Tuesday, September 15, 2015

පොස්ට් හොරු

                                             
                                          බ්ලොග් එකක් ලියන එක ලේසි වැඩක් නෙවෙයි. අධිමානසික ශක්තින් සම්බන්ධ බ්ලොග් එකක් ලියන එක කොහොමවත් ලේසි නෑ. හේතුව මේවා ඔහේ ලිවුවොත් මේවා කරන අය මානසික රෝගියෝ වෙන්න පුළුවන්. ඒ නිසා හොදටම විස්වාසවන්ත අත්දැකපු දේවල් විතරයි පල කරන්නේ. මේවා මේ විදියට ලියන්න අවුරුදු 10ක විතර අත්දැකීම් කැපකිරීම් අවශ්‍ය උනා. එහෙම දීර්ග කාලයක් මහන්සි වෙලා ලබාගත්ත ඵලයක් යොදාගෙන අනිත් අයට එළියක් ලබාදෙන්න හදනකොට ඒක හොරකන් කරලා තමන්ගේ වගේ එක එක තැන වල සමහරු පල කරනකොට වේදනාවක් එනවා. ඒ වගේ පොස්ට් හොරු කීපයක් fb එකේ දකින්න ලැබුනා.

                                       පේජ් කීපයකින් මේ බ්ලොගයේ ලිපි ලින්ක් එකක්වත් නොදා fb  එකේ පල කරලා තියෙනවා. පලවෙනි කාරණේ ඒක copyrights උල්ලංඝනය කිරීමක්, දෙවෙනි කාරණේ  ඒක ද්‍රෝහී වීමක්. ශාස්ත්‍රය ඉගෙනගන්නවා වෙනුවට හොරකන් කරලා කවදාවත් දියුණු වෙන්නනන් හම්බෙන් නෑ. මේ සාස්ත්‍රය වඩනකොට මිනිස්සු වගේම අමනුස්සයන් දෙවියන් එක්ක සම්බන්ධකම් ඇතිවෙනවා. මේ ශාස්ත්‍රය වඩන කෙනෙක්ව අපහදවා ගන්නවා කියන්නේ මිනිස්සු අමනුස්සයෝ වගේම දෙවියන්ව අපහදවා ගැනීමක්. එහෙම අයට මේ ශාස්ත්‍රය පිහිටන්නෙත් නෑ. තුන්වෙනි කාරණේ මේ භාවනා අභ්‍යාස කරන කොට එක එක අයට එක එක අත්දැකීම් එනවා. ඒවාට මුහුණදෙන්න ඕනි විදිය එක එක අය  අනුව වෙනස් වෙනවා. කුණ්ඩලිනිය නැති කෙනෙක්ට ඒ විදියට උපදෙස් දෙන්න බෑ. තමන්ට පාලනය කරන්න බැරි දෙයක් අනුන්ට කියන්න යාමෙන් වෙන්නේ තමන්ට පිහිටන එක නැති කරගන්න ගමන් අනුන්ව අමාරුවේ දාන එක...

No comments:

Post a Comment