Pages

Saturday, February 6, 2016

පැහැදිලි කිරීම පිණිසයි!

මේ බ්ලොගයේ අප පලකරන සියලුම භාවනා හා අභ්‍යාස පුද්ගලිකව ප්‍රතිඵල අත්දැකපු ඒවා පමණයි. ඒ වගේම කුණ්ඩලිනිය අවධි කරගත් වෙනත් අයගේ හා දෙවියන්ගේ උපදෙස් පොස්ට් වලට එකතු කර තියෙනවා. මේ ක්‍රම පල කිරීමේ එකම අරමුණ වන්නේ මාර්ගය හොයන අයට අතරමන් නොවීමට  නිවැරදි මාර්ගය දැක්වීමත් ඒ මගින් පිනක් කරගැනීමත් විතරයි.

ගොඩක් අය සමථ විදර්ශනා භාවනා එක්ක යෝග භාවනා පටලවගන්නවා. ධ්‍යාන ලබාගන්න භාවනා හා විදර්ශනා භාවනා යෝග භාවනා වලට වඩා සම්පුර්නෙන් වෙනස්. ඒ නිසා ඒවා කරන විදියට යෝග භාවනා කරන්න එපා. ඒ වගේම ඒ භාවනා සමග යෝග භාවනා mix කරගන්න එපා. ඒවා කරනවානම් ඒවා වෙනම කරලා ඉවරවෙලා යෝග භාවනා කරන්න පටන්ගන්න. එවයි මේවයි එකට දාල hybrid භාවනා කරන්නත් එපා. සමථ විදර්ශනා භාවනා කලාට කුණ්ඩලිනිය අවධි වෙන් නෑ. ඒ වගේම තමයි කුණ්ඩලිනි භාවනා කරලා සත්‍යාවබෝධ කරන්න බෑ. යෝග භාවනා මගින් ධ්‍යාන ලබාගන්නනම් පුළුවන්. එත් කුණ්ඩලිනිය අවධි කිරීමට ධ්‍යාන අත්‍යවශ්‍ය නෑ.

සහස්‍ර චක්‍රය අවධි උනාම සසරින් මිදෙනවා කියල සමහර පොත් වල සඳහන් වෙලා තියෙනවා. ඒක සම්පුර්ණෙන්ම බොරු මතයක්. එහෙමනං බුදුන් වහන්සේ නමක් පහල වෙන්න උවමනාවක් නෑ. එහෙම දේවල් උගන්වන අය විශ්වාස කරන්නෙපා. කවුරුහරි සමථ විදර්ශනා මගින් කුණ්ඩලිනිය අවධිකිරීමක් හෝ යෝග භාවනා  මගින් නිවන් දැකීමක් උගන්වනවානම් ඔවුන් ඒ කිසිම භාවනාවක් හරියට දියුණු කරගෙන නෑ.

මාර්ගඵල ලැබීමෙන් කුණ්ඩලිනිය අවධි වෙන් නෑ. මාර්ගඵල ලැබීමට කුණ්ඩලිනිය අවධි වීම අවශ්‍යත් නෑ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය නිසා කුණ්ඩලිනි ශක්තිය ඉබේම අවධිවෙනවා. එත් රහතන් වහන්සේලා සියලුම දෙනා කුණ්ඩලිනිය සහිත අය නෙවෙයි. කුණ්ඩලිනිය සහිත රහතන් වහන්සේලාත් කුණ්ඩලිනිය නැති උනත් ධ්‍යාන බලයෙන් ඉර්ධි දැක්විය හැකි රහතන් වහන්සේලාත් කුණ්ඩලිනිය හෝ ඉර්ධි කිසිවක් නැති රහතන් වහන්සේලාත් ඉන්නවා. රහතන් වහන්සේ නමකට අනිවාර්යෙන්ම ධ්‍යාන තිබෙනවා. ඒත් ඉර්ධි තිබීම අනිවාර්ය නෑ.

ධ්‍යාන මගින් ලැබෙන ඉර්ධිමය හැකියා, දිවැස් ආදිය කුණ්ඩලිනි චක්‍ර අවධි කිරීමෙන් ලැබෙන හැකියා වලට වඩා වෙනස්. ක්‍රම දෙකෙන්ම කරන්නේ එකම දේ උනත් කරන විදිය වෙනස්. ඉර්ධිමය හැකියා සිතේ සමාධිය නැති උන ගමන් නැති වෙනවා. කුණ්ඩලිනිය අවධි කිරීමෙන් ලැබෙන හැකියා වලට සිතේ සමාධිය බලපාන්නේ නෑ.

අපට අපගේ චක්‍ර සක්‍රිය බවවත් අප උගන්වන භාවනා සත්‍ය බවවත්  අනුන්ට ඔප්පු කර කර සිටීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. මේවා සොයන අය හිමාලය වගේ තැන් වලටත් ගිහින් ගුරුවරයන්ට දිනපතා වන්දනා කරමින් අමාරුවෙන් ඉගෙන ගන්නවා. ඒ කිසි දෙයක් නැතිව අප මේ ක්‍රම අත ළඟටම ගෙනත් දෙන විට සමහරු ඔප්පු කරන්න පුලුවන්ද කියල අහනවා. යෝග ශාස්ත්‍රය කියන්නේ ගෝලයා ගුරුවරයාට වන්දනා කර ලබාගන්නා දෙයක් මිසක් ගුරුවරයා ගෝලයාට මැජික් පෙන්වා අනේ ප්ලීස් මේක පිළිගන්න කියා ආයාචනය කරන දෙයක් නොවේ. අප ඔබට ම්හිපිට දෙවියෙක් වීමේ මාර්ගය පෙන්වන අතර ඔබට කැමතිනම් එය පරික්ෂා කල හැකි අතර අකමැතිනම් අත්හැරිය හැකි. පින් ඇත්තෝ අපරික්ශාවෙන්ම ප්‍රගුණ කරති.වාසනාව ඇත්තෝ පරික්ෂා කර හෝ පිළිගනිති.

ලිපි වලින් කියා තියෙන දේවල් වෙනුවට තමන්ට හිතෙන දේවල් කරනවානම් ඒවායේ අතුරු ප්‍රතිපල වලට අපට වගකියන්න බෑ. අතුරු ආබාධ නොවෙන ලෙස කරන හැටි පැහැදිලිව ලිපි වල අපි සදහන් කරලා තියෙනවා.

මේ ලිපි වල අයිතිය අප සතු දෙයක්. එනිසා මේ ලිපි අනවසරයෙන් උපුටා ගැනීම නීති විරෝධීයි . මේ ලිපි වල අඩංගු කරුණු කිසියම් ආකාරයකින් උපුටා ගැනීමක් කර තිබුනොත් ඒ පිළිබඳව copy rights action ගැනීමට අපිට සිද්දවෙනවා.

8 comments:

  1. මට ඔබතුමාව සම්බන්ධ කර ගැනීම සඳහා ඔබතුමාගේ ඊ මේල් ලිපිනය අත්‍යාවශ්‍යයි. මක්නිසාදයත් පෙර භවයන් හඳුනාගැනීම පිලිබඳ දෙයක් මට ඔබතුමාගෙන් දැනගැනීමට අත්‍යාවශ්‍යය නිසා.. මාගේ ඊමේල් ලිපිනය.. sethvewa@gmail.com

    ReplyDelete
  2. Oya krnne gdk loku udauwak.me dewal walata oyata gdk pin. Me dewal watina minissunta gdk watinawa .wena kisima thenaka me wage niraul widiyata me dewal sadahan karala thiyanawa mn dekala ne... Oya me dewal gdk amaruwen egena ganna eththe.mama wage thawa me dewal hoyana dena ganna asa karana ayata me hemadeyakma gdk watinawa.. gdk pin oyata.. Me hemadekatama.. Thanx

    ReplyDelete
  3. Sir . Mama a/l karana lamek matath asai kundalini bhavana karala dhyana labanna. Me wayasa ekata hodada ? Mokada mama kundalini gana thibba pothaka dakka awurudu 20 uda thama sudusu wayasa kiyala . Mama kundalini bhavana patan gannawanam kohomada karanna oni ?

    ReplyDelete
    Replies
    1. wayasa prasnayak ne.
      mama dala thiyena kundalini bhawanawa post eka kiyawala eke vidiyata karanna

      Delete
  4. Thank you very much sir .sir ge me blog ekanam puduma widihata watinawa.

    ReplyDelete