Wednesday, June 14, 2017

වජ්‍රායුධය අතින් දරාගත් ඉන්ද්‍ර , zeus, Thor හෙවත් සක්‍ර දෙවියන්

                                                       ඕම් දේව රාජාය විද්මහේ
                                                       වජ්‍ර හස්තාය ධිමහි
                                                       තන්නෝ සක්‍ර: ප්‍රශෝදයාර්ත්...

                                                       සක්‍ර දෙවියන් කියන්නේ තාවතිංසා හා චාතුර්මහාරාජික දෙදෙව් ලොවට අධිපති හා සියලු දෙවියන්ගේ නායක දෙවියන්. දෙදෙව් ලොවට අධිපති කියල හැදින්වුවත් සියලුම දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක වල තීරණ ගන්නේ සක්‍ර දෙවියන්ගේ අනුදැනුම යටතේ. යාමය හා නිර්මාණරති දෙවලොක වල නායක පදවියට විශේෂ දෙවි කෙනෙක් නෑ. තුසිත දිව්‍යලෝකයේ මුලිකයා සංතුසිත කියල හඳුන්වන මහා බෝධිසත්වයන් වහන්සේ. ඒ කියන්නේ තුසිත දෙව්ලොවේ ඉන්න බෝධිසත්වයන් අතරින් නුදුරු අනාගතයේ බුද්ධත්වයට පත්වෙන බෝධිසත්වයන් වහන්සේ. මේ කාලයේ සංතුසිත පදවියේ වැඩ ඉන්නේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. පරනිර්මිත වසවර්ති දෙව් ලෝකේ අධිපතියා මාර දිවය පුත්‍රයා නොහොත් මාරයා. මේ මාරයයි මන්තර ගුරුකම් මාරක කටයුතු වලට ගෙන්වන වලදී ගෙන්වන මාරයයි දෙන්නම එක්කෙනෙක්. එකම දෙවියන්ගේ දිව්‍ය අවතාරය හා යක්ෂ අවතාරය. දිව්‍ය ස්වභාවයෙන් ඇවිත් මන්තර ගුරුකම් සිද්ධි කිරීම් හා බිලි පුද ගැනීම් කරන්න බැරි නිසයි යක්ෂ ස්වභාවයෙන් එන්නේ. එකම මාරයෙකුට එකවෙලාවේ ගොඩක් තැන් වල ඉන්න බෑ විවිද තැන් වලට එන්නේ මාර සේනාවේ විවිද දෙවිවරු.

                                                      බුද්ධාගමේ සක්‍ර දෙවියන්, හින්දු ආගමේ ඉන්ද්‍ර දෙවියන්, ග්‍රීසියේ සියුස්, වයිකින්ග්ස් වරු ඇදහු  thor දෙවියන් ආදී විදියට විවිද නම් වලින් අදහන්නේ එකම සක්‍ර දෙවියන්ව. මේ විවිද ආගම් එකිනෙකට සම්බන්ධයක් නැතිව වෙන වෙනම ගොඩනැගුනු ඒවා උනත් ඒවායේ සඳහන් දෙව්ලොවට අධිපති දෙවියන්ගේ විස්තර බොහොමයක් එකිනෙකට සමානයි. වෙනස්කම් වෙලා තියෙන්නේ එක එක සංස්කෘති වලට අනුව මිනිස්සු දෙවියන්ව විග්‍රහ කරලා තියෙන ආකාරය විතරයි. මේ වෙනස්කම් ඇතිවෙන්න හේතු කීපයක් තියෙනවා. මේ සියලු ප්‍රදේශ වලට පෙනී සිටින්නේ එකම සක්‍ර දෙවියන් උනත් ඒ ඒ ප්‍රදේශයේ මිනිසුන්ට ගැලපෙන විදියේ වෙනස් අවතාර වලිනුයි ඒ ඒ මිනිසුන් එක්ක සම්බන්ධ වන්නේ. ලංකාවේ මහසොහොන් යක්ෂයාගේ අවතාර 18ක් තියෙනවා වගේ විෂ්ණු දෙවියන්ගේ අවතාර 10ක් තියෙනවා වගේ සක්‍ර දෙවියන් මිනිස් ලෝකයේ විවිද ප්‍රදේශ වලට පෙනී ඉන්නේ විවිද අවතාර වලින්.

                                                    විවිද දිව්‍යලෝක වල මුලික තනතුරු දරන්නේ විවිද දෙවිවරු උනත් සියලු දිව්‍යලෝක හා මනුෂ්‍ය ලෝක වලට අදාළ තීරණ ගන්නේ සක්‍ර දෙවියන්. බලයෙන් හා පිනෙන් බලවත්ම දෙවියන් සක්‍ර දෙවියන්. මේ නිසාම සක්‍ර දේවත්වයට පත්වෙන එක ඉතාම අමාරු වැඩක්. සක්‍ර දෙවියන් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි තනතුරක්. කාලෙන් කාලෙට විවිද දෙවි වරු සක්‍ර දේවත්වයට පත්වෙනවා.

                                                    සක්‍ර දේවත්වයට පත්වෙන කොට කලින් සක්‍ර දෙවියන් වෙලා හිටපු දෙවියන් අලුතෙන් පත්වෙන දෙවියන්ට ශක්තියක් ප්‍රධානය කරනවා. ඒ ශක්තිය qountom එකක් (ශක්ති පැකට් එකක් ) වගේ ශක්තියක්. මේ ශක්තිය මහා පිනක් තිබෙන බලවත් දෙවි කෙනෙකුට විතරක් පාලනය කරන්න හා දරාගන්න පුළුවන් ශක්තියක්. මේ ශක්තිය නිසා අනිත් දෙවිවරු හා බ්‍රහ්මයන්ට නැති අතිවිශාල ශක්තියක් හා බලයක් සක්‍ර දෙවියන්ට අත්වෙනවා. මේ ශක්තියත් එක්කම ආයුධ කීපයක් ලබා දෙනවා. ප්‍රධානම ආයුධය තමයි විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිර්මාණය කරපු වජ්‍රායුධය.
විශ්ව කර්ම දෙවියන් ගැන ලිපියක් මෙතනින්(click here) කියවන්න.



                                                   බොහෝ වෙලාවට සක්‍ර දේවත්වයට පත් වෙන්නේ බුද්ධත්වයට හෝ පසේ බුද්ධත්වයට පත්වන්න ඉන්න බෝධිසත්වයන් වහන්සේ නමක් විතරයි. ඒකට හේතුව සක්‍රයා වෙන්න නම් අනිත් දෙවි වරුන්ට වඩා පින් තියෙන්න ඕනි. සියලු දෙවියන් නමස්කාර කරන්න කැමති කෙනෙක් වෙන්න ඕනි. ආලෝකය තේජස රැස් වළල්ල අනිත් දෙවි වරුන්ට වඩා ප්‍රභල වෙන්න ඕනි. එහෙම නැත්තම් සක්‍ර දෙවියන් ගන්න තීරණ වලට අනිත් දෙවි වරු එකඟ වෙන්න තියෙන ඉඩ අඩුයි. සක්‍ර දෙවියන් වීමට පින විතරක් තිබීම මදි. පින වගේම දිව්‍යලෝකේ ජ්‍යෙෂ්ට දෙවියෙකු වීම (ඉතා ඈත අතීතයේදී දෙව්ලොව ඉපදී බොහෝ කාලයක් තිස්සේ දෙවි කෙනෙකු ලෙස සිටීම) හා දිව්‍යලෝක මනුෂ්‍යලෝක වල ගැටළු හා යුද්ධ පාලනය කරන්න පුළුවන් අත්දැකීම් සහිත වීමත් අවශ්‍යයි. මේ නිසා තමයි සමහර බුද්ධ දේශනා වල සමහර දෙවිවරු ඇවිත් බුදුරජාණන් වහන්සේට කියන බව සඳහන් වන්නේ සමහර වෙලාවට මගේ ආලෝකය සක්‍ර දෙවියන් පරදවනවා, මම භජනය කරන සැප සම්පත් සක්‍ර දෙවියන් පරදවනවා කියල. සක්‍ර දෙවියන්ට වඩා පින් තියෙන කෙනෙක් දෙව් ලොව ඉපදුනොත් එකපාරට ඒ දෙවියන්ට සක්‍ර පදවිය ලැබෙන්නේ නෑ. මොකද පින වගේම අනිත් දේවලුත් සලකා බලනවා. මේ දේවල් තියෙනවද කියල පරික්ෂා කරලා බලන්නේ දැනට ඉන්න සක්‍ර දෙවියන් විසින්. සක්‍ර දේවත්වය අපේක්ෂා කරන දෙවිවරු ඒ බව දැනට ඉන්න සක්‍ර දෙවියන්ට දැනුම් දෙනවා. එතකොට අවශ්‍ය මුලික ගුණාංග පරික්ෂා කරලා වඩාත්ම සුදුසු දෙවියන්ට සිල් රැකීමේ කාලයක් පනවනවා. මේක test එකක් වගේ දෙයක්. අදාළ කාලය සම්පුර්ණ වෙනකම් සිල් කිසිම ආකාරයකින් බිදගන්නේ නැතුව ඉදියොත් විතරයි සක්‍ර දේවත්වයට සුදුසුයි කියල අනුමත කරන්නේ. මේ විදියට මේ කාලයේ දැනට ඉන්න සක්‍ර දෙවියන්ගෙන් පස්සේ සක්‍ර දේවත්වය අපේක්ෂා කරන දෙවියන් අතින් සිල් රැකිය යුතු කාලය තුල සිල් බිදීමක් උන නිසා එතුමන්ට සක්‍ර දේව පදවිය අනුමත කිරීම මගහැරුනා .මේක මිට අවුරුදු කීපයකට කලින් දිව්‍යලෝකේ උන සිදුවීමක්.


සක්‍ර දෙවියන් පිළිබඳව බුදු දහමේ විස්තරාත්මකව සඳහන් වෙන්නේ මඝ මානවක කතා විස්තරයේ.


-
-
-

                                                    දිව්‍යලෝක ඇතිවීම පිළිබඳව සඳහන් වෙන්නේ මුලින්ම දිව්‍ය තල පහල උනේ මඝ මානවක ඇතුළු පිරිසගේ පිනෙන් කියල. මේ විස්තරය තියෙන්නේ මොන දේශනාවේද කියලනම් හරියට දන්නේ නෑ හැබැයි ඒ විස්තරයේ වැරද්දක් තිබෙනවා. හැබැයි බුද්ධ ධර්මය තුල වෙනස් වීම් තියෙන්නේ මේ වගේ කතා පුවත් වල විතරයි. භාවනා, විදර්ශනා, ත්‍රිලක්ෂණ, පටිච්චසමුප්පාද , සතිපට්ටාන වගේ නිවනට උපකාර වන බුදුරජාණන් වහන්සේ වදාළ කිසිම දේශනාවක අකුරක්වත් වෙනස් වෙලා නෑ. දිව්‍යලෝක මුලින්ම ඇති උනේ මඝ මානවක ඇතුළු පිරිස වෙනුවෙන් නෙවෙයි. ඉස්සෙල්ලාම දිව්‍යතල ඇති උනේ අසුරයන් වෙනුවෙන්. අසුර කියන්නේ යක්කුන්ට නෙවෙයි. මේ කාලේ ගොඩක් අය අසුර කියන්නේ යක්කුන්ට කියල වරද්දගෙන තියෙන්නේ. බෞද්ධ පොත්පත් අතරින් අසුරයන් පිලිබඳ නියම විස්තරය තියෙන්නේ රේණුකානේ චන්ද්‍රවිමල ස්වාමින් වහන්සේගේ පොතක විතරයි. ඒ නිසාම මම විශවාස කරනවා රේණුකානේ හිමියන් පොත් රචනා කළා වගේම ධ්‍යාන අභිඥා සමාපත්ති මාර්ගඵල ලබා ඉදපු ස්වාමින් වහන්සේ නමක් කියල.  අසුර කියන්නේ දේව කොට්ටාශයක්. හැබැයි දෙවියන්ට වඩා පින් මට්ටම තරමක් අඩුයි. ඒ වගේම අසුරයන්ගේ ශරීර කළු පාටයි. මුලින්ම දිව්‍යතල වල පහල උනේ අසුරයන්. ඊට පස්සෙයි දෙවියන් පහල උනේ. දෙවියන්ට තමා සුරයන් කියන්නේ. කාලයත් ගියාම සුර අසුර අතර ගැටළු ඇතිවෙලා අන්තිමට යුද්ධයක් ඇති උනා. මේ යුද්ධයෙන් අසුරයන් පරාද උනා. අසුරයන්ගේ නායකයාව (අසුරේන්ද්‍රව) සුරයන්ගේ නායක වූ සක්‍ර දෙවියන් මහා මේරු පර්වතයෙන් පහලට විසි කළා. එදා ඉදන් අසුරයන් වාසය කරන්නේ මහා මේරු පර්වතය අසලව. ඒ වගේම මුහුදේත් අසුරයෝ බහුලව ඉන්නවා. මෙන්න මේ හේතුව නිසා තමයි සුර අසුර යුද්ද නිතර ඇතිවෙන්නේ. අසුරයෝ තමන්ගේ අයිතිය දිනාගන්න නැවත දෙවියන් එක්ක විවිද යුද්ද කරලා තියෙනවා. හැබැයි හැම යුද්දෙකින්ම දිනන්නේ සුරයන්. මොකද අසුරයන්ගේ පින හා බලය දෙවියන්ට වඩා අඩුයි. සුර අසුර යුද්ධ කියන්නේ මේවට මිසක් යක්ෂයන් එක්ක උන යුද්ධ නෙවෙයි.

මේ තරහ නිසාම අසුරයෝ දෙවියන්ගේ බල අඩුකරන්න පුළුවන් මන්තර විද්‍යාවක් මිනිස්සුන්ට උගන්වල තියෙනවා සම්භාරි විද්‍යාව කියල. සාමාන්‍ය මන්තර දෙවියන් හෝ ඍෂිවරුන් හෝ මන්ත්‍ර ශාස්ත්‍රයේ ප්‍රවීණ පඩිවරු රචනා කරපුවා. අසුර මන්තර අසුරයන් බිහිකරපු මන්ත්‍ර. සාමාන්‍ය මන්තර වලින් දෙවියන්ගේ බල බිදින්න බෑ. සම්භාරි මන්තර වලදි එන්නේ යකුන් දෙවියන් නෙවෙයි අසුරයන්. ඒ නිසා ඒවයෙන් දෙවියන් යටපත් කරන්න පුළුවන්. මේ මන්ත්‍ර භාවිතා කරලා තමා රාවන පුත්‍ර ඉන්ද්‍රජිත් දෙවියන් එක්ක යුද්ද කරලා දෙවියන් පරාද කලේ.


                                                                    ඉන්ද්‍ර/දේවේන්ද්‍ර



                                                    වේද ග්‍රන්ථ වලට අනුව ඉන්ද්‍ර කියන්නේ ස්වර්ගයට අධිපති දෙවියන්. ඉන්ද්‍ර දෙවියන් අකුණු ගැසීම, වැසි ඇතිකිරීම, කුනාටු ඇතිකිරීම සිදු කරන දෙවියන්. ජෛන  සංකල්ප වලට අනුව ඉන්ද්‍ර කියන්නේ පළමුවෙන්ම ඇති උන සෞධර්මකල්ප නම් පළමු දිව්‍යලෝකයේ පළමු රජතුමා. මේ අදහස මඝ මානවක කතාවට සමානයි. මනුෂ්‍යන්ට විවිද හානි කරන අසුරයන් මරා දමන ඉන්ද්‍ර දෙවියන් මිනිසුන්ට සෞභාග්‍යත් වැස්සත් ලබාදෙනවා කියල ඍජ්වේදයේ සඳහන් වෙනවා.



ඉන්ද්‍ර දෙවියන්ගේ සටන් අතරින් ප්‍රසිද්ධම සටන වෙන්නේ සර්ප වේශයක් තියෙන ව්රිත්‍ර අසුරයාව වජ්රායුධයෙන් පහර දීලා මරා දැමීම.


ඉන්ද්‍ර දෙවියන් තපස් වරුන් තමන්ට වඩා බලවත් වෙයි කියල බයට භාවනා කරන තපස් වරුන්ට බාධා කරන බවත් සඳහන් වෙනවා. ඉන්ද්‍ර දෙවියන්ගේ වාහනය හිස් තුනක් සහිත ඓරාවත නම් සුදු ඇතා. ඉන්ද්‍ර දෙවියන්ගේ අතේ අකුණු සැර ඇතිකරන "වජ්‍රය" නිතරම දරාගෙන ඉන්නවා. ඉන්ද්‍ර දෙවියන් වාසය කරන්නේ මහාමේරු පර්වතයේ හා අමරාවතී නම් දිව්‍ය ප්‍රාසාදයේ.( වෛජයන්ත ප්‍රාසාදය )

මහා මේරු  පර්වතය තාම හරියටම අදුරගෙන නෑ. වේද ග්‍රන්ථ වල මහා මේරුව හඳුන්වන්නේ සියලු භෞතික, අභෞතික හා අධ්යාත්මිය සමාන්තර විශ්වයන් වල මධ්‍යය විදියට. ගොඩක් පර්යේෂකයන්ගේ මතය වෙන්නේ මහා මේරුව කියලා හඳුන්වන්නේ කාශ්මීරයේ වයඹදිග ප්‍රදේශයේ හිමාලය ආශ්‍රිතව තියෙන "පමීර්" කඳු වළල්ල කියන එකයි.

"සුර්ය සිද්ධාන්ත" නම් ඉපැරණි ඉන්දියානු තාරකා විද්‍යා ග්‍රන්ථයට අනුව මහා මේරුව පිහිටා තිබෙන්නේ ලෝකයේ මධ්‍යයේ අදෘශ්‍යමාන විදියටයි. බෞද්ධ ග්‍රන්ථ වලට අනුව මහා මේරුව පිහිටා තිබෙන්නේ මුහුදවල් 7කින් (සත් සමුදුර) හා කඳු  වළලු 7කින්  වටවී තිබෙන ජම්බුද්වීපයේ මධ්‍යයේ.  බුද්ධගයාව වගේ බෞද්ධ පන්සල්  හා ගොඩක් කෝවිල් ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ මහා මේරුව නිරූපණය වෙන විදියට.


මේ තියෙන්නේ ඉන්දියාවේ ජම්බුද්විප්  ප්‍රදේශයේ හස්තිනාපුර් නගරයේ ඉදි  කරලා තියෙන මහා මෙරුවේ ආකෘතියක්.

හිමාලයේ ගාර්හ්වල් ප්‍රදේශයේ තලයි සාගර් හා ශිව්ලින්ග් කියන ප්‍රදේශ දෙක අතර තියෙන මේරු කඳු ශිඛරයත් මහා මේරුව කියලා මතයක් තියෙනවා.








                                                                              සියුස්

                                               සක්‍ර දෙවියන් සියුස් විදියට මිනිස්සු ඉදිරියට ආවේ මිනිස්සු ඇති උන මුල්ම කාලයේ. ඒ කියන්නේ පිරිසිදු සිත් තිබුන ආභස්සර දෙවිවරු මනුෂ්‍යයන් බවට පත්වෙලා ටිකෙන් ටික කෙලෙස් වැඩි වෙලා මිනිසුන්ගේ හීත් අපිරිසිදු වෙන්න පටන්ගත්ත මුල් කාලයේ. මේ කාලයේ මිනිස්සුන්ගේ හීත් ගොඩක් පිරිසිදුව තිබුන නිසා දෙවිවරු මිනිසුන්ට පෙනෙන්නම ආවා. මිනිස්සු එක්ක කතා බහ කළා. කල් ගත වෙනකොට මිනිස්සුන්ගේ කෙලෙස් වැඩිවෙලා මිනිස්සුන්ගේ හීත් අපිරිසිදු වෙනකොට මිනිසුන් හා දෙවියන් අතර වෙනස වැඩි උනා. මිනිසුන් බවට පත් උනේ ආභස්සර දෙවිවරුන්ම උනත් කෙලෙස් නිසා ඒ දේව ගතිය ටික ටික නැතිවෙලා ගියා. එහෙම උනේ නැත්තම් අදටත් දෙවිවරු මිනිස්සුන්ට පෙනෙන්න ඇවිත් කතා කරනවා.

ග්‍රීක දේව පුරාණයට අනුව සියුස් දෙවියන් අහසට හා අකුණු ගැසීමට අධිපති හා දිව්‍යලෝකයේ රජු විදියට ඉන්න දෙවියන්. සියුස් දෙවියන් ඔලිම්පස් නම් කන්ද ආශ්‍රය කරගෙන වැඩ ඉන්නවා කියල ග්‍රීකයන් විශ්වාස කරනවා.


අකුණ, රාජාලියා, ඕක් ගස  සියුස් දෙවියන්ට සම්බන්ධ පුජනිය වස්තු විදියට සලකනවා. සියුස් දෙවියන්ගේ පිළිම හා චිත්‍ර හැම එකකම වගේ අතින් අකුණක් (thunderbolt) දරාගැනීමක් නිරූපණය කරලා තියෙනවා.



සියුස් දෙවියන් සියලුම ජ්‍යෙෂ්ඨ දෙවිවරුන්ගේ පියා විදියට සලකනවා. සියුස් දෙවියන් හා අනෙක් දෙවියන් නිතර ටයිටන්ස් වරු එක්ක යුද්ධ කරපු බවත් ඒ යුද්ධ වලින් ටයිටන්ස් වරු පරාජය උනාම ටාර්ටරුස් නම් ගැඹුරු පාතාල සිරගෙයට දැමුවා කියල ග්‍රීක දේව පුරාණයේ සඳහන් වෙනවා. මෙතනදී ටයිටන්ස් වරු කියල හඳුන්වල තියෙන්නේ අසුරයන්ව. සියුස් දෙවියන්ට සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ පාතාල ලෝකයට අධිපති හෙඩිස්(නිරය පාලනය කරන යම දෙවියන්) හා මුහුදට අධිපති පොසයිඩන්.



සියුස් දෙවියන් වෙනුවෙන් තැනුණු දේවාල ගොඩක් ග්‍රීසියේ තවමත් තියෙනවා













සියුස් දෙවියන්ට සම්බන්ධ ප්ර්සියුස් , හර්කියුලිස්, පර්සි ජැක්සන් වගේ කතා ඇත්ත සිදුවීම් පදනම් වෙලා ගොඩනැගුනු කතා. දෙවියන් මනුෂ්‍යයන් එක්ක සංවාසයේ යෙදීල දරුවන් ලැබුනාම එයාලව Demigods ,අර්ධ දෙවියන් කියල හදුන්වල  තියෙනවා.  පිළිගන්න අමාරු උනත් මේ වගේ සත්‍ය සිදුවීම් සිද්දවෙලා තියෙනවා. දෙවියන් මනුෂ්‍ය ශරීර මවාගෙන ඇවිත් මිනිසුන් එක්ක සංවාසයේ යෙදීම් සිද්දවෙලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම වගේ කළලයට ඇතුළු වෙන්නේ අදාළ දෙවියන් යටතේ ඉන්න දෙවි කෙනෙක්ම විතරයි. ඒකට  හේතුව දෙවියන්ගේ ශක්තිය දරාගන්න පුළුවන් දෙවි කෙනෙකුටම විතරක් නිසා. අර්ධ දෙවිවරුන්ට විවිද බල ලැබෙන්නේ මේ නිසා. මේ වෙනකොට ලෝකේ ඒ වගේ අර්ධ දෙවිවරුන් නෑ.



                                                                          ටීනියා

                                  ඉතාලිය ආශ්‍රිතව තිබුණු ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයකට අයත් මිනිසුන් ඇදහු දේව මණ්ඩලය අතරින් ටිනියා දෙවියන් අහසට හා අකුණට අධිපති දෙවියන්. ඔවුන් අදහපු දෙවියන් අතරින් අකුණ (thunderbolt)  දමා ගසන්න පුළුවන් දෙවියන් නව දෙනෙකු වන්දනා කරලා තියෙනවා. ඒ අතරින් බලවත්ම දෙවියන් ටීනියා දෙවියන්. මේ දෙවියන්ටත් සම්බන්ධ සතා රාජාලියා.



                                                                              ජුපිටර්


                                                 ආදී රෝමානු ආගමේ සඳහන් වෙන ජුපිටර් දෙවියන් අහසට හා අකුණු ඇති කිරීමට අධිපති දිව්‍යලෝකේ රජු වන දෙවියන්. සියුස් දෙවියන්ට වගේ ජුපිටර් දෙවියන්ටත් නෙප්චුන් හා ප්ලුටෝ කියල සහෝදරයන් දෙදෙනෙක්  ඉන්නවා. මේ දෙවියන්ට අදාළ සත්වයාත් රාජාලියා. ඒ වගේම මේ දෙවියන්ට අදාළ පුජනිය ගස ඕක් ගස. රෝමයේ පැරණි නගරයක්  වෙන citadel නගරයේ පිහිට තිබෙන Capitoline කන්ද ජුපිටර් දෙවියන්ගේ වාසස්ථානයක් විදියට පිලිගන්නවා.  මුලදී මේ කන්ද saturn දෙවියන්ට කැප කරපු ස්ථානයක්. පස්සේ කාලේදී රෝමයේ ඉතාම වැදගත් දෙවොල වන ජුපිටර් දෙවියන්ගේ දෙවොල "Temple of Jupiter Optimus Maximus"  ඉදි කිරීමත් එක්ක capitoline කන්ද ජුපිටර් දෙවියන්ගේ පුජා භූමියක් වෙනවා.  අන්‍යාගමිකයන් මේ දේවාලය අවස්ථා 4කදි ගිනි තබල තියෙන නිසා මේ වනවිට ඒ දේවාලයේ නටඹුන් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.






                                                                             තෝර්
                                                       උතුරු ජර්මානු දේව කතා වල  සඳහන් වෙන තෝර් දෙවියන් අකුණු ගැසීම, වැසි හා කුණාටු ඇතිකිරීම හා ඕක්  ගසට අධිපති දෙවියන්. odin නම් දෙව්ලොව නායක දෙවියන්ගේ පුතා වන තෝර් දෙවියන්ට loki කියල සහෝදරයෙක් ඉන්නවා. තෝර් දෙවියන් ඇදහීම ප්‍රචලිත උනේ වයිකින්ග්ස් අවදියේදී. තෝර් දෙවියන්ගේ ආයුධය වන අකුණු ඇති කළ හැකි මියෝල්නෙයර් (Mjolnir ) නම් මිටිය සහිත ලාංචන වයිකින්ස් වරු නිතර පැළඳගෙන ඉදල තියෙනවා.
   ඉංග්‍රීසි භාෂාවෙන් දින නම් කරද්දී බ්‍රහස්පතින්දා දිනය Thursday නම ඇතිවෙලා තියෙන්නේ Thor's day කියන යෙදුම පරිනාමය වෙලා. තෝර් දෙවියන්ගේ පියා ඔඩින්. තෝර් දෙවියන් සතු බලසම්පන්න ආයුධ වෙන්නේ මියෝල්නියර් මිටිය හා megingjoro නම් බඳ පටිය හා reiper නම් යකඩ අත්වැසුම් යුවල. ඉන්ද්‍ර දෙවියන් විශාල සර්ප වේශයක් තියෙන අසුරයෙක් එක්ක යුද්ධ කරපු කතාවට සමාන කතාවක් තෝර්  සම්බන්ධවත් තියෙනවා.  උතුරු ජර්මානු දේව කතාවලට සම්බන්ධ Ragnarok නම් අනාගත සිදුවීම් අනාවැකියේ සඳහන් වෙන විදියට තෝර් විශාල සර්පයෙක් එක්ක කරන යුද්ධයකදී සර්පයාව මරා දමනවා ඒත් සර්ප විෂ  සරිරගත වෙන නිසා පියවර කීපයක් යන්න කලින් තෝර් දෙවියනුත් මරණයට පත්වෙනවා.
වයිකින්ස්වරු "ස්වස්තික ලකුණ" තෝර් දෙවියන්ගේ මිටිය සංකේතවත් කරන්න භාවිතා කරලා තියෙනවා. මේ ආභාෂය  නිසා තමයි හිට්ලර් තමන්ගේ නාසි හමුදාවේ සංකේතයක් විදියට ස්වස්තික ලකුණ යොදාගෙන තියෙන්නේ.


අමුන්/ අමුන් රා


















ඊජිප්තුවේ දෙවිවරු අතර අමුන් දෙවියන් විදියට හදුන්වන්නේ සක්‍ර දෙවියන්ව. ඊජිප්තු දේව සටහන් වලට අනුව අමුන් තමයි දෙවිවරුන්ගේ රජතුමා. අමුන් රා දෙවියන් ඊජිප්තු සටහන් වල වැඩියෙන්ම විස්තර සඳහන් වන දෙවි වරු කිහිප දෙනාගෙන් එක් දෙවිකෙනෙක්.




                                            අමුන් දෙවියන් වෙනුවෙන් තනවපු දේවාලයක්



අනු
ආදී කල්පික සුමේරියානු ශිෂ්ඨාචාරයේ මිනිසුන් අදහපු දෙවිවරු අතර අහසට අධිපති හා දිව්‍ය ලෝකයේ නායක දෙවියන් "අනු" දෙවියන් කියලා කියන්නේ. අනු දෙවියන් යක්ෂයන් හා ආත්මයන් වල ස්වාමියා ලෙසත් තාරකා බිහි කිරීමේ හැකියාව ඇති දෙවියන් විදියටත් සුමේරියානු දේව කතා වල සඳහන් වෙනවා. මේ දෙවියන්ගේ ආයුධය ගැන වැඩි විස්තර නැති උනත් වජ්‍රයට සමාන රුපයක් අනු දෙවියන් සිතුවම් කළ කැටයම් වල තියෙනවා.











                                                                           වජ්‍රපානි



                                                වජ්‍රයාන බුදුදහමේ සඳහන් වෙන වජ්‍රපානි  හෙවත් වජ්‍රසත්ව බෝධිසත්වයන්  සක්‍ර දෙවියන් කියල හඳුන්වනවා. වජ්‍රසත්ව බෝධිසත්වයන් සුදු ඇතෙකු පිට ගමන් කරන දකුණතින් වජ්‍රය දරාගෙන සිටින දෙව්ලොවට  අධිපති බෝධිසත්ව දෙවි කෙනෙක්.

වජ්‍රසත්ව දෙවියන්ගේ මුලිකම කාර්යය උනේ ගෞතම බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව ලබා දීම.   මේ දෙවියන් සියලු යක්ෂයන්ට අධිපති දෙවියන් කියල හඳුන්වනවා. මහායාන ග්‍රන්ථ වල සඳහන් වෙන විදියට සිද්ධාර්ථ කුමාරයාට ගිහි ගෙය හැරයාමට උදවු කළ චන්න ඇමති වජ්‍රපානි දෙවියන් බවට පත් උනා කියල මතයක් තියෙනවා.

**සක්‍ර දෙවියන්ව චීන ග්‍රන්ථ වල ඩිශිච්යෑන්  විදියටත් ජපන් ග්‍රන්ථ වල ටයිශකුටෙන් කියලත් හඳුන්වනවා.







                                              මේ වගේ ප්‍රධාන ඇදහීම් වලට අමතරව ෆින්ලන්තයේ දෙවියන් පිලිබඳ කතා වල සඳහන් වෙන "Ukko" නම් දෙවිවරයාත්, ඉන්දු යුරෝපියානු මිනිසුන් අදහන දේව මණ්ඩලයේ නායක  දෙවියන් වෙන Perun නම් දෙවියාත් අහසට හා අකුණු ගැසීමට   අධිපති දිව්‍යලෝකයේ නායක දෙවියන් විදියට ඒ ප්‍රදේශ වල මිනිස්සු අදහනවා.

                                               මේ විදියට ලෝකයේ සියලුම ප්‍රදේශ වල මිනිස්සු සක්‍ර දෙවියන් ඇදහීම සිදු කරලා තියෙනවා. ආගම් වල බලපෑමෙන් ඒ ඇදහීම යටගිහින් තියෙනවා. ඉතා ඈත ශිෂ්ඨාචාර වල වගේම මෑත ඉතිහාසයේ සිදුකෙරුණු සක්‍ර දේව ඇදහීම් වල සක්‍ර දෙවියන්ගේ ලක්ෂණ ගොඩක් එක සමානයි. මේකට හේතුව සක්‍ර දෙවියන් මිනිස්සුන්ට පිහිට වීම හා මිනිස් ලෝකේ විවද දේවල් පාලනය කරන්න මැදිහත් වීම නිසා මිනිසුන්ට සක්‍ර දෙවියන් පිළිබඳව තොරතුරු නිතර දැනගන්න ලැබීමයි.

                                                   සක්විති රජ කෙනෙක් ලෝකය පාලනය කරන කාලයේදී සක්‍ර දෙවියන් මනුස්ස ලෝකයේ දේවල් වලට බලපෑම් කරන්නේ නෑ. පින අනුව චක්‍රවර්ති රජ කෙනෙක් නොවුනත් බලය අනුව චක්‍රවර්ති රජකෙනෙකුට වඩා බලසම්පන්න රාවනා රජු ඉන්න කාලේ සක්‍ර දෙවියන් මනුස්ස ලෝකයේ දේවල් පාලනය කරන්න ආවේත් නෑ. එත් රාවනා ඍෂි වරුන්ගේ යාග වලට බාධා කලාම ඍෂිවරු ගිහින් ඒ කාලේ සක්‍ර දේව තනතුරේ ඉදපු විෂ්ණු දෙවියන්ට රාවනා ගැන පැමිණිලි කළා. රාවණා අපි ඉන්න මනුස්ස ලෝකයට වගේම විශ්වයේ වෙනත් මිනිස් ලෝක වලටත් අතිවිශාල සේවයක් කල කෙනෙක් උනත් තමන්ට තියෙන අසීමිත බලයෙන් මත් වෙලා අයහපත් දේවල් ගොඩක් කළා. දෙවියන් හා ඍෂිවරුන් රාවණාට අවවාද කලත් රාවණා තමන් කරන වැරදි හදාගත්තේ නෑ. මේ නිසා තමයි විෂ්ණු දෙවියන් රාම අවතාරය විදියට මිනිස් ලෝකේ ඉපදුනේ.

                                                   චක්‍රවර්ති රජ කෙනෙක් නැති කාල වලදී මනුස්ස ලෝකය පාලනය කරන්නෙ සක්‍ර දෙවියන් .පේන්න ආවේ නැති උනාට නොපෙනෙන්න විවිද බලපෑම් කරනවා. ගෙදරක ඉන්න අමනුෂ්‍යයෙක්ට උනත් ගෙදර මිනිස්සු අතර තරහ සැක ඇති කරලා ප්‍රශ්න ඇතිකරන්න පුළුවන් ආවේස වීමක් නැතුව හිතට බලපෑම් කරලා. මේ වගේ දහස් ගුණයක බලපෑමක් ඇතිකරලා දෙවියන්ට පුළුවන් රටක සිදුවන දේවල් පාලනය කරන්න. මිනිස්සුන්ට විවිද දේශපාලකයන්ට කැමැත්ත ඇතිකිරීම්,  නැතිකිරීම් , හොර මැරකම් එළිදරව් වෙන්න සලස්වීම් වගේ මිනිස්සු නොහිතන ගොඩක් දේවල් දෙවියන්ට කරන්න පුළුවන්. මේක දැනගෙන ඉදපු නිසා තමයි හිටපු ජනපති අතේ නිතර වජ්‍රයක් තියාගන්න ඇත්තේ. මිනිස්සු ඒකට කිව්වේ වශී බොලේ කියල.


එතුමා මේක භාවිතා කලේ සර්ව ජන වශියක් විදියට හා ලෝකය පාලනය කරන සක්‍ර දෙවියන්ගේ ආකර්ෂණය ලබාගැනීම සඳහා කියල මම හිතනවා. (මා මහින්දවාදියෙක් නොවේ!)  වජ්රය අනිත් සුර වගේ නොපෙනෙන්න තියාගන්නේ නැති එක විශේෂත්වයක්. වජ්රය මිනිස්සුන්ගේ ඇස් වලට පෙනෙන්න තියාගන්නේ ඇස් හරහා වජ්රයෙන් ශක්තියක් ඇතුල් වෙලා බලපෑමක් සිද්දවෙන නිසා.




වජ්රය ගැන මුලින්ම ලිඛිත සඳහනක් තියෙන්නේ ඍජ්වේදයේ. ඉන්ද්‍ර දෙවියන් විසින් ව්රිතා නම් අසුරේන්ද්‍රයා මරා දැමීමට වජ්‍රය භාවිතා කල කතා පුවත් වේද ග්‍රන්ථ වල සඳහන් වෙනවා. ඉන්ද්‍ර හෙවත් දේවේන්ද්‍ර දෙවියන්ව වජ්‍රහීත් (වජ්‍රය දරන්නා) , වජිරන් ( වජ්රයෙන් සන්නද්ද), වජ්‍රබාහු වගේ නම් කීපයකින් හදුන්වනවා.

සක්‍ර දෙවියන්ගේ වජ්‍රය කියන්නේ ආයුධයක්. වජ්රායුධ කියන්නේ දියමන්ති වලින් තනපු ආයුධය කියන තේරුමෙන්.  වජ්රායුධය විනිවිද පෙනෙන ආයුධයක්. මේකේ විශේෂත්වය වෙන්නේ අකුණු ගැසීම සිදු කරන්න පුළුවන් වීම. අකුණු ඇතිකිරීමෙන් තමා වජ්රායුධයෙන් පහර දෙන්නේ. දිව්‍යමය ආයුධ හදනකොට ඒ ආයුධ වලට විශේෂ ශක්ති ඇතුල් කරනවා. සක්‍ර දේවත්වය ප්‍රධානය කරනකොට ශක්තියක් ලබාදෙනවා වගේ ආයුධ තනනකොට ඒ ආයුධ වලටත් qountom එකක් වගේ ශක්තියක් ඇතුල් කරනවා. මේ ශක්තියට අනුරුපක ශක්තියක් ආයුධය දරන කෙනාටත් ලබා දෙනවා. එමගිනුයි ආයුධය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. වජ්‍රායුධයේ ඇති ශක්තිය නිසා එය දකින්න පුළුවන් සක්‍ර දෙවියන්ට විතරයි. වෙනත් දෙවි කෙනෙකුට හෝ බ්‍රහ්මයෙකුට වජ්‍රායුධය පෙනෙන්නේ නෑ. සක්‍ර දෙවියන් අතේ දරන්නේ නැති වෙලාවට වජ්‍රායුධය තැන්පත් කරලා තියෙන්නේ සුධර්මා දේව සභාවේ තියෙන සක්‍ර දෙවියන්ගේ පඬුපුල් ආසනයේ දකුණු පැත්තේ. දේව සභාව තියෙන වෙලාවට සතර වරම් දෙවියන් සතර පැත්තෙන් ආසනය ආරක්ෂා කරමිනුයි ඉන්නේ. අනිත් වෙලාවට දෙවියන් ළඟ නැති උනත් දිවැසින් පෙනෙන්න සල්ස්වාගෙනයි ඉන්නේ. ඒ නිසා දෙවි කෙනෙකුටවත් එතනට ලං වෙන්න හැකියාවක් නෑ. ඇත්ත වජ්රායුධයට බොහෝ දුරට සමානයි මේ වජ්‍ර දෙක



මෑත කාලේ බිහි උන  "Hercules" "Percy jackson" "Thor" වගේ චිත්‍රපටි වල සක්‍ර දෙවියන්ගේ විවිද අවතාර ගැන තරමක් සත්‍ය තොරතුරු අඩංගු වෙනවා. සත්‍ය තොරතුරු අඩු උනත් දේව කතා නිර්මානාත්මකව ඒවායෙන් ඉදිරිපත් කරලා තියෙනවා.






ලංකාවේ සක්‍ර දෙවියන් ඇදහීම සිදු නොවුනත් ටිබෙටය තායිලන්තය වගේ බෞද්ධ රටවල හැමෝම වගේ සක්‍ර දෙවියන් අදහනවා.

                                                           සක්‍ර දෙවි රූප සහිත මුද්දර



තායිලන්තයේ බැංකොක් අගනුවර තියෙන එරාවන් කෞතුකාගාරයේ ඉදි කර තියෙන සක්‍ර දෙවියන්ගේ ඓරාවත (එරාවන්) හස්තියා නිරූපණය කරන පිළිමය
 


නේපාලයේ කත්මන්ඩු නගරයේ තිබෙන ස්වයන්භුනාත් පන්සලේ නිර්මාණය කර ඇති විශාල වජ්‍රය.


                                               "අහසේ දෙවියෝ නෑ" "දෙවියන්ට මේවා පේන්නේ නැද්ද" කියල අවලාද කලාට දෙවියෝ මිනිස්සු දිහා බලන්නේ නෑ. මිනිස් ලෝකේ දේවල් පාලනය කිරීම දෙවියන්ගේ වගකීමක් නෙවෙයි. මිනිසුන්ට පාලනය කරගන්න බැරි වෙන අවස්ථා වල මැදිහත් වීමක් සිදුකරනවා මිසක් දෙවියන් මත වගකීමක් පැටවෙලා නෑ මිනිසුන්ට උදවු කළ යුතුයි කියලා. ඒත් මිනිස්සු පින් අනුමෝදම් කරලා දෙවියන් වන්දනා කරලා දෙවියන්ගෙන් යමක් ඉල්ලනවානම් දෙවියන් ඒ දේ ඉෂ්ඨ කරලා දෙනවා. "දෙවියන් මෙසේ කරත්වා එසේ කරත්වා" වගේ ප්‍රාර්ථනා කලාට වැඩක් නෑ. "දෙවියනි මේ දේ ඉෂ්ඨ කර දෙන්න" කියල ඉල්ලීමක් කලොත් තමයි දෙවියන් ඉල්ලීමට ප්‍රතිචාර කරන්නේ. ලංකාවේ ගොඩක් ඉන්නේ දෙවියන් මේවා කරලා දිය යුතුයි කියල හිතාගෙන ඉන්න අය. ඒ වගේම සිල්වතුන්ට ගුණවතුන්ට දෙවියන් වන්දනා කරනවා කියලා ධර්මයේ සඳහන් වෙන නිසා දෙවියන් තමන්ට වන්දනා කරනවා ඇති කියල හිතාගෙන අය. දෙවියන් බවට පත්වෙලා ඉන්නෙත් මිනිස් භවයන් වලදී ඉතා ගුණවත්ව සිල්වත්ව ඉදිමින් ධ්‍යාන වඩපු විදර්ශනා වඩපු පුද්ගලයන්. ඒ වගේ උතුම් ගුණවත් පුද්ගලයන් දවස් දෙක තුනක් සිල් රැක්ක පමණින් මිනිස්සුන්ට වන්දනා කරන්නේ නෑ. ඒත් ස්ථිර සීලයක පිහිටලා ඉන්න ඒ වගේම ගුණවත් කමෙන් යුක්ත මිනිසුන්ට සක්‍ර දෙවියනුත් වන්දනා කරනවා කියල බුදුරජාණන් වහන්සේ හමුවේ සක්‍ර දෙවියන් ප්‍රකාශ කරපු අවස්ථා ධර්මයේ තියෙනවා. ඒත් තමන්ට දෙවියන් වන්දනා කරනවා ඇති කියල හිතන් ඉන්න බහුතරය ඒ වගේ අයනම් නෙවෙයි. ලංකාවේ මිනිස්සු ආණ්ඩු වලට පොල් ගහ ගහ ඉන්න වෙලේ සක්‍ර දෙවියන් වන්දනා කරලා පින් අනුමෝදම් කරලා අපිට ධාර්මික පාලකයෙක් ලබාදෙන්න, අපේ රටට යහපතක් සිද්ද කරලා දෙන්න කියල ඉල්ලුවානම් සක්‍ර දෙවියන් ඒකට ප්‍රතිචාර දක්වන්න තිබුනා.

****මිනිසුන් ඇති උන මුල් කාලයේ ඉදන් මේ වෙනකන්ම සක්‍ර දේවේන්ද්‍රයන් මිනිස් ලෝකයට විවිද බලපෑම් කරන්න අවශ්‍ය කාලයට බලපෑම් කරනවා. අව්ව වැස්ස වගේ ස්වභාවික බලපෑම් වගේම රටේ පාලනය තීරණය කිරීම වගේ බලපෑමුත් සිදුකරනවා. සිද්ධාර්ථ කුමාරයා විවාහ වෙන වෙලාවේ අතට පැන්  වත්කරන්නේ සක්‍ර දෙවියන්. සක්‍ර දෙවියන්ගේ මහා බලගතු ජයතුරා සංඛයෙන් තමා පැන් වත්කරලා තියෙන්නේ. රුවන්මැලි සෑය ඉදිකරන  අවස්ථාවේ සක්‍ර දෙවියන් රුවන්මැලි සෑය ඉදිකරවීමට විශ්වකර්ම දිව්‍යපුත්‍රයා දුටුගැමුණු රජතුමා හමුවීමට එවනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා දළඳා වහන්සේ වැඩම කරවූ අවස්ථා වල සක්‍ර දෙවියන් සතර වරම් දෙවියන් එක්ක ඇවිත් ආරක්ෂාව සලසලා තියෙනවා. ද්‍රෝණ බ්‍රාහ්මණයා ධාතුන් බෙදන අවස්ථාවේ රජවරුන්ට නොපෙනෙන්න ඔලුවේ හන්ගගත්ත දකුණු දළඳා වහන්සේ සක්‍ර දෙවියන් ද්‍රෝණ බ්‍රාහ්මණයාට නොදැනෙන විදියට රැගෙන ගිහින් දිවයලෝකයේ තැන්පත් කරලා තියෙනවා. මේ කාලයේත් නිසි පරිදි පුජාවන් නොකරන ස්ථාන වල තැන්පත් ධාතුන් වහන්සේලා දේවේන්ද්‍ර අණින් දෙවිවරු පුජා ලබන ස්ථාන වලට ගෙනියනවා.  පාලකයන්ගේ හා මිනිසුන්ගේ අයහපත් ක්‍රියා හා නිසි පිළිවෙත් පුජා නැතිකම නිසා නුදුරු අනාගතයේදී දළඳා වහන්සේ ලංකාවට අහිමි වෙන්න ලොකු ඉඩක් තියෙනවා. සක්‍ර දෙවියන් දළඳා වහන්සේ සිළුමිණි සෑයේ තැන්පත් කරන්න ඉඩ තියෙනවා. දළඳා තේවාවට සම්බන්ධ අය මේ කාරණේ ගැන සැලකිල්ලෙන් ඉන්නවනම් හොදයි.

                                     මිනිසුන් සක්‍ර දෙවියන් වන්දනා කරමින් හෝ සක්‍ර දෙවියන්ට පින් අනුමෝදම් කරමින් සක්‍ර දෙවියන්ගෙන් යමක් ඉල්ලනවානම් සුදුසු පුද්ගලයාට සක්‍ර දෙවියන් ඒ දේ ලබාදෙනවා. මනුස්ස ලෝකයේ විවිද විශේෂ අවස්ථා වලදී සක්‍ර දෙවියන් දේව වේශයෙන් හෝ මනුස්ස වේශයෙන් මනුස්ස ලෝකයට එනවා. රාවණා සිදුකරන අයහපත් ක්‍රියා නවත්තන්න රාමා වේශයෙන් විෂ්ණු දෙවියන් මිනිස් උපතක් ලබාගත්තා වගේම 2016 අවුරුද්දේ රාවණා සිහිමුර්ජාවෙන් මිදිලා නැවත අවදි වීම නිසා සිදුවන බලපෑම් යාමනය කරන්න මේ කාලයේ සක්‍ර දෙවියන් විදියට ඉන්න දෙවියනුත් මිනිස් ලෝකයේ ඉපදුනා. මේ වෙනකොට සක්‍ර දෙවියන් ලංකාවේ ඉපදිලා ඉන්නවා...

50 comments:

  1. දැනුමින් පිරුණු ලිපියක්! ලිපියේ තිබෙන කරුණු ගොඩක් මම පළමු වරට දැනගත්තේ අද තමයි! නමුත් පොඩි ප්‍රශ්න ටිකක් ඇති වුණා:
    1. සක්‍ර දෙවියන් මෙලොව උපත ලබා තිබෙනවානම් දැන් සක්‍ර දෙවි තනතුර දරන්නේ කවුද?
    2. ලංකාවේ ඉපදුන සක්‍ර දෙවියන්ගේ කාර්යය කුමක්ද?
    3. දිවය ලෝක වල මනුෂ්‍ය ලෝකයේ ද්‍රව්‍ය තැන්පත් කරන කොට ඒවායේ ස්වභාවය වෙනස් කරනවාද?
    4. රවණා සිහිමුර්චාවෙන් මිදුනා කියන්නේ රවණා දැන් ජීවත් වෙනවාද? එහි බලපෑම කුමක්ද?
    බුදු සරණයි! දෙවි පිහිටයි!

    ReplyDelete
    Replies
    1. 1 මෙලොව ඉපදුනු දෙවියන්ම තමා දැන් සක්‍ර පදවියේ ඉන්නේ. ශරීරය මනුස්ස උනාට හිත දේවත්වයේ.
      2 ඒක මම සදහන් කළා
      3 නෑ
      4 ඔවු රාවණා දැන් තමන්ගේ ශරීරයෙන් ජිවත් වෙනවා. විශේෂ බලපෑමක් නෑ. රාවණා නැවත ලෝකය පාලනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරනවා

      Delete
  2. රාවණා අපි ඉන්න මනුස්ස ලෝකෙට වගේම වෙනත් මනුස්ස ලෝක වලටත් කියා තිබෙනවා. වෙනත් මනුස්ස ලෝක මොනවාද?

    ReplyDelete
    Replies
    1. වෙනත් මන්දාකිනි වල තිබෙන මනුෂ්‍යයන් ඉන්න ලෝක

      Delete
  3. awasana parichchedaya gena sehimata patviya noheka.

    ReplyDelete
  4. Bohoma hoda post ekak shakra dewiyan gana godak dewal danagatta.me wagema shiva dewiyan ganath post ekak daanawanam කෘතඥ wemi.budu saranai.

    ReplyDelete
  5. දැනට ඉන්න සක්‍ර දෙවියන් ගෙන් පස්සෙ ඒ තනතුර බලාපොරොත්තු වෙන කෙනා ටෙස්ට් එකෙන් ෆේල් ද
    ඔබට මේ තොරතුරු ලැබුනෙ කෙසේද
    සක්‍ර තනතුර දැරූ විශ්නු ට තනතුර අහිමි වුනේ කෙසේද
    සක්‍ර යනු ඩේරියස් රජුය. අසුරයන් යනු ඇසිරියන් වරුන්ට කී නමකි. යක්ෂ නාග දේව ගෝත්‍රිකයන් අමනුෂ්‍යයන් ලෙස සාහිත්‍ය පොත් වල තිබෙන ලෙසින්ම මේ කතා ද එසේය.

    ReplyDelete
  6. Agana lipiyak !!! (Y)
    Enamuth maa hata yam prashna kihipayak thibenawa.
    1. Man dannawa me blog eka adhimanasika, paara bauthika deval pilibandawa blog ekak kiyala. Namut danagannata kamtiy Mema karunu kumak muulashrayan karagena sandahan karannakda kiyla? Veda grantha, Baudda pothapatha ganath sandahan wenwa.. eeta amatarawa karunu (eg : lankwe sakra deviyan ipadi sitinwa aadiya..) kumana ayuren labagat devalda ?

    2. Atham karunu buddha bhashithayen pita hindu aagamata bara deval neda?
    Bauddayeku lesa mevani karunu hindu aagamika pasubimak thulin 100% satyak lesa dakimata yama ketharam durata nivaradi kriyawkda?

    ReplyDelete
    Replies
    1. 1. දෙවියන් සමග තියෙන සබදතා මගින්
      2. හින්දු දේව කතා මිසක් බෞද්ධ ධර්මයට පටහැනි කිසිවක් නෑ නේද?

      Delete
  7. බොහොම හොඳ post එකක්.ශිව දෙවියන් ගැනත් ලියනව nam කෘතඥ වෙමි.

    ReplyDelete
  8. Hoda post ekak godak dewal danagatta.budu saranai!

    ReplyDelete
  9. ravana asurayek da ? sakvithi raja kenek da ?

    ReplyDelete
  10. ravana asurayek da ? sakvithi raja kenek da ?

    ReplyDelete
    Replies
    1. රාවණා මනුෂ්‍යත්වය ඉක්මවා ගිය මනුෂ්‍යයෙක්

      Delete
  11. කවුද ඒ?
    තාම ඉන්නවද?
    ඔබ දැක තිබෙද?

    ReplyDelete
  12. 1. Sakra deviyan Lankawe koheda ipadila inne? Mona pradeshayeda? 2. Rawana 2016 sihimurjawen awadi unanam dan koheda inne?

    ReplyDelete
    Replies
    1. 1 ඒ තොරතුරු පසුකාලීනව දැනගන්න ලැබෙයි. ප්‍රසිද්ද චරිතයක්නම් නෙවෙයි.
      2. හිමාලයේ

      Delete
    2. Oba rawana Himalaye innawa kiya keseda danagaththe?

      Delete
  13. මහා බ්‍රක්මතාඋන් වහන්සේගනත් article එකක් කරන්න මහත්මයා .එතුමන් ගැනත් දැනගන්න කැමති .මේ article එකෙනුත් ගොඩක් දේවල් ඉගනගත්ත .මහත්මයට ගොඩක් පින් මේ දේවල් අපිට කියනවට .

    ReplyDelete
    Replies
    1. පොස්ට් එකක් ලියන්නම්

      Delete
    2. ඔබතුමාට පින් දැනුම දුන්නට. දට දැනගන්න ඔිනි විෂ්ණු ෙදවියන්ට පහන තැබීෙමන් අපෙග් ගැටළු වලට සහනයක් ලබාගත හැකිද?

      Delete
    3. onama devi kenekuta pahana thabimen jivithe prasna walata sahanayak labenawa. hebei pahana tiyana eka hariyata danagena hariyata karanna oni piliwet hariyata karala. nettan wenne jivite winasa wena eka

      Delete
    4. Godak pin upadeseta. mama dan pahana thyanne buduntai Vishnu deviyantai.Ratai, udetai thami pahana thiyanne. mama mas samaniyen kanne naha. habai mage duwala 3denata denawa.egollo podi.(2,4,6yrs.) malu karawal samahara welawata kanawa.mama karanneeya mettha, rathana,oya kewwa arakshaka gatha(amanussa dosha walata) mama rata kiyanawa. udeta wela adui.ammaleda wela bbata walin kawanne gemak dela jeewath karaganne.mata prasna godai.mama narakak karanne naha.Gana deviyo ganath danaganna kamathi. Pujawal denakota god ganesta issellama denna oni kiyala deva niyamak thiyana kiyanne aththada? danaganna kamathi. mama budun thamai 1denne. Vishnu devanta pahana rata udeta thiyanawa kamak nadda. budu pana lagin Vishnu rupayak thiyala. karawala malu idala hitala mata kawenawa. kamak nadda? Visnu deviyanta pahana thiyanne kohamada? gedara wife , lamai mas malu kawata pahana thabeemedi prasnayak weida. pahada denna godak pin. prssne diga unata samawenna.obathumata theruwan saranai.

      Delete
    5. Gana deviyanta mulima denna oni kiyla dewa niyama ne.
      Pahana tyana eka gena mama post ekak dannan

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. YOGITHUMANI,THEWANI ASA WIWARA KARAGANEEMATA LAW OF ATTRACTION BAWITHA KARANNA BARIDA?

    ReplyDelete
  16. මුස්ලිම් ආගමේ අල්ලාහ් දෙවියන් යනු කුමන දෙවියන්ද?

    ReplyDelete
  17. yogithumani obathuma ape comment walata pilithuru sapayanne nadda?

    ReplyDelete
    Replies
    1. coment penenne nethuwwa thibbe unpublish wela. dan tamai eka haduwe

      Delete
  18. oba thumawa sambanda kara ganeemata hakida? my e mail sasimal1984@gmail.com

    ReplyDelete
    Replies
    1. kundalini yoga srilanka facebook page ekata msg karanna

      Delete
  19. thanx reply kalata. deviyanta pahana thiyanakota nirmansa wenna onida? mama danata Vishnu deviyanta thiyanawa ude ra. pirith maha mangala, karneeya, rathana, mora, siri sambodhi, atwisi, oyage post eke thibba arashaka gstha rata kiyanawa. udetra budunta, vishnuta jaya sirimaha bodhiyata pahana thiyanawa.vishnuta thiyanakota පාරමි දම් පුරා මතු බුදු බව පතන,නාරන දෙවි තුමනි යුතුවන ගුණ ණුවන,භු ගහ දොස සමග බාධක පිස තොසින,අප හට දිවි රැකුම ලැබ දෙනු මැන මෙතින 7 parak kiyala awasanayata sabba papassa 7parak kiyanawa.thawa maha lakmita ashtaka 3parak dala malthiyanna mama dan oya kiyapu widiyata kranna yanawa pahan thiyanne naha. mama pahan thiyana kota 11-12 wenawa.kamak nadda? mata oni deviyangen upkarayak laukika jeevithyata ganna. hamavitama buddhanusathiya wadanna balanawa. 1ka budu gunayak namo ahan namo arahan kiyala sithin menehi karanawa. parusawacha, samprapalapa, michajeewa ekka pansil hamvitama rakinna balanawa. mata samadi thathwayakata nam awe naha thama. mama oyage post saha prshnawalata deela thiyana replys balanawa. ewa godak jeevitheta vadagath.yogithumata evata godak pin.


    .

    ReplyDelete
    Replies
    1. Mage prasnawalata reply thibbe naha. Ketiyen hari mawa nivaradi karanna.

      Delete
    2. deviyanta pahanak thiyanna oni vidiya gena wenama post ekak dannan mama

      Delete
    3. Obathumage post eke thibba vidiyata Ashtaka play karala (3parak)suwada dum, mal, pahanak thiyanawa. eke lashimi deviayanta pahanak thibbata kamak naha kiyala thibba. podak pahadilikaranna. Ashtaka walin passe Gayathri manthra (samall chanting 4 lines) play kalata kamak nadda?

      Delete
  20. Yogithumani, giya athmayedi brahmayekuwa ipada siteema me athmayedi ikmanin saha pahasuwen Dyana labimatath giya athmayedi dewiyekuwa ipada siteema me athmayedi ikmanin saha pahasuwen 3rd eye open karaganimatath hethu weda? Deergayu weewaa!!!

    ReplyDelete
    Replies
    1. aniwaryen ehema wenne ne. samaharawita wenna puluwan

      Delete
  21. yogithumani,sowan uu ayekuta 3rd eye open karaganimata adahasak athiwiya nohakida? thawada kundaliniya awadi karagena sitina ayek sowan uwahoth ohu kundaliniya wadima athahara ethan patan aarya ashtaangika maargaye shakthimathwa gaman karanawada?

    ReplyDelete
    Replies
    1. eka pudgalayage hetyata wenas wenawa. wennat puluwan nowennat puluwan

      Delete
  22. e kiyanne yogithumani kundaliniya kisima widiyakin niwanata badawak newei kiyana eka neda? atham pragnawanthayan kundalaniya daraminma niwan pasak karanawa kiyana kaaranaya neda?

    ReplyDelete
  23. yogithumani, bagawath geethawe krishna arjuna sanwadayedi vishnu dewiyan, "mama amraneeya wemi,lokaye arambayath awasanayath mama wemi" aadi washayen pawasu bawa sadahan wenawa neda?eya wiya nohaki deyak neda? lowa kisima ayeku amaraneeya naa neda?

    ReplyDelete
  24. යෝගී තුමණි . අද තමයි කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ කියවන්න . ජුපිටර් ලර්නස් එක එතකොට සක්‍රයාගේ බිස්නස් එකක්ද ?

    ReplyDelete
  25. යෝගිතුමනි
    1. මන් අසා තිබෙනවා මහේශාක්‍ය දෙවිවරු මනුෂයන් අසළට නොපැමිණ බව. එය සත්‍යක්ද ?
    2. සක්‍ර දෙවියන් පැමිණ ඇත්තේ මවාගත් ශරීරයකින්ද , මවුකුසෙන් බිහිවූ සාමාන්‍ය මනුෂයෙක් ලෙසද ?
    3. මෙසේ සක්‍ර දෙවියන් ලංකාවේ ඉපදී සිටිනවනන් ලංකාවේ අනාගතය ගැන ඉතාමත් සුබවාදී විය හැකි නේද ?
    නුදුරු අනාගතයේ මුළු ලෝකයේම විශාල වෙනසක් විය යුතුයි නේද. කුමන ආකාරයෙන් එය සිදුවේද?

    ReplyDelete
    Replies
    1. 1.samanya minissu lagata enne ne. vishesa aya lagata enawa
      2. samanya manusya swabawayakin
      3. eka tiranaya wenne minissunge hesirima matha

      Delete