෙන ප්‍රීතිය රසවිදින්න යන්නෙපා. එකදිගට හුස්ම පැමිණීම පිටවීම ගැන සිහිය තියාගන්න.  මේ දේවල් කියවනකොට මේවා  කරන්නේ කොහොමද කියල පැටලිලි සහගත වෙන්න පුළුවන් භාවනා කරගෙන යනකොට  ඒ ඒ අවස්තාවට ආවම මේ කරුණු තේරෙනවා. ඒ නිසා මේවා ගැන මුලික දැනුමක් තිබුනාම ඇති. මේ කරුණු දැනගෙන මුල ඉදන් භාවනාව කරගෙන යන්න. කියවනකොට නොතේරෙන කරුණු ගැන හිතන්න අවශ්‍ය නෑ. අදාළ අවස්ථාවට ආවම ඒවා තේරෙන්න ගන්නවා.

මේ විදියට එකදිගට භාවනා කරනකොට සිතේ ප්‍රීතිය නිසා කයට අමුතු සැපයක්, සුව පහසුවක්, පාවෙනවා වගේ සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා.  ආනාපාන අරමුණු ගැන සිහිය පිහිටවීම අත්හැරලා සැහැල්ලුව අත්විදින්න රසවිදින්න යන්න එපා.  ඒ සැපය දැනගෙන එකදිගට සිහියෙන් හුස්ම ගැනීම හුස්ම හෙලීම සිදුකරන්න.

මෙහෙම කරනකොට හුස්ම ගැනීම පිටකිරීම ගැන පහල කරන සිතුවිලිත්, ප්‍රීතිය සුඛය හඳුනාගැනීමත්, ප්‍රීතිය සුඛය විඳීම් ආදී සිතුවිලි හොදින් පැහැදිලි වෙලා ඉස්මතු වෙලා පෙනෙන්න ගන්නවා. සිතේ වෙනත් අරමුණු නැති වීම නිසාත් සිතේ සංසිදීම නිසාත් භාවනාමය සිතුවිලි ඉස්මතු වෙලා පෙනෙනවා. එතකොට ඒ ඉස්මතු  වෙලා පෙනෙන සිතුවිලි, විදීම්, හදුනාගැනීම්, සිහිය පිහිටීම් ගැන සිහියෙන් යුක්තව භාවනාව එකදිගට කරන්න.

මේ තත්වය ඉදිරියට යනකොට සිතේ එකතැන් වීමත් එක්ක ඒ ප්‍රකටව පෙනෙන සිතුවිලි ස්වභාව වල සන්සිදීමක් ඇතිවෙනවා.  එතකොට ඒ සංසිදීම පිළිබඳව අවදානයෙන් යුක්තව ආශ්වාස ප්‍රශ්වාසය ගැන සිහිය පවත්වන්න.

මේ සිතුවිලි සංසිදීම වෙන්න වෙන්න ප්‍රභාශ්වර මුල සිත අරමුණු වෙන්න ගන්නවා. එතකොට ඒ සිත අරමුණු වීම ගැන අවධානයෙන් යුක්තව එකදිගට භාවනාව කරමින් සිහියෙන් හුස්ම ගැනීමත් පිටකිරීමත් කරන්න. මේ මට්ටමට එනකොට සිත ධ්‍යාන මට්ටමට පත්වෙනවා.


මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කල මුල් ආනාපානසති භාවනා ක්‍රමය. මේ ක්‍රමයේදී හුස්ම වදින තැනක් පිළිබඳව අරමුණු කිරීමක් හෝ හුස්ම වාර ගණන් කිරීමක් කරන්නේ නෑ. මුලින්ම භාවනාව පටනගන්න කෙනෙක් ඉස්සෙලාම මාස තුනක් විතර මේ විදියට භාවනාව පුරුදු කරන්න. හුස්ම ගැන   පමණක් සිහිය පිහිටවලා භාවනා කරන්න. එකදිගට උත්සහ   කරනවානම් මේ බුද්ධ  භාෂිතයට අනුව ඉක්මනින් සිත එක්තැන් කරගන්න පුළුවන්.


                                            ආනාපානසති භාවනාව වැඩීමට තවත් ක්‍රම කීපයක් පසුකාලීනව බිහිවෙලා තියෙනවා. මුල් බුද්ධ දේශනාව නොවුනත් මේ ක්‍රම මගිනුත් ධ්‍යාන ලබාගත් පිරිස ඉන්න නිසා ඒවා පිළිබඳවත් සඳහන් කරන්නම්.

                                            ආශ්වාස ප්‍රශ්වාස පිලිබඳ සිහියෙන් ඉදලා නහය අග, තොල් උඩ හෝ නහය තුල හුස්ම වදින තැනක් අරමුණු කරගෙන එතන හුස්ම වැදීම අරමුණු කරගෙන ආශ්වාසය හා ප්‍රශ්වාසය හඳුනාගැනීම එක ක්‍රමයක්. මේ ක්‍රමයේදීත් අවධානය යොමු කරන්නේ හුස්ම ඇතුළුවීම පිටවීමට මිසක් ඒ තැනේදී හුස්ම වැදීම පිළිබඳව නෙවෙයි. හුස්ම වැදෙන තැනක් හොයාගන්නේ හුස්ම යාම ඒම අරමුණු කරගන්න ලේසි වෙන්න.

                                            හුස්ම එන වාරයක් පාසා හෝ පිටවන වාරයක් පාසා "එකයි දෙකයි" ආදී විදියට 10 වෙනකම් සිතින් ගණන් කිරීම තවත් ක්‍රමයක්.  හුස්ම යන එන අවස්ථා දෙකේදීම ගණන් කිරීම කරන්න එපා. එතකොට ආශ්වාස ප්‍රශ්වාස කිරීම ගැන අවධානය යොමු කරන්න බැරි වෙනවා.

                                           මේ වගේ ක්‍රම භාවිත කරන්නේ භාවනා අරමභයේදී පමණයි. ඊට පස්සේ තියෙන පියවරවල් වල වෙනසක් නෑ. ත්‍රිපිටක දේශනාවේ තියෙන විදියටම තමා ඊලග පියවරවල් දියුණු කරන්නේ. ආනාපානසති භාවනාව හොදින් පුරුදු කලාම හිත ඉක්මනින් එක්තැන් කරගන්න පුළුවන් භාවනාවක්. ආනාපානසතිය දියුණු වීමේදී ආලෝක නිමිති වගේ උද්ග්‍රහ නිමිති ප්ටිග්‍රහ නිමිති සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ නෑ. ඒකට හේතුව ආනාපානස්තියේ අරමුණ හුස්ම නිසා. උද්ග්‍රහ පටිග්‍රහ නිමිති  විදියට  වෙන්නේ හුස්ම රැල්ල වඩාත් පැහැදිලිව අරමුණු වීම පමණයි. කලාතුරකින් සමහර කෙනෙක්ට ආලෝක නිමිති ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ  කෙනෙක්ට එක්කෝ එකදිගට හුස්ම ගැනම අවධානය යොමු   කරලා භාවනා කරන්නත් පුළුවන්. නැත්තම් ආලෝක නිමිත්ත දියුණු කරගෙන ධ්‍යාන වලට පත්වෙන්නත් පුළුවන්. මම හිතන හැටියට බහුතරයකට වඩාත් සුදුසු ක්‍රමය ආලෝක නිමිති ආදිය ගැන අවධානය නොදක්වා එකදිගට හුස්ම ගැනම සිත එකඟ කිරීම.

ආනාපානසතිය මගින් තරමක් දුරට සිත එකඟ වෙන්න පටන්ගන්නකොටත් අනුන්ගේ සිතුවිලි දැනීම අනාගතේ වෙන්න තියෙන දේවල් දැනීම වගේ අත්දැකීම් ලැබෙනවා. ආනාපානසතියෙන් දෙවන ධ්‍යානය ලබාගත් කෙනෙක්ට ශරීරයෙන් සිත වෙන් කරගෙන මනොකායෙන් ගමන් කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී සිත පවතින්නේ සුක්ෂම කයක් තුල නිසා දෙවියන් අමනුෂ්යන් ආදීන් දකින්නටත් සන්නිවේදනය කරන්නත් පුළුවන් වෙනවා. හොදින් පුරුදු උන කෙනෙක්ට මනොකායෙන් දිව්‍යලෝක වලටත් විවිද ග්‍රහලෝක වලටත් ගමන් කරන්න පුළුවන් වෙනවා. චතුර්ථ ධ්‍යාන මට්ටමට හිත දියුණු කලාම පංච අභිඥා ලබාගන්න පුළුවන්.

 ආනාපානසතියේ අරමුණ හුස්ම නිසා පොඩි වෙලාවක් භාවනා කලත් හිත හොදින් සැහැල්ලු වෙලා හොදින් එක්තැන් වීම සිද්දවෙනවා. හැබැයි ආරම්භයේදී ගොඩක් අයට ආනාපානසති අරමුණෙ හිත එකඟ කරන්න අමාරු ගතියක් තියෙනවා. ඒ නිසා හදිස්සි වෙන්නෙත් නැතුව ප්‍රතිපල නොලැබුණාම උත්සාහය අතාරින්නේත් නැතුව එකදිගට උත්සහ කරලා ධ්‍යාන මට්ටමට සිත පත් කරගන්න උත්සහ කරන්න.

ආනාපානසති භාවනාවට සම්බන්ධ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේගේ ලිපියක තිබුණු උපදෙස් කීපයක් වැදගත් කියල හිතුන නිසා mahamevnawa.lk වෙබ් අඩවියෙන්උපුටාගෙන මෙතන සඳහන් කරනවා-

වාඩි වීම අපහසු නම්….
දැන් ඔබට පළඟක් බැඳගෙන වාඩිවීම තමයි ටිකක් අමාරු කාරණාව. මොකද අපේ රටේ බොහෝ දෙනෙකුට පළඟක් බැඳගෙන වාඩිවුණාට පස්සේ කොන්ද කෙළින් කරගන්න අමාරුයි. මේකට පොඩි උපක‍්‍රමයක් තියෙනවා. උපක‍්‍රමේ තමයි ඔබට පුළුවනි පුංචි මෙට්ටයක් (රබර් මෙට්ට නෙවෙයි, රබර් මෙට්ට අමාරුයි) කොහු මෙට්ටයක වගේ පොඩි මෙට්ටයක් හරිගස්ස ගන්න. අඟල් තුන හතරක් විතර උසට, එහෙම නැත්නම් ඔබට පුළුවනි පුංචි බංකුවක් හරිගස්ස ගන්න. අඟල් තුන හතරක් උසට.
හරිගස්සගෙන ඊට පස්සේ ඒකේ වාඩිවෙලා කකුල් දෙක පහළට දාගෙන ඊට පස්සේ ඔබට කොන්ද කෙළින් කරගන්න පුළුවන්. ඉතින් ඔබ එ්කෙදි සැලකිලිමත් වෙන්න අවධානය යොමු කරගන්න. හේත්තු වෙන්න පුරුදු වෙන්න එපා. හේත්තු වෙන්න පුරුදු වෙන්නෙ නැතිව ආසනේ වාඩිවෙලා කොන්ද කෙළින් කරගන්න පුරුදු වෙන්න. සමහරුන්ට පුළුවනි බොහොම ලස්සනට බිම වාඩිවෙලා එරමිණිය ගොතාගෙන හොඳට කොන්ද කෙළින් කරගන්න. එ් නිසා එ් විදිහට ඔබට බැරිවුණා කියල ඔබ පසුබට වෙන්න එපා. ඔබට පුළුවන්කම තියෙනවා එ් විදිහට වාඩිවෙලා කොන්ද කෙළින් කරගන්න. එතකොට ඔබගේ මූලික කරුණ හරි.

මතක තියාගන්න ඒකට වීරිය, නුවණ සිහිය වුවමනයි. මේ වීරියත්, නුවණත්, සිහියත් පාවිච්චි කරල දැන් ඔබ කරන්න ඕනෙ මොකක්ද? සිහියෙන් හුස්ම ගන්න එක. සිහියෙන් හුස්ම හෙලන එක. හැබැයි මේකට ඔබ පොඞ්ඩක්වත් මානසිකව දුක්වෙන්නෙ නැති, පසුබහින්නෙ නැති, පසුතැවෙන්නෙ නැති පරිසරයක් හදාගන්න ඕනෙ. හිතින් දුක් විඳින්න නම් එපා. ඔබ එසේ කරන විට සිත එකඟ වෙන්නෙ නෑ කියල තැවෙන්න එපා. ඔබ කළ යුත්තේ සිහිය පිහිටුවාගෙන හුස්ම ගැන ඒ කියන්නේ ආනාපානසතිය ගැන, ඒ කියන්නේ ආශ්වාස ප‍්‍රශ්වාස ගැන සිහිය පිහිටුවීමයි. එතකොට ඔබට මේ ආශ්වාස ප‍්‍රශ්වාස වල සිහිය පිහිටුවාගෙන ඔබේ සිත දියුණු කරගෙන උදාර මනුස්ස ජීවිතයක් ලබාගන්නට පුළුවන් වෙනවා.
එතකොට ආශ්වාස ප‍්‍රශ්වාසයේ සිහිය පවත්වන එක ඔබ වෙනස් කරන්නෙ නෑ. බොහෝ දෙනෙකුට සිද්ධවෙන මූලික ගැටලූවක් තමයි, භාවනාව සිදුකරගෙන යනකොට සමාධියක් ඇතිවුණා කියමු. ඒ කෙනා හිතන්නෙ මේ සමාධිය ඉබේ හටගත්ත එකක් කියලයි. සමාධිය ඇතිවුණේ සමාධිය ඇතිවෙන ආකාරයට හේතු සකස් වුණු නිසා. වීර්යය පිහිටපු නිසා. නුවණ පිහිටපු නිසා. හේතු නිසා ඒ සමාධිය සකස් වුණේ. සමාධියෙන් නැගිටින කොට ඒ සමාධිය නැතිවෙලා යනවා. එ්ක අවබෝධයක් නැති කෙනා හිතනවා ආනාපානසතිය පටන් ගන්න කොටම අර පරණ විදිහටම හිත සමාධිගත වෙන්න ඕනෙ කියල. හිතල ආනාපානසතියට අඩු අවධානයක් යොමු කරල, ඇති වෙච්ච සමාධිය ගැන හිතන්න පටන් ගන්නවා. එතකොට ආනාපානසතිය හරියට වැඩෙන්නෙ නැති නිසා සමාධිය වැඩෙන්නෙ නෑ.
සමාධිය නැති වුණා කියල දුක් වෙන්න එපා..
ඊට පස්සේ සමාධිය නැතිවෙලා යනවා. ඊට පස්සේ එයාට දුකක් ඇතිවෙනවා, ”අනේ මම ඉස්සර හොඳට සමාධිය වඩපු කෙනෙක්. ඉස්සර මට හොඳට සමාධියක් තිබුණ. දැන් මට සමාධිය දියුණු වෙන්නෙ නෑ” කියල මානසිකව දොම්නසක් ඇති කරගන්නවා. දොම්නසක් ඇති කරගත්ත ගමන්ම එයාට ප‍්‍රශ්නයක් තියෙනවා. දොම්නස කියල කියන්නෙ හිතේ ඇතිකරගත්ත දුක. හිතේ මේ දුක හේතු කරගෙන හිත විසිරෙන්න පටන් ගන්නව. හිත විසිරෙන කොට හිත සංසිඳෙන්නෙ නෑ. හිත සංසිඳෙන්නෙ නැතිවෙන කොට ආශ්වාස ප‍්‍රශ්වාස අරමුණේ සිහිය පිහිටුවා ගන්න බැරිවෙනවා. ආශ්වාස ප‍්‍රාශ්වාස අරමුණේ සිත පිහිටුවා ගන්න බැරි වෙන කොට, සිහිය පිහිටන්නෙ නැතිවෙලා යනවා. සිහිය පිහිටන්නෙ නැතිවෙන කොට සිත එකඟ වෙන්නෙ නැතිවෙලා යනවා. එකඟ වෙන්නෙ නැති වෙනකොට සමාධිය තවදුරටත් නැතිවෙලා යනවා. එතකොට එයා තවදුරටත් අසහනයට පත්වෙනවා. ඒ නිසා ඒ ක‍්‍රමය අනුගමනය කළ යුතු ක‍්‍රමයක් නොවෙයි.
දිගටම සිහිය පවත්වාගන්න….
අපි දන්නවා සමහර පින්වතුන් ඉන්නව ආනාපානසති භාවනාව කරගෙන යනකොට, ටික ටික සමාධිය දියුණු වේගෙන යනකොට ආශ්වාස ප‍්‍රශ්වාස සිහිකරන එක එයා නතර කරනවා. අත්ඇරල ආශ්වාස ප‍්‍රශ්වාස දිහා බලාගෙන ඉන්න පුරුදු වෙනවා. සමාධිය පුරුදු කරල තියෙන නිසා ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී යන මට්ටමට එන අය ඉන්නවා. ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී ගියොත් එයාට තමන් කරන්න එන භාවනාව මොකක්ද? මම මොකක්ද කරන්නෙ කියන කල්පනාව එයාට එන්නෙ නැතිව යනවා. මේ නිසා හොඳම දේ තමයි, ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී යන්නෙ නෑ කවදාවත්. පැය ගණනක් වුණත් ආශ්වාස ප‍්‍රශ්වාස සිහිකරන්න පුළුවන්. මනසිකාර කරන්න ඕනෙ, ආශ්වාසයක්…. ප‍්‍රශ්වාසයක්…. ආශ්වාසයක්…. ප‍්‍රශ්වාසයක්…. කියල. අන්න එහෙම මනසිකාරයේ යෙදීමෙන් තමයි ආශ්වාස ප‍්‍රශ්වාස දියුණු කරන්න තියෙන්නෙ. සමහර කෙනෙකුට ටික වෙලාවක් ආනාපානසති භාවනාව කරද්දි, ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී යනවා. ඒ කෙනා භාවනාව කරන්න පටන් ගන්න කොටම හිතට අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනෙ, මම දිගටම ආශ්වාසයත් ප‍්‍රශ්වාසයත් මෙනෙහි කරනවා, මේක නොදැනී යන්න දෙන්නෙ නෑ කියල. එතකොට ඒ විදිහට සකස් වෙන්නෙ නැතිව ආශ්වාස ප‍්‍රශ්වාස දිගටම පවත්වන්න පුළුවන්. ආශ්වාස ප‍්‍රශ්වාස එහෙම පවත්වද්දිත් නොදැනී ගියොත්, ඔබ හිතන්න මේ ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී ගියාට, මේ ආශ්වාස ප‍්‍රාශ්වාස නිරුද්ධ වෙලා නොවෙයි. ආශ්වාස ප‍්‍රශ්වාස තියෙනවා. ඒ නිසා මම සිහියෙන් විමසනවා කියල ආයෙ නුවණින් විමසන කොට හිමිහිට තේරුම් යනව ආශ්වාසයක්, ප‍්‍රශ්වාසයක්, හුස්ම ගැනීම හුස්ම හෙලීම ඔබ තුළ තියෙන බව. මේ විදිහට ආශ්වාස ප‍්‍රශ්වාස දෙක දිගටම පවත්වන්න තමයි ආනාපානසතියේදී පුරුදු වෙන්න තියෙන්නෙ.
ගිහි ගෙදර අපටත් ධ්‍යාන….?
ධ්‍යාන කියන වචනය ඇහෙන කොට සමහර විට තැති ගන්න පුළුවන්. බය වෙන්න පුළුවන්. අපි මේ ගිහි ගෙවල් වල ගතකරන අය. අපි කොහොමද මේ ධ්‍යාන වඩන්නෙ කියල. ඒක වෙන්නෙ ඔබ වටපිටාවේ නියම ධර්මය කතා කරන පිරිසක් නැති නිසාත්, ධර්මය පිළිබඳ ඔබේ විශ්වාසය දුරු කරල තියෙන නිසාත්, ධර්මය කෙරෙහි ඔබේ ශ‍්‍රද්ධාව නැති නිසාත්, ධර්මය ප‍්‍රායෝගිකව පුරුදු කරන ආකාරය ඔබ නොදන්නා නිසාත් මිසක ධර්මයේ ඇති දුර්වලකමක් නිසා නොවේ. ඊළඟට අපි හොඳටම දන්නවා දහස් සංඛ්‍යාත පිරිසක් සමාධිය වඩනවා, ධ්‍යාන වඩනවා මේ රටේ. ගිහිගෙවල්වල ගත කරමින් කරනවා. ඒක මම හොඳටම ප‍්‍රායෝගිකව දන්න දෙයක්. ඒ නිසා ඔබ ඒ වගේ සැකයක් සංකාවක් ඇති කරගන්න එපා. විශ්වාස කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ම යි. එ් නිසා ඔබට සමාධියක් දියුණු කරගන්න පුළුවන් වෙන කොට එ් සමාධිය ඔබ නිතර නිතර පවත්වන්න.
තවම අපි ඔබට මේ උගන්වන්නෙ සමථ භාවනාව දියුණු කරගන්නා ආකාරය. මේ විදිහට ඔබ දියුණු කරගත්තොත් සමථය දියුණු කරගන්න පුළුවනි. හැබැයි මේකෙදි සමාධිය දියුණු වෙන්නෙ නැතිවෙන කොට මේ රටේ විවිධ ක‍්‍රම තියෙනවා ඔබ අහුවෙන්න එපා එ්වට. සමහරු කියන්න පුළුවනි, අයියෝ සුළුදෙයක් නෙ ඕක. මගේ ළඟට එන්න මම විනාඩි දහයෙන් ධ්‍යානයට දාල දෙන්නම් කියල. සමහරු කියන්න පුළුවන් විනාඩි තිහක් පුළුවන් නම් ඔබට සමාධියෙන් ඉන්න මම ඔබව පළවෙනි ධ්‍යානයට තල්ලූ කරල දාන්නම් කියල. මේව කියන්නෙ ඔබේ හදිස්සිය තේරුම් ගන්නයි. නමුත් ඒකෙන් ප‍්‍රකට වෙන්නෙ ඒ කෙනාගෙ නොදැනුවත්කමමයි. මේ නිසා සමාධියෙදි පංච නීවරණ යටපත් වෙන්න ඕනෙ. පංච නීවරණ යටපත් වෙන තාක් සමාධිය දියුණු කරන්න බෑ. පංච නීවරණ යටපත් වෙනකොට සමාධිය ඇතිවෙනවා. සිහිය දියුණු වෙනවා.
read more ››