ඍජුවම හතර වන ධ්‍යානයට සිත පත් කරන අනිමිත්ත සමාධි භාවනාව

                                   
                                   මේ පොස්ට් එකෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ධර්මයේ සඳහන් වෙන එත් බෞද්ධයන් අතර එතරම් ප්‍රසිද්ධ නැති භාවනාවක් ගැන. එත් මේ භාවනාව සටන් කළා ප්‍රගුණ කරන අය අතරත් චීන හා ටිබෙට් භාවනානුයෝගින් අතරත් ප්‍රසිද්ධ භාවනාවක්. මේ භාවනාව හඳුන්වන්නේ අනිමිත්ත සමාධිය කියලා. සංයුක්ත නිකායේ සලායතන වග්ගයේ මොග්ගල්ලාන සංයුක්තයේ අනිමිත්ත සුත්‍රයේ මේ පිළිබඳව සඳහන් වෙනවා. මේ භාවනාව ඉතා ඉක්මනින් හා ඉතා ගැඹුරට හිත එක්තැන් කරන භාවනාවක්. මේ භාවනාව නිසි ලෙස ප්‍රගුණ කලොත් පළමු දෙවන, තෙවන ධ්‍යාන වලට නොයා ඍජුවම හතර වන ධ්‍යානයට සමවැදිය හැකියි. මේ භාවනාවට අනිමිත්ත කියන නම ලැබිල තියෙන්නේ මෙහිදී කිසිම නිමිත්තක් ගැන අවධානය නොදක්වන නිසා.

                                     මේ භාවනාවේදී කිසිම අරමුණක් ගැන මෙනෙහි කරන්නේ නෑ. භාවනාවේදී කරන්නේ පහසු ඉරියව්වකින් වාඩිවෙලා  කිසිවක් නොහිතා ඉදීම. කයේ කිසිම සෙලවීමක් නොකර හිතින් කිසිවක් නොසිතා ඉන්න උත්සහා කරන්න. ධ්‍යාන ලබාගැනීම සඳහා කයේ සෙලවීම් නතර කරගැනීම අත්‍යවශ්‍යයි.කිසිම අරමුණකට අවධානය නොදක්ව ඉන්න.

                                    ආරම්භයේදී භාවනාව කිරීම ටිකක් අමාරුයි. කිසිවක් නොහිතා ඉන්න කොච්චර උත්සහ කලත් හිතට එන විවිද අරමුණු වලට ඉබේම අවධානය යොමු වෙලා ඉබේම ඒවා පිලිබඳ සිතුවිලි පහල කිරීම සිද්ධවෙනවා. ටික වෙලාවකින් ආපහු සිහිය පිහිටුනම තමා අපි දන්නෙවත් නැතුව අපේ හිතෙන සංස්කාර පහළ කරමින් ඉදල තියෙන බව තේරෙන්නේ. ඒත් ටික වෙලාවක් උත්සහා කලාම ඉක්මනින් හිත එක්තැන් වෙනවා. ඒ වෙලාවට හිතේ කිසි අරමුණක් නැති නිසා හිතට වෙහෙසක් නැති නිසා හිතට ලොකු සැහැල්ලුවක් සතුටක් ඇතිවෙලා (ප්‍රීති ධ්යානාංගය) හිත හොදින් සමාධිගත වෙනවා.

සාමාන්‍ය භාවනා වලදී ධ්‍යාන ලැබෙන්නේ මේ පිළිවෙලට
1 - විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රතමධ්යානය
2 - විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත දුතියධ්යානය
3 - ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත තෘතියධ්‍යානය
4 - සුඛ ඒකග්ගතා සහිත චතුර්තධ්යානය

                                    ඒත් අනිමිත්ත සමාධියේදී හිත එක්තැන් කරනකොට හිත කෙලින්ම පත් වෙන්නේ 3වෙනි හෝ 4වෙනි ධ්‍යානයට. එකට හේතුව මේ භාවනාවේ අරමුණක් නැති නිසා විතර්කය හා විචාරය කියන ධ්‍යාන අංග හිතේ පවතින් නෑ. අරමුණක් නැති නිසා පවතින්න හේතුවකුත් නෑ.


                                    මේ භාවනාව පොඩි වෙලාවක් උනත් හරියට කලොත් හිතේ ඉබේ සංස්කාර පහළවීම  (ඉබේ සිතුවිලි හිතීම, අතීත දේවල් මතක් වීම, අනාගතය ගැන දවල් හීන මැවීම ) (මනෝ පාරවල් ගැසීම) නැති වී  ඉතා හොදින් සිහිය පිහිටනවා අත්දකින්න ලැබෙනවා. භාවනාව කලාට පස්සේ සාමාන්‍ය එදිනෙදා වැඩ කරනකොටත් ඉතාම හොදින් සිහිය පිහිටලා තියෙනවා. මතක ශක්තිය ගොඩක් වැඩිවෙනවා.

                                   මේ භාවනාව කරන්න කලින් තමන් ලබන්න කැමති යම් අධිමානසික හැකියාවක් තියෙනවනම්  භාවනාව කිරීමෙන් එය ලැබේවා කියල හිතල භාවනාව කලොත්  හොදින් හිත එක්තැන් උනාම (මාස 3කින් පමණ) ඒ හැකියාව ලැබෙනවා. ඒත් එක පීට එක විවිද දේවල් ප්‍රර්ථනා කිරීමෙන් ලැබිලා තිබෙන හැකියාවලුත් නැතිවෙලා යනවා. මිට අමතරව භාවනාව ප්‍රගුණ කරනකොට අනාගතේ වෙන දේවල් දැනීම, අනුන් හිතන දේවල් දැනීම වගේ හැකියා ඉබේම ලැබෙනවා.

                                   අනිමිත්ත සමාධිය වඩන ගොඩක් අය තරමක් සාර්ථක උනාම තමන්ගේ හිතේ මුකුත් නැති බවක් දැනෙන නිසා හිතනවා තමන් රහත් වෙලා කියලා. මේක සම්පුර්නෙන්ම මුලාවක්. මේ භාවනාව මගින් මාර්ගඵල ලබාගැනීමට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමය අනුගමනය නොකර නිකන්ම භාවනාව කලාට මාර්ගඵල ලැබෙන්නේ නෑ. හිතේ කිසි දෙයක් නැති උනා කියල රහත් වෙන්නේ නෑ. හිතේ කිසි දෙයක් නෑ වගේ දැනුනට ඇත්තටම නැත්තේ නෑ ඉතාම සියුම් සිතුවිලි පරම්පරාවක් (චිත්ත වීති) මේ භාවනාවෙන් ධ්‍යාන ලැබූ අවස්ථා වලත් හිතේ පවතිනවා. ඒ නිසා තරමක් සාර්ථක උන ගමන් තමන් රහත් වෙලා කියලා මුලා වෙන්නෙපා. රහත් වීම කියන්නේ හිතේ කිසි සිතුවිල්ලක් නැති වීම නෙවෙයි.


ලිපියේ සදහන් කර ඇති කරුණු වලට අමතරව පුද්ගලික යෝග උපදෙස්, භාවනා උපදෙස් හා මනෝවිද්‍යාත්මක උපදෙස් ලබාගැනීමට අවශ්‍යනම් Facebook පිටුවට Message කරන්න ( මෙතන ක්ලික් කරන්න )

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. අනිමිත්ත(නිත්‍ය වූ නිමිත්තක් නැති) චේතෝ සමාධිය - http://visuddhimagga.info/download.php?file=http://secondary4.anaalaya.com/Dhamma2015/M_Culasunnatasutta_27_07_2015.mp3

    ReplyDelete
  3. Rahath weemakadi sithe swabawaya gena wistharayak karala denna puluwanda ?

    ReplyDelete
    Replies
    1. ඕව එක එක්කෙනාගෙන් අහන්න එපා. ඇත්ත කියනවද බොරු කියනවද කියල දැන් නෑනේ? ඕවට ඇත්ත වගේ බොරු සුරංගනා උත්තර දෙන අය ගොඩක් ඉන්නවා. රහත් උන හිතක ස්වාභාවේ දැනගන්න ඕනිනම් කරන්න තියෙන හොදම දේ බුදුරජානන් වහන්සේ දේශනා කරපු රහත් වෙන මාර්ගය වඩන්න එක එක ලෝකල් රහතන්ගේ කතා අහන්නතුව. සතර සතිපට්ඨානය ,සප්ත බෝජ්ජංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න.

      Delete
  4. ගොඩක් ස්තුතියි උත්තරයට. ඒ වගේම ගොඩක් පින් මේ වගේ දේවල් තනියම තියාගෙන ආත්මාර්ථකාමී විදිහට ප්‍රයෝජන ගන්නේ නැතුව, අනිත් අයගෙත් සාර්ථකත්වය වෙනුවෙන් යෙදුව්වට.ඒක ලොකු පිනක්. මේ site එකේ ගොඩක් post කියවන් යනකොට තේරුන දෙයක් තමා මිනිසා හා විශ්වය සම්බන්ද නීති ( ආකර්ෂණ නීතිය වගේ ) වලින් කරන දේවලුත් මේ භාවනා ක්‍රම වලින් කරන දේවලුත් ගොඩක් දුරට සමානයි කියල. ඒක එහෙම නේද ? මේ සැම දෙකින්ම වෙන්නේ මිනිස් මනසට, තමන්ට අවශ්‍ය දේ ඇතුල් කිරීමෙන්, එය විශ්ව ශක්තිය ලවා ඉටුකරගැනීම නේද ?

    ReplyDelete
    Replies
    1. ඔවු ආකර්ෂණ නිතිය මගින් කරන දේවලුත් මේවට ටිකක් සමානයි

      Delete
  5. kochchara wela bawana karanna onada

    ReplyDelete
  6. මේක එක දිගට වඩල මියගියොත් අසඤ්ඤෙ
    යිය බ්‍රහ්ම තලයෙ ඉපදෙන්න හේතු වනවග අසා ඇත

    ReplyDelete
    Replies
    1. ඔවු මැරෙන වෙලාවේ ධ්‍යානය තියෙනවනම් අසඥ්ඥයේ

      Delete
    2. ඒක භයානකයි කියල මං අහල තියනව..බුද්දෝත්පාද කාල සියදහස් ගනන් පහු කරත් අසඤ්ඤ තලයෙ ඉන්න බ්‍රහ්මයොන්ට තේරුමක් නැතිලු..

      Delete
    3. එහෙමනම් ඉතින් මොන බ්‍රහ්ම ලෝකයත් භයානකයි.කල්ප ගණන් යනකන් මොන බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක්ට උනත් වටේ පිටේ දේවල් තේරුමක් නෑ. සමහර දෙවියන්ටත් තේරුමක් නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ.මුකුත් නැති වෙනවනට වඩා හොදයි මොකක්හරි ධ්‍යානයක් තියෙන එක .අනික ඕනිනම් මැරෙන්න ලං වෙලා භාවනාව නවත්තුවම හරි

      Delete
    4. ඒක ඇත්ත. ගොඩක් පිං :-)

      Delete
  7. හිතවත් ඇදුරුතුමණි, අසඤ්ඥ භාවනාව යනු බුදුන් වහාන්සේ විසින් නින්දා කර ප්‍රතික්ෂේප කරණ ලද බ්‍රාහ්මණ භාවනාවක් මිසක් ආර්‍ය භාවනාවක් නොවන බව කරුණාවෙන් සිහිපත් කරණු කැමැත්තෙමි. සියලු ආර්‍යය භාවනාවන්ගේ අවසාන අරමුණ උතුම් නිවන මිසක් ධ්‍යාන නොවේ. එහෙත් භාවනා මාර්ගයෙහිදී නිතැතින්ම ධ්‍යාන හමු වනු ඇත. යම් මාර්ගපල ලාභියෙකු භාවනාවෙන් ප්රතමධ්‍යානය හෝ ලැබුයේ නම් ඔහු සුද්දාවාස බ්‍රහ්ම තලයේ උපදිනු ඇත. අනාගාමී අයෙකු නම් ඔහු භාවනා නොවැඩුවත් ඔහුගේ චිත්තය නිරායාසයෙන්ම චතුර්තධ්‍යාන තත්වයේ ඇත. මාර්ගපල නොලැබූ අයෙකු නම් ඔහු සිටින ධ්‍යාන මට්ටමේ හැටියට සුද්දාවාස බඹ තලයේ හැර අනෙකුත් රූප ලෝක,අරූප ලෝක බඹ තලයන්හි උපදිනු ඇත. එහෙත් අසඤ්ංඥ භාවනාව වැඩූ අයෙකු උපදින්නේ අසඤ්ංඥසත්ත බඹ ලොව හි ය. එහි උපන් අයෙකුට කයක් ඇත. සිතක් නැත. මල කදන් සේ ඔහේ එකම ඉරියව්වකින් කල්ප දහස් ගණන් ජීවත් වෙය්. හැරෙන්න පෙරලෙන්න වත් සිතක් නැත. රැගෙන ආ බ්‍රහ්ම ආයුශ අවසන් වෙන තුරු මල කදක් සේ ජීවත් විය යුතුය. මෙහේ බුදු වරුන් සිය ගණන් පහල වී බණ දේශණා කර පිරිණිවන් පෑවත්,නිවන් තියා එක බණ පදයක් අහන්න වත් ඔහුට සිතක් නැත. බ්‍රහ්ම ආයුශ ගෙවුණ දාට ආපහු පරණ කර්ම විපාකයක් අරගෙන හතර අපායේ උවද ඊ ලග උත්පත්තිය ලැබීමට පුලුවන. බුදු පියාණන් විසින් බමුණන්ගේ අසඥ්ඤ භාවනාව නින්දා කොට බැහැර කරේ එබැවිණි. සුද්දාවාස බඹ ලොව යන එක අති උතුම්‍ ය. අරූප ලෝක බඹ තලයක උපදින එක උතුම් ය. රූප ලෝක බඹ තලයක උපදින එක යහපත් ය. එහෙත්... අසඤඥ්ඤ බඹ තලයේ ඉපදීම... පාලු අමු සොහොනක සිටින මල මිණියකට වඩා වෙනසක් නැත. යහපත් කුමක්ද යන්න ඔබම තීරණය කර ගණු මැනැවි. මේ ටික ලීවේ කිසිවෙකුටත් අපහාස කිරීමට හෝ,අවමානයට ලක් කිරීමට නොව, ආධුනිකයන් කෙරෙහි අපමණ මෙත් සිතිණි. භාවනාවක් වැරදීමෙන් අයෙකු පිස්සෙක් වීම ගැටලුවක් නැත. එහෙත් සත්‍යය දැන දැන කල්ප ගණන් අන්ත අසරණ වීමට ඉඩ දිය නොහැක. තෙරුවණ් සරණය්...

    ReplyDelete
    Replies
    1. Ow meya sathyaki, Arupa brahma loka wala brahma inta deviyan ha anekuth aya samaga sambandatha pawathviya hakiya, Asancha brahma lokaye ayata kisima sanchawak wath sambandatha pawathvimak wath nomatha, e wagema asancha brahma loka wala ayushada anek ewata wada visala pramanayaki.

      Delete
    2. මම ඔය කරුණු ටික දේශනා වල කියවල තිබුනා. මුකුත්ම භාවනාවක් සමාධියක් නැති කෙනෙක් වෙනවට වඩා මොනමහරි ධ්‍යානයක් තිබීම හොදයි නේද?
      එතකොට ඒ ධ්‍යානය උපයෝගී කරගෙන වෙනත් ධ්‍යාන ලබාගන්නත් පුළුවන් වෙනවා.
      ඒ නිසා තමයි මේ ගැන පොස්ට් එකක් දැම්මේ. අනික මේක දාපු පලියට මේක බලන බලන කෙනා ධ්‍යාන ලබාගන්නේ නෑ.

      Delete
  8. මේ භාවනාව කරන ගමන් 3rd eye භාවනාවත් කරාට කමක් නැද්ද?
    මේ භාවනාව කරනකොට බිම කුෂන් එකක් උඩ ඉගෙන බිත්තියට හේත්තු වි කරාට කමක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. දෙකක් කරන්නෙපා.එකක් කරන්න.
      බිත්තියට හේත්තුවෙලා කලට කමක් නෑ

      Delete
  9. Me bawanawa karana gaman kundalniya awdiwewa kiyl prarthana kaloth hith ekthn unma kundalniy awdi wenwd guruthmni

    ReplyDelete
  10. Me bawnwa karangmn om karaya ahuwat kmk ndd??

    ReplyDelete
  11. Me bawanaw karanagaman om karya ahuwata kamak nadd

    ReplyDelete
    Replies
    1. hebei omkaraya ahana gaman me bawanawa hariyata karanna puluwan bawana krala hoda palapuruddak thiyena kenekta witarai. sadde ehenakota hitha pita yanawa

      Delete
  12. Omkarya ahanagaman me bawanw karankota 3d eye wiwra wimata balapamak thyenwda????

    ReplyDelete
  13. Me bawanawa Ade wadi wela karata kamak nadda?dhyana laba ganna bima wadi welama bawana karanna oneda? Puluwan nan dhyana gana irdi gana post ekak Danna..obata bohoma pin..

    ReplyDelete

Post a Comment