Pages

Sunday, January 31, 2016

කුණ්ඩලිණි ශක්තිය අවධි කරවන නිවැරදි භාවනාව

                                  කුණ්ඩලිනි චක්‍ර වලින් ඉහලින්ම තියෙන අවසාන චක්‍රය වෙන ආඥා චක්‍රය අවධි කරගැනීමේ විශේෂ භාවනාව මම පළමු පොස්ට් එකෙන්(link) සඳහන් කළා. ඒ ක්‍රමයේදී බොහෝ විට වෙන්නේ ආඥා චක්‍රය පමණක් අවධි වීම. කලාතුරකින් සියලුම චක්‍ර ඔස්සේ කුණ්ඩලිණිය අවධි වෙලා ආඥා චක්‍රය අවධි වීම සිද්දවෙන්න පුළුවන්. ඒත් මුලාධාර චක්‍රයේ සිට අනිත් චක්‍ර අවධි කරගැනීමට වෙනම භාවනාවක් තිබෙනවා. මේ පොස්ට් එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ භාවනාව ගැන. මුලින්ම කියන්න ඕනි කුණ්ඩලිනිය අවධි කිරීම ගැන ගොඩක් පොස්ට් දැන් ශෙයා වෙනවා. හැබැයි ඒවායින් මම කියවපු එකකවත් නිවැරදි ක්‍රමය අද වෙනකන් දැක්කේ නෑ. ඒවා පොස්ට් කරපු අය හෝ ඒවා උගන්වපු අය කුණ්ඩලිනිය අවධි කරගෙන නෑ කියලනම් විශ්වසෙන් කියන්න පුළුවන්. මොකද ඒ ගොඩක් පොස්ට් වල තියෙන්නේ ශක්තිය අවධි වෙන විදියේ භාවනාවක් නෙවෙයි ශක්තිය අපතේ යන විදියේ භාවනා. කුණ්ඩලිණිය අවධි වෙලානම් කවදාවත් එහෙම ක්‍රමයක් උගන්වන් නෑ. නිවැරදි  භාවනා හදුනාගන්න විදිය මම පොස්ට් එකේ අන්තිමට සඳහන් කරන්නම්.

                              කුණ්ඩලිනි ශක්තිය අවධි වූ විට කල නොහැකි දෙයක් නැති තරම්. අහසින් ගමන් කිරීම, ජලයේ ගමන් කිරීම, අදෘශ්‍යමාන වීම, ශරීර කීපයක් මවාගැනීම, භෞතික දේවල් විනිවිද යාම, දෙවියන් අමනුෂ්‍යයින් දැකීම, දිව්‍යලෝක හා පරසක්වල ලෝක වලට ගමන් කිරීම, මින්සුන් සතුන් මෝහනය කිරීම, රෝග සුවකිරීම, කයෙන් සිත වෙන් කිරීම, සිතකින් සිතකට සන්නිවෙනදනය කිරීම, මිනිසුන් සතුන් මෝහනය කිරීම, තුන්කල් දැකීම, පෙර ආත්ම අනාගත් ආත්ම දැකීම, මහා ශක්තිවන්ත වීම, වෙනත් ශරීරයකට ඇතුළුවීම, හදවත නැවැත්වීම වගේ අධිමානසික හැකියාවන් සියල්ලම කුණ්ඩලිණිය සම්පුර්ණයෙන් අවධි කල විට ලැබෙනවා.

භාවනාව ගැන කියන්න කලින් සුෂුම්නාවේ පිහිටීම සරලව පහදලා දීම හොදයි කියල මම හිතනවා. මේ තියෙන්නේ අපේ කොඳු ඇට පෙළ. වමෙන් තියෙන්නේ ශරීරයේ ඉදිරියෙන් බලද්දී පේන විදිය. මැදින් තියෙන්නේ ශරීරයේ පිටුපසින් බලද්දී තියෙන විදිය, දකුණින් තියෙන්නේ ශරීරයේ වම පැත්ත දිහා බලද්දී පේන විදිය.
කොඳු ඇට පෙළ හැදිලා තියෙන්නේ කශේරුකා කියන අස්ථි වලින්. පහළින්ම තියෙන කශේරුකා නවය  5ක් හා 4ක් බැගින් එකට හා වෙලා ත්‍රිකෝණ හැඩයකින් තියෙනවා. ඒ 9 හැර අනෙක් කශේරුකා හා නොවී වෙනම පවතිනවා. එවැනි සාමාන්‍ය කශේරුකාවක කොටස් 2ක් මුලිකව දක්වන්න පුළුවන්. ඒවා තමා කශේරුකා දේහය හා  කශේරුක නෙරුම් සහිත ප්‍රදේශය. මේ ප්‍රදේශ 2 අතර තියෙන  කුහරමය ප්‍රදේශය තුලින් සුෂුම්නාව තියෙනවා.
සුෂුම්නාව 
කශේරුකා වල කශේරුකා දේහ කොටස් තිබෙන්නේ ශරීරයේ ඉදිරිපස පැත්තට මුහුණලා, කශේරුක නෙරුම් කොටස් පිහිටලා තියෙන්නේ පීට දෙසට මුහුණලා.
කොඳු ඇට පෙළේ පහළම කශේරුකාව අසල සුෂුම්නාවේ පහල කෙලවරේ තිබෙන කුණ්ඩලිනි ශක්තිය අවධි උනාම කොඳු ඇටයේ සිට ඉහලට නැගලා සුෂුම්නාවේ පහල අන්තයෙන් ඇතුළු වෙලා සුෂුම්නාව දිගෙ ඉහලට ගමන් කරනවා.භාවනාව කිරීම සඳහා මේ පිහිටීම් දැනගෙන සිටීමෙන් පහසුවක් වේවි.

කුණ්ඩලිනිය අවධි වීම 

                                   කුණ්ඩලිනිය අවධි කිරීමේ භාවනාව සඳහා මුලින්ම පිරිසිදු නිදහස් ස්ථානයක පද්මාසනය, සිද්ධාසනය හෝ සුඛාසනය ආසන 3න් එක් විදියකින් වාඩිවෙන්න. පතුල් උඩු අතට හිටින විදියට පද්මාසනයෙන් ඉන්න පුලුවන්නම් ගොඩක් හොදයි. මේ භාවනාවේ ශක්ති ගබඩා කිරීම හා ශක්ති සංසරණය කිරීම විදියට අදියර 2ක් තියෙනවා.

                                  පළමුවෙන්ම පොලවේ තියෙන විශ්ව ශක්තිය පොලවේ සිට මුලාධාර චක්‍රයට ඇවිත් එහි එක්රැස් වෙනවා කියල හිතන්න . විනාඩි 45ක් , පැයක් විතර මේ විදියට හිතින් දකිමින් භාවනා කරන්න. මේ විදියට අනිත් චක්‍ර 6 තුලත් ශක්තිය ගබඩා කරන්න.   කුණ්ඩලිනිය මුලික හැදින්විමේදීත් මම සදහන් කළා ගොඩක් අය කුණ්ඩලිනි චක්‍ර වලට සහසාර චක්‍රය ඇතුලත් කරලා ඉගැන්වුවට කුණ්ඩලිනිය ගමන් කරන මාර්ගයේ අග නෙවෙයි සහස්‍ර චක්‍රය පිහිටලා තියෙන්නේ. කුණ්ඩලිනිය අවධි වෙන මාර්ගය මුලාධාර චක්‍රයෙන් පටන් අරන් ආඥා චක්‍රයෙන් අවසන් වෙනවා. සහසාර චක්‍රය තිබෙන්නේ ආඥා චක්‍රයට කලින්. භාවනා කරගෙන යනකොට ඒ ඒ චක්‍ර තියෙන තැන් තමන්ට දැනෙන්න ගන්නවා. ඒ නිසා භාවනාවට පෙර දල වශයෙන් ඒවායේ පිහිටීම දැනගත්තම ඇති. චක්‍ර වල පිහිටීම මම කුණ්ඩලිනි ශක්තිය(link) පොස්ට් එකේ සඳහන් කළා.

                               මීලගට මුලාධාර චක්‍රයේ සිට ශක්තිය ඉහල නැග සුෂුම්නාව  ඔස්සේ ගමන් කර තෙවැනි ඇස හරහා ශරීරයෙන් ඉවතට ඇවිත් ශරීරය බාහිරයෙන් නැවත පහලට ඇවිත් මුලධාර චක්‍රයෙන් ශක්තිය ඇතුළු වෙන බව හිතන්න. මේ විදියට චක්‍රාකාරව ශක්තිය රවුමට සංසරණය(circulate)  වෙන බව හිතමින් පුළුවන් තරමක් වෙලා භාවනා කරන්න. භාවනාව නවත්වන විට ශක්ති සංසරණය කිරීම මුලාධාර චක්‍රයෙන් නවත්තන්න. ශක්තිය මුලාධාරයේ ගබඩා වෙනවා කියල හිතන්න.
කුණ්ඩලිනි භාවනාව 

                                මේ විදියට ශක්තිය සංසරණය කරවනකොට කුණ්ඩලිනිය අවධි වෙනවා. මුලාධාර චක්‍රය හැර අනිත් චක්‍ර 5 සුෂුම්නාව තුල පිහිටලා නැති උනාට චක්‍ර වලට සම්බන්ද ස්නායු සුෂුම්නාව තුල පිහිටන නිසා භාවනාව කරනකොට චක්‍ර වල ගබඩා උන ශක්තිය සංසරණය වීම සිද්ධ වෙනවා. කුණ්ඩලිනිය අවධිවිම සඳහා සති ගණනක්, මාස ගණනක් උනත් ගත වෙන්න පුළුවන්. කුණ්ඩලිනිය අවදි වීමට ගත වෙන කාලය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙන නිසා හරියටම කාලයක්‌ දක්වන්න බෑ.


                              අවශ්‍යනම් ශක්ති ගබඩා කිරීම හා ගමන් කරවීම එකම දවසේ කරන්න. එහෙමත් නැත්නම් අදියර 2 දවස් 2ක වෙන වෙනම කරන්න. ශක්තිය චක්‍ර වල ගබඩා උනාට පස්සේ දවස් 2ක් පමණ යනකම් චක්‍ර වල රැඳිලා තියෙනවා. ඒ නිසා අදියර 2 වෙන වෙනම දවස් 2ක කලාට කමක් නෑ.

                              මේ භාවනාවෙන් අවශ්‍යනම් සියලුම චක්‍ර එකවර අවධි කරන්නත් පුළුවන්. නැතිනම් ඉස්සෙල්ලාම මුලාධාරයේ විතරක් ශක්තිය ගබඩා කිරීමත් ශක්ති සංසරණය කිරීමත්  දිනපතා කරලා මුලාධාර චක්‍රය අවධි උනාට පස්සේ ස්වාධිශ්ඨාන චක්‍රයට භාවනා කරලා අනුපිලිවෙලට එකින් එක අවධි කරන්නත් පුළුවන්.  එහෙමත් නැත්නම් මුලින්ම මුලාධාර චක්‍රය අවධි කරගෙන ඊළඟට අනිත් චක්‍ර 5 එකවර අවධි කරන්නත් පුළුවන්. අවශ්‍යනම් මුලාධාර චක්‍රයෙන් පටන් ගන්නේ නැතිව වෙනත් චක්රයකින් පටන්ගත්තත් කමක් නෑ.

*සමහර අංගම්පොර යෝගීන් ශක්තිය ගබඩා කිරීමේ පියවරේදී තමන් භාවනා කරන තැන ඉදිරියෙන් ගිනිමැලයක් ගසාගෙන පොලවේ සිට ශක්තිය එනවා වෙනුවට ගින්නෙහි ශක්තිය ඇවිත් චක්‍ර වල ගබඩා වෙනවා කියල භාවනා කරනවා. මේ ක්‍රමයත් ප්‍රතිපලදායකයි. මේ විදියට වැවක් වගේ තැනකදී ජලයේ සිට ශක්තිය එනවා කියල හිතලා භාවනා කරන්න පුළුවන්. ඒත් නිවෙස් වල සාමාන්‍ය ජිවිත ගත කරන අයට හොදම ක්‍රමය පොලවේ සිට ශක්තිය එනවා කියල හිතීම.

*ශක්ති භාවනා සාර්ථක කරගැනීමට දෙවියන්ගේ හා ශක්තිය අවදි කරගත් අයගේ හා රාවණ රජතුමාගේ උදවු ලබාගන්න පුළුවන්. ඉක්මනින් හා පහසුවෙන් භාවනා දියුණුව අත්කරගන්න ඔවුන්ගේ පිහිට උදවු වෙනවා. ඒ වගේම ඉතාම කලාතුරකින් ඔවුන් ඔවුන්ගේ ශක්තිය ඔබට ලබා දීම හෝ කුණ්ඩලිනිය උත්තේජනය වන ඖෂධ ශරීරගත කිරීම වැනි දෙයකින් කුණ්ඩලිනිය අවධි වීම උත්තේජනය කරන්න පුළුවන්.  ඒ නිසා තමන් අදහන දෙවියන්, උතුමන් නැමදීමෙන් භාවනාවේ දියුණුවට උපකාර ලැබෙන්න පුළුවන්.

*කුණ්ඩලිනි භාවනා වඩන සියලුම දෙනා දෙවියන්ගේ බැල්මට ලක් වෙනවා. සමාජයට අහිතරකර අරමුණු හෝ පැවතුම් සහිත අයට චක්‍ර අවධි කරගන්න ඉඩක් ලැබෙන් නෑ. කුණ්ඩලිනිය අවධි කරගත් කෙනෙක් සමාජයට අහිතකර දෙයක් කලොත් දඩුවම් විදීමට හෝ ශක්තිය අහිමි කරගැනීමට හො මරණයට පත්වෙන්න සිද්දවෙනවා.ඒ වගේම අපහු ලබන ආත්මෙකදී මේ භාවනා අහන්නවත් ඉඩක් ලැබෙන එකක් නෑ.

*කිසි විටෙකත් ශක්තිය ශරීරය තුලදී උඩ සිට පහල යන බව හිතන්න එපා. එමගින් වෙන්නේ ගබඩා කරගත් ශක්තිය අපතේ යාම විතරයි. කුණ්ඩලිනිය අවධි වීමට මුලාධාරයේ සිට ඉහලට ශක්තිය යන බව සිතීම අත්‍යවශ්‍යයි.
ඒ වගේම කිසි විටෙකවත් ශක්තිය හිස් මුදුනින් හෝ තෙවැනි ඇසෙන් එලියට යන බව පමණක් හිතන්න එපා .එකෙන් වෙන්නේ ශක්තිය අපතේ යාම විතරයි. ශක්තිය ගමන් කරන මාර්ගයේ අන්තයක් නොතිබීම අත්‍යවශ්‍යයි. තෙවැනි ඇසෙන් එලියට යන ශක්තිය නැවත මුලාධාරයෙන් ඇතුළු වෙනවා සිතීම අත්‍යාවශ්‍යයි. අන්තයක් තිබුනොත් ශක්තිය අපතේ යාම විතරයි සිද්දවෙන්නේ. ශක්තිය ගමන් කරවන මාර්ගය අනිවාර්යෙන් රවුමක් (චක්‍රාකාර) විය යුතුයි.
මේ දේවල් උගන්වන භාවනාවක් නිවැරදි භාවනාවක් වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. ඒ වගේ භාවනා කරමින් නිරපරාදේ කාලය නාස්ති කරන්න එපා.

*මේ නිවැරදි භාවනාව භාවිතයෙන් ඔබත් කුණ්ඩලිනිය අවධි කරගත්තොත් මගෙ ගුරුවරයන්ටත් මටත් ඒ පින අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..
(මෙම ලිපි අනවසරයෙන් උපුටා ගැනීමෙන් වලකින්න)

107 comments:

  1. Mama oba thumage kundalini bawana karana kenek....mage Dan nalala naliyana swabawayak Mata hithata danenawa...a wgema Mata dilisena bolayak weni deyak penawa..namuth Dan auruddak wenawa man meka karanna Arab aeth Mata athanin agata thana ya na hari hethuwa kumakda..man malu pamanai kanne.

    ReplyDelete
    Replies
    1. ඔබ කරපු, කරන භාවනාව හරියට විස්තර කරලා කියන්න

      Delete
  2. Man mulinma kale.....husma nalala madin thewani awata athul wela...apahu husma thewani asenma pita wena akai...ahema karanakota nalala nada naliyanawa Mata danuna....man ahema digatama Kara.inpasse Mata Penna gatta dilisena raumak wge alokayak....aka Podi wenawa.....loku wenawa...man aka desa balan innakota nalala nada naliyana aka nawathinne na....

    ReplyDelete
    Replies
    1. ඔයාගේ third eye එක ගොඩක් සක්‍රීය වෙලා තියෙන්නේ . ඒකයි ඔය නිවෙනවා පත්තු වෙනවා වගේ පෙන්නේ . ඒ නිසා ඉවසීමෙන් භාවනා කරන්න . හිත එක තැන කට ගන්න පුළුවන් භාවනාවක් කරලා ඕක කරන්න . නැත්නම් සිහි විකල් වෙන්න පුළුවන් ඔය භාවනාව විතරක් කරොත් මොකද third eye භාවනාවේදී හිත එක්තැන් කරන්නේ නෑ . එකතැන් වෙච්ච හිතෙන්තමයි හරියට වැඩේ කරන්න ඕන

      Delete
    2. ඔයා හිත එක්තැන් නොකර තෙවැනි ඇස භාවනාව විතරක් කරන හින්දයි දියුණුවක් නැත්තේ. අනික ඔයා කරන ක්‍රමේ ටිකක් වැරදියි. ආලෝකේ දිහා බලන් ඉදල වැඩක් නෑ. එකදිගට භාවනාව කරන්න ඕනි. මම දාලා තියෙන third eye භාවනා බලන්න. ඉස්සෙල්ලම හිත එක්තැන් කරන භාවනාවක් කරන්න. හිත එක්තැන් කරගත්තට පස්සේ හුස්ම යන එන අභ්යසේ කරන්න

      Delete
    3. Anapanasathiya naraka man third. Eye bawanawa Ta harennada....godak pin obathumata...awgema obathumata menma obathumage demapiyantath guruwarutath me pins athi sasara purawatama..

      Delete
  3. Obathuma hari...hitha aka thanaka na thama.man anapasathiya naraka athain third eye walata bawana karannada

    ReplyDelete
    Replies
    1. එපා එපා පැයක් විතර ආනාපානසතිය කරලා third eye භාවනාව කරන්න. ආනාපානසතිය බැරිනං හොදින් හිත එක්තැන් වෙන වෙනත් භාවනාවක් උනත් කමක් නෑ. ආනාපානසතිය කරනවානම් ගොඩක් හොදයි . එහෙම නොකලොත් අධිමානසික හැකියා ලබාගන්න ගිහින් සාමාන්‍ය මානසිකත්වෙත් නැතිවෙලා සිහි විකල් වෙලා පිස්සෙක් වෙයි

      Delete
    2. * ආනාපානසති භාවනාව හිත එකග වෙනකන් කාලයක් තිස්සේ කරලා හිත එකග වෙන්න ගත්තාම 3rd eye භාවනාව කරන්න පටන් ගන්න එක හොදද?
      * එහෙම වුනොත් ආනාපානසති භාවනාව සම්පුර්න්යයෙන් නවත්වා 3rd eye meditation කරන්නද ?
      * නැත්නම් දෙකම කරන්න ඕනෙද?

      Delete
    3. Dekma krnna
      Hita ekanga unata passe anapanasatiya godak wela nokra poddak krla 3rd eye bawanawa godak wela krnna

      Delete
  4. Buddagame thiyena samatha bawanawa karala chathurtha dyana thalayata awata passe vidarshana wata yanakota neda third eye sakriya wenne....akiyanne dibba chakku neda.

    ReplyDelete
    Replies
    1. නෑ . දිවැස් කියන්නේ වෙනම දෙයක් third eye වෙනම දෙයක් . ඒ 2කෙන්ම ලැබෙන හැකියා ටිකක් සමානයි. ඒ උනාට third eye විවර උනාම දිවැස් වලට වඩා හැකියාවන් ගොඩක් ලැබෙනවා. මේ පොස්ට් 2 කියවන්න -

      http://rawanaking.blogspot.com/2016/02/blog-post.html (පැහැදිලි කිරීම පිණිසයි)

      http://rawanaking.blogspot.com/2014/11/3rd-eye.html (තෙවැනි ඇස විවර කර ගැනීමේ නිවැරදි භාවනාව-third eye)

      Delete
  5. Ahenam kundalini waladi usma nowatena samadiyak thuladi da third eye sakriya wenne...mata aka gataluwak sir.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හිතේ පොඩි සමාධියක් තිබ්බත් කුණ්ඩලිනිය අවධි කරගන්න පුළුවන් .හුස්ම නොවැටෙන තත්වෙට එන්න ඕනි නෑ

      Delete
  6. Me blog akata man hithata anawa....me blog aka Mata godak wadagath obathumata godak pin...man kundalini gana godak visthara hitapu kenek obathumage sahaya labima Mata godak watinawa....me blog akata mge onama udauwak man karanna lasthi....

    ReplyDelete
  7. Me lagadi Mata wadi wela...naththam nikan Inna welawata mge nalala gawa naliuanawa denenawa.aei ahema danenne...aka hoda nadda sir

    ReplyDelete
    Replies
    1. ඒක කමක් නෑ. third eye සක්‍රිය වෙන්න පටන්ගන්නකොට ඔහොම දැනෙනවා

      Delete
  8. Sir man wadi wela innakota hithuwa third eye viwara wewa kuyala..in passe mge nalala naliyanna gatta..mata Dan naliyanawa vitharai nemei pidanayak danenawa...namuth oluwata amaruwak ho wedanawak danenne na...man kalayak thisse kriya yoga karana kenek.man patan gatte 11wasare idalai...ape thaththa man ipadinna Kalin kriya yoga karapu kenek.ayata Dan wayasa 52i aya hoda nirogikawa Inna..ledakata thiuenne pinasa pamanai.aya thana Mata tika tika karanna kiwe...dan mge aga namyashili..man Podi kaledi shirshasanaya Kala.passe man nathara karala thibuna..apasu MN mathakadi shirshasanaya karanawa...dan Mata shirshasanayen godak wela inna puluwan..man kundalini gana hodai dewal heuwa...poth baluwa..aeth Mata danumak ganna kenek hamba une na

    ReplyDelete
    Replies
    1. අධිෂ්ඨාන කරලා හරියන නෑ third eye ඇරෙන්නනම් භාවනාව කරන්න ඕනි

      Delete
  9. Oba thuma kundalini shakthiya awdi kara thibeda

    ReplyDelete
  10. Oba thuma kundalini shakthiya awdi kara thibeda

    ReplyDelete
  11. puluwan num mind read karana hati post 1ak dannako

    ReplyDelete
  12. මේ භාවනාව වඩද්දි බිත්තියක් වගේ ආදාරයකට හේත්තු උනාට කමක් නැද්ද...

    ReplyDelete
  13. බිමට පොඩි කොට්ටයක් දාල වාඩි උනාට කමක් නැද්ද...

    ReplyDelete
  14. මුලදාර චක්‍රයට විශ්ව ශක්තිය බිත්ති හරහා ගලාන එනවා කියා සිතන් සිටින විට ටික වේලවකින් ඇග වැනෙන්න ගන්නව වගේ දැනෙනව නෙ කරකැවිල්ලක් ද කියල හිතන්නත් බෑ මොකද්ද ඒ වෙන්නෙ හිතේ මායාවක් ද නැත්න්ම් ඇත්තටම වැනෙනවාද..

    ReplyDelete
    Replies
    1. චක්‍ර පිරිසිදු වෙලා හරි ක්‍රියාකාරිත්වයට පත්වෙන කොට ඔහොම වෙන්නේ. දිගටම භාවනාව කරන්න. ටික කාලෙකින් අකුණු සැරයක් වගේ දෙයක් පෙනෙයි

      Delete
  15. ශක්තිය ගබඩා කරන බාවනා වේලාව එකම වෙලාවක් විය යුතුද... දින්කට (උදේ හවස )දෙවතාවක් කරන්න හොද නැද්ද...

    ReplyDelete
    Replies
    1. කමක් නෑ. හැබැයි උන හෙම්බිරිස්සාව හැදුනොත් 2පාරක් කරන්නෙපා . සරින් සැරේ කරනකොට ලෙඩ වෙනවා. ලෙඩ හැදෙන්නත්නම් කලාට කමක් නෑ

      Delete
    2. බාවනා කරනකොට සිත එහෙමෙහෙ යන එක නවත්තන්න headset 1ක් ගහගෙන ඕම් කාරය හෝ මෙඩිටේශන් මියුසික් 1ක් දාගන්නද..

      Delete
    3. ඒකෙන් හිත එකඟ කරගන්න බාධාවක් නැත්තන් කමක් නෑ

      Delete
  16. හිටපු ගමන් දැනෙනවා මාව කැරකෙනවා වගේ ඒ වෙලාවට වැටෙන්න යයි කියල හිතිල ඇස් ඇරෙනවා එතකොට බවනාව බිදෙනවා.. තව එකක් කොන්ද මැද මහ අමුතු කැක්කුමක් දැනෙනවා මස් පිඩු අදුනවා වගේ දෙපැත්තට..... අපි බවනා කරනකොට විශ්ව ශක්තිය පිරෙනවා හා චක්‍රාකරව ගලායනවා දකින්න ඔනිද... නැත්න්ම් සිතුවාම ඇතිද.... මොකද මගෙ හිත ඉක්මනට දුවනවා විඩෙන් විඩේ....

    ReplyDelete
    Replies
    1. kundalini bhawana karanna kalin peya bagayak witara hitha hodata ekthan karaganna puluwan bhawanak karala kundalini bhawanawa patanganna.
      pirenawa haa galaa yanawa hithin dakina eka hodai .sudu paata aalokaya wage shakthi dhaarawak hithanna

      Delete
    2. මම භාවනා කරනකොටත් මදුශංක කියලා තිබ්බ දේ වෙන අධිමානසික මෙකවෙන්නේ කුමන කේතුවක් නිසාද කියල කියන්න පුලුවන්ද ??

      Delete
    3. kundalini bhawana karanakota samaharunta ohoma wenawa

      Delete
  17. ඒ කියන්නේ ආලෝක දාරාවක් ශරීරයට හිස් මුදුනින් පිරෙනවා. පිරිලා ශරීරය තුලින් ගලා යනවා වගේ දෙයක් ද?

    ReplyDelete
  18. මට මෙහෙම උනා මම බාවනා කරා ඇග දෙකකඩ වෙලා පාටවල් දෙකකිම් වම් පැත්ත නිල් පැහැයැන් දකුනු පැත්ත රතු පැහැයෙන්
    මම හුස්ම ගැන පමනයි අවදානය යොමු කලේ මගෙ ඇග පතම පන නැති උනා
    මම දිගටම කරගෙන ගිහිල්ලා හෙමීට මාවත් එක්කම නැගිටුනා මම උඩ පිලියම් අතට බාවනා කලේ
    පස්සෙ මගෙ පිට අල්ලන ගෙදර අයට හිරි වැටුනලු එක්කෙන්ක්ට දෙන්නෙක්ට නෙමේ හැමෝටම වගෙ එහෙම උනා පැය 12 ක් විතර එහෙම උනා එයට හේතුව කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. මම හුස්ම ගැන අවධානය දක්වන භාවනාවක් ගැන කිවුවේ නෑනේ? මොකක්ද ඔයා කරපු භාවනාව

      Delete
    2. මම කියලා තියෙන භාවනාව හරියට කලානම් ඔහොම දේවල්නම් වෙන් නෑ

      Delete
  19. මම ගුරු උපදෙසයක් නොමැතිව බාවනා කලා මන් කලෙ බාවනා යොගිව වඩිවි මුලින්ම ස්වසන බාවනාවකර සිත අක්තැන් කර ඔම් සක්තිය මනෙසින් සිතා අත් දෙක ඉදිරියට කර අක්කරන්න උත්සහ කලා එවිට අත් අතර විසි කාන්දමක් මෙන් දැනුනා එය දිගටම කලා දැන් මට මගෙ ඉඩිරියෙ සිටින පුද්ගලයන් ගෙ සිතිවිලි මට දැනෙනවා ...මෙය කුමක්ද මා ඉදිරියට යන්නෙ කෙසෙද විස්තර කරනවා නම් ගොඩක් පින්

    ReplyDelete
    Replies
    1. තමන් කැමති භාවනාවක් එකදිගට කරන්න ධ්‍යාන ලබාගන්න පුළුවන් මට්ටමට

      Delete
  20. matat kundalini chakkra avadi karaganta asai mulinma bhavanava karana ayuru kiyala dentako


    ReplyDelete
    Replies
    1. කරන්න ඕනි විදිය මුල ඉදලම කියල තියෙනවා පොස්ට් එකේ

      Delete
  21. Yogithumani මෙම bawanawedi dawas dekakata sarayak චක්‍ර වල ගබඩා කල යුතුද?

    ReplyDelete
  22. ඔබ තුමා ඇත්තටම මේ කුණ්ඩලණී ශක්තිය අවදි කරගෙනද ඉන්නෙ. ඒ කියන්නෙ ඔබට පුලුවන්ද අහසෙ පාවෙන්න.

    ReplyDelete
  23. යෝගීතුමනි, භාවනාව පිළිබඳව ඉගෙනීමට ගුරුවරෙයෙක් පිළිබඳව සඳහ කරන්නේ නම් ඉතා කෘතඥ වෙමි.

    ReplyDelete
  24. මම ටික දවසක් 3rd eye භාවනව කරා. දැං එක නතර කරලා මාස 6ක් විතර වෙනවා. මම දැං ඔය පෝස්ට් එකේ තියෙන භාවනව කරොත් ප්‍රශ්නයක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශනයක් නෑ.හැබැයි මම කියල තියෙන දේවල් මුල ඉදලම කරන්න

      Delete
  25. තව දෙයක්, කුන්ඩලිනි අවදි කරපු කෙනෙක්ට අමනුශ්‍ය බලපෑමකට ලක් වෙල ඉන්න කෙනෙක්ව හොද කරන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. තමන්ගේ ශක්තිය ගොඩක් වැඩිනම් පුළුවන්

      Delete
  26. 3rd eye bhawanawa kale husma aramunu karagena.

    ReplyDelete
  27. Husma nalalen pitawenawa kiyala hithala bhawana kle

    ReplyDelete
  28. 3rd eye bhawanawa withrak karanawanan ethakotath shakthiya nalale gabada karanna onida.

    ReplyDelete
    Replies
    1. third eye bawanawa wenama ekak. meka wenama ekak. meka karana vidiyata newei eka karanne

      Delete
  29. Sir , mooladaara chakraya awadi Una kiyala kohomada danaganne ?

    ReplyDelete
    Replies
    1. eka vivara unama thananta terenawa. eken karanna puluwan adhimanasika hakiya therenawa

      Delete
  30. Ane sir , karadara karanawa kiyala hithannanam epa Mata me wage deyak pilibadawa upades ganna sure kenek ne ekai ahanne .
    mekai prashne .kundalini awadi karana bhavanawa ra 12 ta wage karanna gaththata kamak nadda ? Nathnam wena hoda welawak thiyenawada ? Mokada Mata bhavana karnna wenne ewelawata witharai .

    ReplyDelete
  31. Man a/l krn ekkenk.mn me bhwanwa keruwoth mge igenimta badawk weid?

    ReplyDelete
    Replies
    1. kisima bhawanawakin igenimata badawak wenne ne. habai ebbehi wela wage peya ganan karannepa. dawasakata peya 3kata wada bhawana walata wen karannepa

      Delete
  32. Mn a/l mths krnne me 3eye bwnwa krl mge igenima diunu krgnne khmd kiyl kiynn puluwnd?

    ReplyDelete
  33. ඔය ඔක්කොම මනසින් විතරයිනෙ කරන්න පුලුවන්.. භෞතික දේවල් වලට බලපෑම් කරන්න බෑ නේද

    ඇත්තටම අතීතයට යන්න බෑ නෙද. අතීතතය මනසින් දකින්න නෙ පුලුවන් ??

    ReplyDelete
  34. Oba thumawa sambanda kara ganne kohomada Mata one muka sita bawanawa igena ganna

    ReplyDelete
    Replies
    1. Me blog eka haraha witarai sambanda wenne. Blog eke tiyena ewa hariyata karanna. Wena amutuwen sambanda wela kiyanna deyak ne. Kiyanna oni hemadema blogpost wala liyala tyenne

      Delete
  35. Guruthumani anapansathi bawanw krn widha ketiyen pahda denn puluwnd
    Obbthumt bohoma pin

    ReplyDelete
  36. Onion and banana drink eken me bhawannwata hodai kyla video ekaka dakk a

    ReplyDelete
  37. බාවනා දෙකක් එකට කරට කමන් නැද්ද..

    ReplyDelete
    Replies
    1. honda ne. ekak vitarak issella karala iwara karanna

      Delete
  38. Yogithumani 3rd eye baawanawen third eye open karagaththata passe kundalani bawanawa kireemen 3rd eye sakriiyawa pawathwaganna puluwanda?

    ReplyDelete
  39. හිත ඒකාග්‍ර කරන්න හොදම බාවනාව මොකක්ද සර්..

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාට හරියන්නෙ එක එක බාවනා . තමන් කැමති
      එකක් ඉස්සෙල්ලම කරලා බලන්න

      Delete
  40. පලමුවෙන් කරන්න ඕනි 3eye බාවනාවද නැත්නම් කුන්ඩලනී බාවනවද සර්....කුන්ඩලනී බාවනාව පලමුවෙන් කරාට ප්‍රශ්නයක් නැද්ද.

    ReplyDelete
  41. මේ වගේ දේවල් ගැන කතා කරන කොට සැබෑ මනුෂ්‍යයෙක් ලෙස ඉදිරිපත් වුනා නම් හොඳයි. මේ කතා කරන්නෙ දෙමළ අයගෙ උරුමයක් ගැනයි.

    මෙසේ උපදෙස් දෙන ඔබ කියන දේවල් කර තිබෙනවා ද?

    උදා: අහසින් ගමන් කිරීම, ජලයේ ගමන් කිරීම, අදෘශ්‍යමාන වීම, ශරීර කීපයක් මවාගැනීම, භෞතික දේවල් විනිවිද යාම, දෙවියන් අමනුෂ්‍යයින් දැකීම, සිතින් සන්නිවේදනය කිරීම වගේ අධිමානසික හැකියාවන්.


    සැබෑ සිදුවීම් පොදු ලෝකය තුලින් උපුටා දක්වන්නේ නම් අපූරුයි. සිංහල අයට දස බලධාරී රා (හූරා), දෙමළ අයට ඔළු දහයේ රාවන් වුනා වගේ මේකත් සිංහලයන්ගෙ දැනුම වැරදියට දෙමළ අය අරුත් දීමක් ලෙසයි මම දකින්නෙ. ඔබ කී ලෙස, වැරදි මග ගියොත් මානසික ආබාධිතයන් බිහි කරවන උත්සාහයක්. මේ පිටුපස ඇති සැබෑව දන්නෙ සිංහලයන් විතරයි. ඒකට ඔය උපක්‍රම අනවශ්‍යයි. මම කතා කරන්නෙ අත්දැකීම් සමඟයි. ප්‍රතිචාර බැලුවම බොහෝ අය මුලා වී ඇති බව කියනවා.

    සිංහලයන්ට දිවැස කියන එක තමයි දෙමළ අයට තෙවැනි ඇස. තෙවැනි ඇසත් අර රාවන්ගෙ ඔළු දහය වගේ වැරදී අරුත් දීමක්.

    ReplyDelete
    Replies
    1. දිවැස් කියන්නේ වෙනම දෙයක් තෙවැනි ඇස වෙනම දෙයක්. පොඩි අත්දැකීමක් ලැබුණු පලියට තමන් සියල්ල දැනගත්තා කියල මුලාවෙලා ලෝකේ තියෙන සියලුම දේවල් තමන්ගේ අත්දැකීමට අනුව විචාර කරන්න යන්නෙපා. එකෙන් වෙන්නේ තමන්ම මුලා වීම. දිවැස ලැබෙන්නේ හිත එකඟ කිරීමෙන්. තෙවැනි ඇස ලැබෙන්නේ ශක්තියකින්.
      භාවනා, යෝග, ධර්මය සිංහලයන්ටවත් දෙමල අයටවත් කාටවත් අයිති දේවල් නෙවෙයි. ඕන කෙනෙක්ට අත්හදා බලලා ප්‍රතිපල ලැබෙනවානම් පිළිගන්න පුළුවන්.නැත්තම් අතාරින්න පුළුවන්. මානසික රෝග නොහැදෙන විදියට පිළිවෙලට සම්පුර්ණ විස්තර ඇතුව කරන විදි මම දක්වල තියෙනවා. මම කියල තියෙන විදියට කරනවානම් කිසිම හේතුවකින් මානසික රෝග හැදෙන්නේ නෑ.

      Delete
    2. මම තමුන්ගෙන් උපදෙස් ඉල්ලුවෙත් නෑ. අවශ්‍යත් නෑ. මම කිව්වෙ තමන්ගෙ සැබෑ අනන්‍යයතාවයෙන් මේ ගැන ලියන්න කියලයි. කොහොම වුනත් දීපු උත්තරෙන් තමන් ගැන හිතාගන්න පුළුවන්. මම මේක කෙටුවේ දිය හැකි මගේ හොඳම නමින් හා මගේ රූපය සමඟ. ඇත්ත කියන අය හැංඟෙන්නෙ නෑ.

      Delete
    3. ද්වේශය මානය හොදටම ඇවිස්සිලා නේද?
      ඕක මානසික දියුනුවක් නැති කමේ ලක්ෂනය.
      සැරියුත් මහ රහතන් වහන්සේට සිවුරෙ වැරැද්ද පෙන්නුවාම සාදු කියලා පිලිගත්තා. මොකද තමන්ගෙ අඩුපාඩුව පේන්න තමන් තමා හරි කියලා තියෙන අධිමානය බිදෙන්න ඕනි. වැරදි පිලිගන්න නිහතමානි කම තියෙන්න ඕනි. මානසික දියුනුවක් තියෙන අයට විතරයි ඒ ලක්ෂන පිහිටන්නෙ.
      මගේ අනන්‍යතාව නියම කාලේ ආවම මම කියනවා. මගේ අනන්‍යතාව මේ බාවනා වලට අදාල නෑ. බාවනාවෙ ප්රතිපල ලැබෙන්න මම කවුද කියලා දැනගන්න අවශ්‍යතාවක් නැ

      Delete
  42. යෝගිතුමනි,ශිව දෙවියන් වැඩ වසන්නේ පරිනිර්මිත වශවර්තියේද?

    ReplyDelete
  43. යෝගිතුමනි,මම කාලෙක ඉදන් my3 bawanawa karanawa,ඒ වගේම ශිව දෙවියන්ටත් තාන්ඩව ස්ත්‍රෝත්‍ර කියල වදිනව.දැන් මම බුදුන් වැදල ඉවර වෙලා දෙවියන් ට පින් දීල දෙවියන් සිහිකරලා කරපු සුලු සුලු ප්‍රාර්තනාවන් ඔක්කොම ඉටු උනා.මට හරියටම දැන ගන්න පුලුවන්ද මේ ප්‍රාර්තනා ඉටු වෙන්නෙ මට ශිව දෙවියන්ගෙ පිහිට තිබෙන නිසාද එහෙමත් නැත්නම් my3 භාවනාව කරන අයට වෙනත් දෙවියන්ගෙ උදව් ලැබෙන නිසාද කියලා...මෙයට පිලිතුරක් දිය හැකිනම් ඔබතුමාට බොහොම පින්

    ReplyDelete
  44. භාවනාව නිවස තුල කරනවට වඩා එළිමහනේ කිරීමෙන් විශ්ව ශක්තිය ශරීරයට ඇතුල් වීම වැඩි වෙනවද ?

    ReplyDelete
  45. Me video eka balanna meke thiyenne kundalini sakthiya pradanaya karana awasthawak. Me hakiyawa thiyena lankawe obathuma danna kenek innawanam kiyanawada?
    https://www.youtube.com/watch?v=1DlDWPxyDo0

    ReplyDelete
  46. https://www.youtube.com/watch?v=JohQ0MLGAH0

    ReplyDelete
  47. This comment has been removed by the author.

    ReplyDelete
  48. කරුණාකර මේ ප්‍රශ්න වලට පිළිතුරු බලාපොරොත්තු වෙමි

    1. භාවනා නොකර චිත්‍රය දිහා (line art) බලාගෙන 3rd eye open කරගන්න පුලුවන්ද?
    2. හිත එකග වෙන්නේ නැතුව මේක කරන්න හොද නැහැනේද?
    3. 3rd eye open වුනාම අමනුශ්ශයන් දැක්කම භයවෙනවද?
    4. සෝවාන් මාර්ග පල ලැබීමට මේකෙන් උදව්වක් තියෙනාද ?
    5. පිරිත් තෙල් වලින් ගෙදර බුදු පහන දල්වන්න හොදද?

    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. 1 be
      2 post eke uttare tyenwa
      3 ne
      4 podi udauwak tyenwa
      5 waradak ne .e unata mantara yantara weda danne neti aya ewata adala dewal nokarana ekai hoda

      Delete
  49. භාවනා කරන වෙලාවට සහ නොකරන (සමහර) වෙලාවටත් නළල මැද නලියන හැගීමක් දැනෙනවා ඒ අයි මහත්මය ?

    ReplyDelete
  50. yogithumani,shiva deviyanta wandanamaana karanakota katharagama deviyange saha gana deviyange pihita nithathinma labenawada?

    ReplyDelete
  51. Me bawanawa karanneth dawase ekama welawakatada ?. Netinam hemadama puluwan puluwan welawal walata karana eka kamak nedda

    ReplyDelete
    Replies
    1. ekama welawaka karanna. eka eka wela wala karannepa

      Delete