Pages

Saturday, April 2, 2016

හිත ඉක්මනින් එක්තැන් කරන ජපමාල භාවනාව

                                           
                                               ඔරලෝසුවෙන් කරන භාවනාව වගේ හිත ඉක්මනින් සමාධිගත වෙන තවත් භාවනාවක් පැහැදිලි කරන්නයි මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ආනාපානසති භාවනා, සමථ භාවනා වැනි භාවනා කරලා හිත එක්තැන් කරගන්න අමාරු උන අය ඉන්නවනම් මේ භාවනාව කරලා බලන්න හොදින් හිත එක්තැන් කරගන්න මේ මගින් පුළුවන්. මේ භාවනාව සරල උනත් ඉතා පැරණි කාලයේ පටන් ඍෂි වරු පවා කරන භාවනාවක්. මේ සඳහා ජප මාලයක් හෝ ඒ වගේ දෙයක් අවශ්‍යයි. රුද්‍රාක්ෂ ඇට වලින් හදපු ඇට 108ක් සහිත ජප මාලයක් ගන්න පුලුවනන්ම් ගොඩක් හොදයි.

                                                භාවනාව කිරීම සඳහා නිශ්ශබ්ද තැනක පහසු ඉරියව්වකින් හිදගන්න. ඇට මාලය වම් අතට අරන් දකුණු අතින් එකින් එක පහලට කරන්න. එසේ කරන ගමන් 1 සිට 108 දක්වා සිතින් ගණන් කරන්න. හැකිනම් පැය 2ක් 3ක් පමණ මේ විදියට භාවනා කරන්න. හිත හොදින් එක්තැන් වෙනකම් මේ විදියට සති 3ක් 4ක් එක් ඇටයෙන් ඇටය ගණන් කරන්න.

                                              සති 3කින් ,4කින් පසු  පබළු 2 බැගින් ගණන් කරන්න. මුල් පබළු 2 පහලට කර 1යි කියා හිතන්න, ඊලග පබළු 2 පහලට කර 2යි කියා හිතන්න. මේ විදියට රුද්‍රක්ෂ ඇට/ පබළු 2 බැගින් 1 සිට 54 දක්වා ගණන් කරන්න . සති 2කින් පමණ පසු ඇට 3න් 3ට ගණන් කරන්න.


                                              මේ භාවනාවත් සරල භාවනාවක් උනත් ඉතාම ගැඹුරට හිත එක්තැන් කරන්න උපකාර වෙන භාවනාවක්. කාර්යබහුල ජිවිත ගත කරන අයට එදිනෙදා වැඩ කරන ගමන් හිත එක්තැන් කරගන්න මේක ගොඩක් උපකාර වෙනවා. ඒ වගේම සමථ භාවනා කලාට හිත එක්තැන් කරගන්න අමාරු අය ටිකක් කල් මුලින්ම මේ භාවනාව පුරුදු කරලා සමථ භාවනා කරන්න ගත්තොත් හොදින් භාවනාව සාර්ථක කරගන්න පුළුවන්.

29 comments:

  1. hansi wela indagena anapanasathi bhawanawa kalata kamak nadda,mokada wedi wela wadi wela inna amarui konde wedanawa nisa,numbata saha numbe guruwaraya hata pin me karana mehewarata..

    ReplyDelete
    Replies
    1. හාන්සි වේලා ආනාපානසතිය කරන්න හොඳ නෑ. බුදුහාමුදුරුවෝ ආනාපානසති දේශනාවේ කියලම තියෙනවා ආනාපානසතිය වඩන්න පලක් බැඳගෙන වාඩි විය යුතුයි කියල

      Delete
  2. iriyauwa amaru nisa ema kale, godak durata anga gana nodani pawenawa wage danenawa,e hitha yam thak tharamakata ekanga una nisada,obata pin me karunu pahada dunnata..

    ReplyDelete
    Replies
    1. ou. hitha ekthan wenna patangannakota paawenawa daneneawa. hebei e patangenma witharai. e nisa pawena hegima gena hithannathuwa ekadigata bawanawa karanna. naththam ethanin udata hitha ekanga karaganna beriwenawa.e wagema bawanawa nokara oya hegima vidinna giyama tika dawasakin oya tharamatawath hitha ekthan wennethi wenawa. ekadigata bhawanawama karanna .etakota eka welawakadi ege amaru neti wela yanawa.ethakota onatharam wela bhawana karanna puluwan

      Delete
  3. numbata pin,idiriyatath gatalu mathu wunoth nubata kiyannam,theruwan saranai!

    ReplyDelete
  4. භාවනා කරනවනම් සංසර්ගයෙන් වැලකි සිටිය යුතුද.විශේශයෙන් 3RD eye භාවනාව වඩද්දි.

    ReplyDelete
    Replies
    1. නෑ.එහෙමනම් මන් පොස්ට් වල සඳහන් කරනවා. ඕවා එක එක්කෙනාගේ මනස්ගාත

      Delete
  5. මම දින හතක කාලයක සිට තෙවෙනි ඈස බාවනාව කරනවා.එත් මට තාම සිත එක අරමුනක තියා ගන්න බෑනේ.එක එක විකාර දේවල් හිතට එනවා.එතකොට ඉටිපන්දම් දැල්ල පෙනෙන්නෑතුව යනවා.මුල් දින දෙක තුන ප්‍රස්නයක් තිබ්බේ නෑ.මොකක්ද මම මෙයට කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හැම වෙලෙම් භාවනා කරන්න එනකොට මුණ, ඇඟ , කකුල් හෝදගෙන ඇවිත් කරන්න පටන් ගන්න. භාවනාව කරන්න කලින් හොදින් හිතට අරන් දත් මිටි කාගෙන හරි අධිෂ්ඨාන කරගන්න කොහොමහරි භාවනා කරන වෙලාව ඇතුලත හිත එකඟව තියාගන්නවා කියලා. විනාඩියක් විතර මුකුත් නොහිතා මුකුත් නොකර කිසිම අරමුණකට අවධානය නොදක්වා ඉදලා හිත හිස්ව තියාගන්න. ඊට පස්සේ භාවනාව පටන්ගන්න

      Delete
    2. සති 2ක් විතර මේ විදියට කරලා ප්‍රතිපල නැත්තම් කියන්න

      Delete
    3. හා.බෝහෝම ස්තූතියි..

      Delete
  6. mama blog ekaka dakka guruwarayek nathiwa chakra awadhi karanna gihihama ansha baaga thatwaya athi wenawa kiyala.meya atthakda?.mama 3RD Eye baavanawa wadanawa lagaka sita mage konda tikak ridenawa.nameddi ehema papuwa adenawa wage.atthatama ansha baage thatwaya athi wenawada.pahadili pilithurak balaporotthu wemi.bohoma stuthei..

    ReplyDelete
    Replies
    1. hari bhawanawa hari piliwelata karanwanam ehema wen ne. weradi bhawanawak kaloth ho hari bawanawa weradi vidiyata kaloth vivida leda hadenna puluwan. ansha baga hadennath puluwan. hebei kalathurakin echchara deyak wenne. konda ridena ekanam ekadigata bawana asanekin inna nisath enawa

      Delete
    2. bhawanawa karanna kalin shiwa deviyanta ho thaman adahana devi kenekta wandanaa karala pin dila bhaawanaawa saarthaka wennath weradim sidda nowennath udau illanna

      Delete
  7. මම තෙවෙනි ඇස භාවනාව වඩනවා.මට දැනගන්න පුළුවන්ද ඔබ තුමාගේන් අත් අරින්න ඕන නරක පුරැදු මොනවාද කියලා.උදාහාරනයක් හැටියට පන්සිල් පද පහා ඒ විදිහටම රකින්න අවශයද?

    ReplyDelete
    Replies
    1. ehema vishesha deyak ne. pansil walin palaweni 3 rakinna oni. anunta haanikarana paliganna aramunu nathi karaganna eka hodai

      Delete
  8. හා..බෝහෝම පිං.

    ReplyDelete
  9. නලල මැද්දේ නලියනවා....තදින්ම දැනෙනවා ඒත් ආලෝකයක් නොපෙනේ...

    ReplyDelete
  10. මෙහෙම ප්‍රස්නයක් අහනවට මුලින්ම සමාවෙන්න.එත් මෙය අසා විසදා ගත යුතුයි.මම ස්වයං වින්දනයට හුරැවි සිටින කෙනෙක්.මම තෙවෙනි ඇස භාවනාව කරනවා.මා ස්වයං වින්දනය නෑවතිය යුතුද?.

    ReplyDelete
    Replies
    1. ewa prashnayak ne. hebei karana deyak bhawana karanna kalin karanna. bhawana kalaata passe karannepa

      Delete
    2. eka prashnayak nowene na adhimaanasika. weradi de kiyadenna epa.

      Delete
    3. භාවනාවක් පොඩි දුරකට පමණක් දියුණු කරපු කෙලවරට නොආපු ,භාවනා ගැන ධර්ම අවබෝධය වැඩි ,ප්‍රතක්ෂ්‍ය අත්දැකීම් අඩු ගොඩ දෙනෙක් කියන කතා මේවා. ඔබතුමාත් ඒ මට්ටමේ වගේ තමා තේරෙන්නේ. මේ භාවනවටවත් මම කියල තියෙන වෙන කිසිම භාවනවකටවත් ස්වයංවින්දනය කළා කියල ප්‍රතිපල ලබාගන්න බැරි කමක් නෑ

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. Mn 3d eye bhawnwa krnn ptn arn dn dwas 3k withra wenwa.mge hitha thanka thiyagnn bari hinda mn japamla bhwanawai,animitta samadi bhawanwth wdanwa.oba thumagen dangnn puluwnd me bawna thunma ekt krta kmk ndd kiyla.
    3d eye bhwanwedi pahan dalla e thiyena widihtma penenkn hitha diunu krgtha yuthud?obthuma me krn sewyt bohoma pin.

    ReplyDelete
    Replies
    1. Hobda ne. Bawana dekathuna ekapara karannrpa. Ekak vitarak kranna

      Delete