Saturday, January 23, 2016

යෝග පිලිබඳ මුලික හැදින්වීම

                                              යෝග ශාස්ත්‍රයේ ආරම්භය සිදු උනේ ඉන්දියාවේදී. ගොඩක් පොත් පත් වල වගේම යෝග උගන්වන තැන් වලත් උගන්වන්නේ යෝග ආරම්භ උනේ පතන්ජලි ඍෂි තුමා සිටි කාලයට නුදුරු අතීතයේදී කියල. ඒත් ඇත්තටම යෝග වගේම ජ්‍යෝතිෂය ,මන්තර, වගේ ගොඩක් ශාස්ත්‍ර ආරම්භ කලේ රාවණා යුගයටත් ඉතා කලින් කෝනාගම බුදුරජාණන් වහන්සේගේ සමයේ ඉදපු එකම ඍෂි කෙනෙක් .පසුකාලීනව තවත් ඍෂි වරුත් තමන්ගේ ක්‍රම ඒ මුලික ඉගැන්වීම් වලට එකතු කරලා මේ ශාස්ත්‍ර තවත් වැඩි දියුණු කළා. ඒත් යෝග ශාස්ත්‍රයේ පියා ලෙස හදුන්වන්නේ ක්‍රි.පු. 300 පමණ යුගයේදී සියලු යෝග විදි එක්රැස් කරලා යෝග සුත්‍ර කියන ග්‍රන්ථය රචනා කරපු පතන්ජලි ඍෂිතුමා.

                                             
යෝග ශාස්ත්‍රය ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ එතනින් පස්සේ. ඒ වෙනකම් ගොඩක් යෝග ක්‍රම රහස් විදියට පැවතගෙන ආවේ. යෝග ශාස්ත්‍රය කිසිම ආගමකට අයිති නැති උනත් ප්‍රචලිත උන මුල් කාලයේදී හින්දුන් යෝග තමන්ට අයිති දෙයක් කරගත්තා. යෝග වල අරමුණ විදියට දෙවියන් සමග ඒකාත්මික වීම, විශ්ව ආත්මයට එක වීම වගේ සංකල්ප ආවේ ඒ තුලින්. පසුකාලීනව යෝග බුද්ධාගමට හා උනා. ශ්‍රීලංකාවට ඒ බලපෑම ආවේ නැතත් ටිබෙටය චීනය ජපානය වගේ රටවල් වල බෞද්ධ ආචාර්ය වරුන් විවිද යෝග ක්‍රම හදුන්වා දුන්නා. ආගම් වලට ඈඳීමත් සමග යෝග ශාස්ත්‍රයේ වෙනස්කම් වගේම වැඩි දියුණු වීම් සිද්ද උනා. ඒත් මුලික හරය තාමත් නොනැසී පවතිනවා. ඒ වගේම මුල් දුෂ්කර යෝග ක්‍රම වලට වඩා පහසු ඒත් ප්‍රතිපලදායක නව ක්‍රම බිහි උනා.

යෝග ක්‍රම අතිවිශාල සංඛ්‍යාවක් තිබුනත් මුලිකව ඒ සියල්ල පහත විදියට වර්ග කරන්න පුළුවන්.

1)ක්‍රියා යෝග - යෝගාසන ආදිය
2)හත යෝග - ප්‍රාණයාම අභ්‍යාස
3)ලය යෝග
     (i)-භක්ති යෝග -දෙවියන්ට පුජා යාග පැවැත්වීම හා දෙවියන් අරමුණු කරගෙන භාවනා කිරීම
     (ii)-මන්ත්‍ර යෝග- මන්ත්‍ර මගින් ශක්ති අවතී කිරීම හා හිත එක්තැන් කිරීම
     (iii)-යන්ත්‍ර යෝග - ඕම් අකුර වැනි මනස උද්දීපනය කරවන හැඩතල භාවිතය
3)ධ්‍යාන යෝග - සිත එක්තැන් කර ධ්‍යාන ලබාගැනීම්
4)රාජයෝග
   (i)-ඥාන යෝග
   (ii)-කුණ්ඩලිනි යෝග
   (iii)-සමාධි යෝග
5)කර්ම යෝග - අයහපත් ක්‍රියාවෙන් වැලකි යහපත් ක්‍රියා කිරීම
6)සිද්ධ යෝග - ඖෂධ භාවිතයෙන් ශක්ති අවධිකිරිම

                                      යෝග කියන වචනය අර්ථ දැක්වෙන්නේ යුගල් වීම කියන විදියට. යෝග වැඩිම තුලින් දිව්‍යමය හැකියාවන් ලබාගන්න පුළුවන් නිසා දිව්‍යමය ස්වභාවය සමග යෝග වීම කියන අර්ථයෙන් යෝග කියන නම යෙදිලා තියෙනවා. ඒත් යෝග විද්‍යාව මේ වනවිට රෝග සුවපත් කිරීම, මානසික සායන, මානසික ඉහිල් කිරීම් වැනි බොහෝ දේවල් සඳහා යොදාගන්නවා. තමන්ගේ අරමුණ අනුව සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත් කරගැනීම, දිර්ඝායුෂ ලැබීම හා අධ්‍යාත්මික ශක්තින් අයත් කරගැනීමට යෝග උපකාර කරගන්න පුළුවන්. යෝග ශාස්ත්‍රයේ අවසාන අරමුණ වෙන දෙවියන් සමග එක්වීම නැත්නම් දිව්‍යමය හැකියා ලබාගැනීම සඳහා අෂ්ඨාංගික මාර්ගයක් යෝග ඍෂි වරුන් දක්වලා තියෙනවා.

1)යාම
   (i) අහිංසා - හිංසාවෙන් තොර වීම
   (ii) සත්‍ය - සත්‍යවාදී වීම
   (iii) ආස්තේය - සොරකමෙන් වැලකීම
   (iv) බ්‍රහ්මචර්ය - කාමමිත්යචාරයෙන් වැලකීම
   (v) අපරිග්‍රහ - සැප සම්පත් වලට කෑදර නොවීම
2) නියාම
    (i) සෞඛ්‍ය - පිරිසිදුකම
    (ii) සන්තෝෂ - සතුටින් සිටීම
    (iii) තෘප්ති - සෑහීමකට පත්වීම
    (iv) තපස් - පොහෝ දින සිල් ගන්නවා මෙන් විවිද සිල් රැකීම, වෘත සමාදන් වීම
    (v) ස්වාධ්‍යාය - තමන්ගේ අඩුපාඩු පිළිබද අද්‍යනය
    (vi)ඊශ්වර ප්‍රණිධාන - පාරිශුද්ධව දෙවියන්ට කැපවීම
3)ආසන -යෝගාසන වැඩිම
4)ප්‍රාණයාම -ප්‍රාණයාම වැඩිම
5)ප්‍රත්‍යහාර - පංච ඉන්ද්‍රිය සංවරය
6)ධාරණ - දෙවියන් පිලිබඳ හිත එක්තැන් කිරීම
7)ධ්‍යාන - හිත එක්තැන් කිරීම
8)සමාධි -හිත සමාධිගත කිරීම
                                          අතීතයේදී යෝග වඩන යෝගීන් තමන්ගේ මුළු ජිවිතයම කැප කරලා මේ සියලු අංග සම්පුර්ණ කළා. දිව්‍යමය භාවය ලබාගැනීමට මේ සියලු අංග සම්පුර්ණ කලයුතු බව පුරාණ යෝග ග්‍රන්ථ වල සඳහන් උනත් භාවනා පමණක් උපකාරයෙන් ඒ තත්වයට පත් විය හැකියි. මේ විදියේ ක්‍රමවේදයක් හදුන්වා දීමට ප්‍රධාන හේතුව වෙන්නේ යෝග මගින් දිව්‍යමය ශක්තියක් අත්කරගන්නා යෝගියා සංයමයෙන් යුක්ත පුද්ගලයෙක් බවට පත්කිරීමයි.

4 comments:

  1. ස්තූතයි ඔබට පාරමනෝවිද්‍යාව ගැන දැනුම, උනන්දුවක් ඇති අය සමග බෙදාගන්නවාට.. පෙන්ඩියුලම් ශිල්ප ක්‍රමය ගැන ලිපියක් දාන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

    ReplyDelete
  2. Mata obathumawa sambanda karaganna widiyak nadda?

    ReplyDelete
    Replies
    1. kundalini yoga srilanka kiyana facebook page ekata msg karanna

      Delete